මුහුණු පොතෙන්

රුසියාව ගන්නේ නිශ්චිත මිල්ටරි ඉලක්ක. රුසියානු ගුවන් ප්‍රහාර එල්ලවෙන්නේ යුක්‍රේණයේ මිල්ටරි ඉලක්ක වලට. ‼️
මේක යුද්ධයක් නෙවෙි . මෙහෙයුමක්. මානසික මෙහෙයුමක්. බටහිර යුරොපය සහ ඇමරිකාව තිගැස්සවුන මෙහෙයුමක්.‼️
බටහිර මාධ්‍ය තක්බීර් කරපු ඊනියා මානව හිමිකම් චෝදනා කරන්නහැකිනාට්‍ය දියත් වීමට ඉඩක්නැති ජාත්‍යන්තරික මෙහෙයුමක්.‼️
රුසියාවේ අති විශේෂ බ්ලැක් ඊගල් කමාන්ඩෝස්ලා මේ වෙනවිට යුක්‍රේණයේ අගනුවර ස්ථානගත වෙලා ඉවර වෙන්න තරම් සීග්‍ර මෙහෙයුමක්. රුසියාවට යුක්‍රේණ ජනතාව ඉලක්ක අවශ්‍ය නැති බව යුක්‍රේණ ජනතාවට කියා දෙමින් කරන මානසික මෙහෙයුමක්.‼️
මේ මෙහෙයුම රුසියාවට එරෙහිව යුක්‍රේණ භූමිය බටහිරට යුරෝපයට ඇමරිකාවට නොව ඕනෑම අයෙකුට පාවිච්චි කරන්න ඉඩ දෙන්නේ නම් අත්විය හැකි ප්‍රතිපලය තව වසර 100කට යුක්‍රේණ ජනතාවට කියා දෙන අධ්‍යාපනික මෙහෙයුමක් ‼️
යුක්‍රේණ මෙහෙයුම අතරේ බටහිර යුරොපයට ආසන්න රුසියානු දේශසීමා කලාපයේ 5500Km -6000 Km යා හැකි දැවැන්ත ජංගම අන්තර් මහාද්වීපික බැලැස්ටික් මිසයිල ස්ථානගත කරමින් රුසියාව කියන්නේ මැද්දට පනින ඕනෑ එකෙකුට විපාක තොගපිටින් විදින්න වෙන බවට සංඥානාමික ඉගි පලකරන මෙහෙයුමක්.‼️
අවම සිවිල් හානියක් සහිතව මුහුණට මුහුණලා කරන මේ මෙහෙයුමේ රෑකඩ ඉලක්කය යුක්‍රේණ රජය මිස ජනතාව නොවන බව ලෝකයට පෙන්වමින් දියත්වන මෙහෙයුමක්.‼️
රුසියාව වෙනුවෙන් රුසියාවේ මතු ආරක්ෂාව වෙනුවෙන් පමණක් රුසියාවට ඕනෑම ඉලක්කයක් ගන්න හැකි බව ලෝකයට පෙන්වන මෙහෙයුමක්..‼️
මේ මෙහෙයුම ගොඩක් කල් ඇදෙන්නේ නෑ. රුසියානු විශේෂ බලගනයක අත් අඩංගුවට යුක්‍රේණ ජනාධිපති පත්වෙන හෝ රටෙන් පලා ගොස් රුසියානු මිල්ටරි ප්‍රධානියා යුක්‍රේණයේ ජනාධිපති මන්දිරයේ සිට මෙහෙයුම අවසන් බව ප්‍රකාශ කිරීම සමග නිමවෙන්නක්. 🔺
වරක් රුසියාවේ ව්ලැඩිමීර් පුටින් පැය 48 තුළ ඕනෑම තත්වයක් මත යුක්‍රේණයේ බලය රුසියාවට අත්පත් කර ගත හැකියි කීවේ නිකමට නොවේ කයිවාරුවට නොවේ.
මේක රුසියාව ඉදිරියේ හොලිවුඩ් චිත්‍රපට ඔස්සේ අති ප්‍රබල යැයි කීව අරමරිකන් සහ බටහිර නේටෝ යුධ ශක්තියයට කින්ඩිය වැටුන මෙහෙයුමක්. ‼️
හැමදාම රටවල් අතරට රිංගා බලල්ලු ලවා කෙසේ ඇට බාවන්න හදන ඇමරිකන් ආක්‍රමණිකයාට කොයි පැත්තෙන් හරි රිදවෙන තැනට මම මනාපයි 😀
ඒ හංදා මම රුසියානු ජයග්‍රහණය පතන්නෙක්.
ලංකාව සිවිල් යුද්ධයෙන් ගැලවෙන්න මහා මෙහෙයුම කරන විට අපට සම්බාධක පනවන්න ආව ඇමරිකාව ඇතුළු කොටස ආරක්ෂක මංඩලය ඇතුලේ පරාජය කරේ රුසියාවේ සහ චීනයේ නිෂේධ බලය. රාජ්‍යයක ආත්මාරක්ෂාවට අපි කරපු යුද්ධය හිතුවක්කාර නම් රුසියාව අද මේ මෙහෙයුම දියත්,කරන්නෙත් රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් හිතුවක්කාරයට.
මම ඒකට කැමතියි රාජ්‍යයට ආදරය කරන හිතුවක්කාරයන් තමයි රට වෙනුවෙන් අසීමිත අවධානම් ගන්නේ. කැපවීම් කරන්නේ
ව්ලැඩිමීර් පුටින්ට තියෙන අවධානම ඔහු,ගත්තා.
…………… නුවන් මොණරවිළ ………………….



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More