දැන් දැන් මේ විරෝධතා සෑහෙන ප්ලාන්ටඩ්.
මුලින්ම එක තැනකට දේශපාලුවෙක්ගේ ලඟම දෙතුන් දෙනෙක් ගිහින් බෝඩ් අල්ලනවා.
පස්සෙ ක්‍රමයෙන් එයාලගෙම විස්සක් තිහක් යනවා.
ෆේස්බුක් ලයිව් එනවා.
සාමාන්‍ය මිනිස්සුත් කිහිප දෙනෙක් එකතු වෙනවා.
ඔහොම තමයි මේ රැල්ල යන්නේ.
මේ රැල්ලේ පෙරගමන්කරුවො කවුද ?
පහුගිය යහපාලන ආණ්ඩුව කාලේ රස්සා ගත්තු, වරප්‍රසාද ලබපු මිනිස්සු.
ජේතවනාරාමේ කුනු පුරවමු කියපු සමනලී ෆොන්සේකා යහපාලන ආණ්ඩුව කාලේ තමන්ගේ නාට්‍ය ලක්ෂ ගානකට ITN එකට විකුණලා ගාන කැපුවා.
උපුල් ශාන්ත සන්නස්ගලලා, කලන ගුණසේකරලා, මනුවර්ණලා ඔක්කොම පන්සලක්, කහ සිවුර පේන්න බැරි රැඩිකල් නිරාගමික කල්ලිය.
ගිය ආණ්ඩුව කාලේ මේ රටේ සංස්කෘතියට, පන්සලට, ආගමට ගහපු “අලුත් පරපුර” මේ උන්දැලගේ.
පොලිටිකල් අයිඩියොලොජියක් නැති පොඩි උන් කඩේ යවලා ආණ්ඩුවට ගහනවා වගේ මෙයාලා මේ ආපහු එන්නේ එයාලගේ රැඩිකල් නිරාගමික මතවාදය රජකරවන්න.
සමහර බෞද්ධයොත් ඒකට අහුවෙලා තියෙනවා අපි දැක්කා. ආණ්ඩුවට ගහන්න. ඒත් මේ අයිඩියොලොජි එකට ගහන්න දෙන්න එපා.
මේ ආණ්ඩු විරෝධි රැලි වේශයෙන් ඉලක්ක කරන්නේ කහ සිවුරයි, කාකි බිල ඇඳුමයි.
ඇස් ඇරලා බලන්න. උන් ශේප් එකේ භික්ෂූන් වහන්සේලාට සහ හමුදාවන්ට සූක්ෂව පහර දීලා තිබුනු හැටි.
රාජපක්ෂලා සහ ආණ්ඩුව මුව හමක්. ඇත්තම ඉලක්කය හොඳින් හදුනා ගන්න.
ස්ථිර අයිඩියොලොජි එකක් නැති, රැවටෙන, රැල්ලට යන අපේ මිනිස්සු මේවා උස්සන් ගිහින් තිබුනා.
2015 කළේ අපේම වල අපි ලව්වම කපාගත්තු එක.
ඒකේ වන්දිය අපි ගෙව්වේ රටක් ආපස්සට ඇඳලා දාලා.
ආයේ එතනට වැටෙන්න දෙන්න එපා. බුද්ධිමත් වෙන්න. නිතරම බිග් පික්චර් එක බලන්න.
අපි නොහිතන සැගවුනු අමුත්තො ඉන්නවා.
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වන 21 වන ව්‍යවස්ථා සංශෝධනය සහ 22 වන ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණ...
වඳුරු පැපොල (monkeypox) රෝගය මේ වන විට රටවල් රැසක ව්‍යාප්ත වෙමින් පවතින අතර ගල්ෆ් කලාපයට ද පැතිර ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි. ...
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලද උත්සවයක දේශනයකදී මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසා සිටියේ අද වන විට මෙ...