මුහුණු පොතෙන්

” සීනි ” ජාතක කතා වස්තුව

September 4, 2021 8:09 am | Lanka Lead News

සීනි කතන්දරය හරි සරලයි. එක්කොමත් එක රටක රු. 80/= තියෙනකොට ශත 25 බද්දට ගෙනාපු සිනි ටික දවසකින්130/= කරනවා, ටික දවසකින් සිනි ගෙන්නපු එවුන්ම සීනි හංගගෙන ඉන්නවා. රටේ හිගයක් මවා පාමින් සීනි මිල වැඩි කරනවා 230/= වෙනකන්.

“සිනි හංගලා” කියලා ආන්ඩුවේ කුණු හොදන කොම්බු චැනලය කියනවා. ඊලගට ඒකෙ උකුස්සා හංගපු සීනි හොයා ගන්නවා. ආන්ඩුවෙ පාරිභෝගික අධිකාරිය ඒ සීනිම 120/= ගන්නවා. රජයේ වියදමින් ප්‍රවාහනය කරල සමුපකාරය සහ සතොස හරහා ඒවා ජනතාවට විකුණනවා 130/= ගානේ 80/= සීනි වලට රු40/= විතර ලාබයක් ගෙන්නපු එකාට ලැබේනවා. මාස ගානක් පුරා විකුනල එකතුකරගන්න තිබුනු ලාබය එක පාරටම ලැබෙනවා !.

රටේ ජනතාවත් නාලිකාවෙන් දෙන ප්‍රචාරයට පැය ගනන් පෝලිමේ ගිහින් සතුටින් 230/= ට විකුනපු සිනි 130/= ලැබෙනවා නේද කියා සීනි අරගෙන සතුටින් ගෙදර යනව.

සිනි ගෙන්නපු එකා ගෙන්නපු සිනි තොගයම රජයම එකපාර විකුනල දුන්න කියලා සතුටෙන් ඉන්නව. රජය සතුටින් තමන්ගේ ගජමිතුරන්ට අවශ්‍ය අවස්ථාවෙ උදව්වක් කරන්න ලැබුන කියලා…….!.

උකුස්සා වෙන දඩයමක් හොයාගෙන හෙට දිනයේ පියඹා යනු ඇති. සීනි කොම්පැණියෙන් වෙළද දැන්විම් ටිකක් නාලිකාවට ලැබෙයි කල උදව්වට. එතකොට කොම්බු නාලිකාවත් සතුටින් !.

අවසානයේ එරට සියල්ලෝම සතුටින් නින්දට ගියෝය !.

ඉවරා..රා….යී …. !.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More