මුහුණු පොතෙන්
2022-02-25 වන දින යුක්රේන අගනුවර Obolon හිදී රුසියන් යුධ ටැංකියක් විසින් යුක්රේන සිවිල් වැසියෙක් ගමන් කල මෝටර් රථයක් යට කරදැමීමේ දරුණු සිද්දියක් වාර්තා විය. එම වීඩියෝ පටය Russian terrorists drove a tank purposely over a civilian’s car.” ලෙසින් ට්විටර් හරහා අනෙකුත් සියලු සමාජ මාධ්ය පුරා වයිරල් වූ අතර සියලු මාධ්යන්හි ප්රචාරය විය.
ප්රරංශයේ ජාත්යන්තර රූපවාහිනී නාලිකාවක් වන The Observer හි ගවේෂණශීලී මාධ්ය කණ්ඩායමක් මේ පිලිබදව විශේෂ විමර්ශනයක් කිරීමට ඉදිරිපත් විය. එහිදී ඉතා වැදගත් කරුණක් හෙලි වුනි. එනම් මෙය යුක්රේනයට අයත් යුක්රේනයේම නිපදවූ Strela-10 නමින් හදුන්වන ගුවන් යානා වලට ප්රහාර එල්ල කල හැකි යුද්ධ ටැංකියක් බවය.මෙය හෙළිවීමත් සමග මෙතෙක් මුනිවත රැකසිටි යුක්රේනයේ නියෝජ්ය ආරක්ෂක ඇමතිනිය වන අන්නා මලියාර් සිය Facebook පිටුවේ සටහනක් තබමින් කියා සිටියේ Anna Maliar “the Russian army has seized Ukrainian army vehicles and is headed towards Kyiv” රුසියානු හමුදාවන් යුක්රේන යුද්ධ ටැංකියක් පැහැර ගෙන අදාල ක්රියාව සිදුකර ඇතිබවට පැවසීය.
මෙය හෙළිවූ විට තවදුරටත් සොයා බැලූ කල අනාවරණය වූයේ 2022-02-25 දින වන විට රුසියන් හමුදා Obolon වලට පැමිණ නොසිටි බවයි.එයින් තවදුරටත් මෙහි සිදුවූයේ කුමක්ද යන්න අනාවරණය වූවත් රුසියාව විසින් සිවිල් ජනයා මරාදැමූ චෝදනාව යටතේ වයිරල් වූ වීඩියෝ පටය තරම් පසුව හෙලිවූ උක්ත කාරණා කිසිවක් වයිරල් වූයේ නැත.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

වඳුරු පැපොල (monkeypox) රෝගය මේ වන විට රටවල් රැසක ව්‍යාප්ත වේ

වඳුරු පැපොල (monkeypox) රෝගය මේ වන විට රටවල් රැසක ව්‍යාප්ත වෙමින් පවතින අතර ගල්ෆ් කලාපයට ද පැතිර ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි. ...


Read More

ඉදිරියේදී බොහෝ දෙනෙකුට රැකියා අහිමි වී ඔවුන් දරිද්‍රතා මට්ටමෙන් පහළට වැටේවි- මහබැංකු අධිපති

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලද උත්සවයක දේශනයකදී මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසා සිටියේ අද වන විට මෙ...


Read More

ඉදිරි කාලයේදී රුපියල් ට්‍රිලියනයක මුදල් අච්චු ගහනවා- අගමැති රොයිටර්ට කියයි

රොයිටර් පුවත් සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, මෙරට රුපියල් ආදායම අඩුවී ගොස් ඇති නිසා තවත්...


Read More