මුහුණු පොතෙන්

ජවිපෙට කිසිදාක ඡන්දයක් නොදිය යුත්තේ ඇයිදැයි මිනිස්සුන්ට දැන් පැහැදිලි වෙන්න ඕන. මෙන්න මේ ජවිපෙට සම්බන්ධ ප්‍රාදේශීය නරුමයා ජනතාව උසිගන්වනවා පෙට්‍රල් නැත්නම් ඩීසල් බවුසරය බාන්න දෙන්නේ නැහැ කියල. ඩීසල් වාහන හිමිකරුවන්වත් තෙල් ටිකක් ගහගෙන පෝලිම්වලින් ඉවත් වෙනවට මොවුන් කැමති නෑ. මේ අයට ඕන පෝලිම් වැඩිවෙලා ප්‍රශ්න වැඩි කරන්න. මිනිස්සුන්ගේ කෝපය ආණ්ඩුවට එරෙහිව අවුලුවන්න.
මිට කලිනුත් තෙල් නැතුව පෝලිම් තියෙද්දී තෙල් දියව් කියලා මිනිස්සු උසි ගන්වමින් ඉදලා තෙල් නැවක් ආනයනය කරාම තෙල් බෙදාහරින්නන්ගේ සංගමය වැඩ වර්ජනයක් කරලා තෙල් බෙදාහැරීම තවත් දවසකින් දෙකකින් පමා කළා. ජවිපෙ වෘත්තීය සමිති 2000 ක් සෑම ක්ෂේත්‍රයකම ආරම්භ කලේ රට ගොඩ නගන්න උර දෙන්න දෙමෙයි වර්ජන රැල්ලක් මෙහෙයවලා සුපුරුදු කඩාකප්පල්කාරී පටු දේශපාලනය කරන්න. ඔවුන් බලයට එනකම් පවතින සෑම ආණ්ඩුවකටම කරන්නේ මේකයි. ජවිපෙට සම්බන්ධ වෘත්තීය සමිතියකින් මෙහෙයවන මේ රටේ වැඩ වර්ජනයක් නැති දවසක් නෑ. කොතන හරි ඔවුන් වැඩ වර්ජනයක් දියත් කරනවා. මහජනතාවම ප්‍රාණ ඇපයට අරන් කරන මේ වර්ජන වලින් ඔවුන් හිතනවා ජනතාව බලයේ ඉන්න ආණ්ඩු කෙරෙහි කළ කිරිලා ඔවුන් පැත්තට එකතු වෙයි කියලා. මිනිස්සු අවුරුදු 60 ක් තිස්සේ මේ පක්ෂය ප්‍රතික්ෂේප කරන්නත් එක හේතුවක් වුණේ මෙන්න මේ කුහක කාලකන්ණි දේශපාලනය කියලා ජවිපෙ තේරුම් අරගෙනත් නෑ. මේ විෂබිජ ටික තියෙනකම් කිසිම ආණ්ඩුවකට වැඩක් කරන්නත් බැහැ.
|රත්තනදෙණියේ මේධානන්ද හිමි|



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More