විදේශ පුවත්

දකුණු කාශ්මීරයේ දී ඉන්දීය ආරක්ෂක අංශ සමග ඇතිවූ සටනින් ජයිෂ්-ඊ-මොහොමඩ් ත්‍රස්ත සංවිධානයේ සටන්කාමින් තිදෙනෙක් මියගොස් තිබෙනවා. එලෙස මියගිය ත්‍රස්තවාදීන් අතර පුල්වාමා ප්‍රහාරයේ ප්‍රධාන සැලසුම්කරුවෙකුද සිටින බවයි වාර්තා වන්නේ.

මුඩාසිර් අහමඩ් ඛාන් හෙවත් “මොහොඩ් බායි” ලෙස හඳුනා ගෙන ඇති මෙම ත්‍රස්තවාදියා ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයින් 40 දෙනෙක් මරණයට පත් කරමින් පුපුරා ගිය මරාගෙන මැරෙන බෝම්බය නිර්මාණය කර ඇති බවයි හෙළිවී ඇත්තේ. ඔහු විසින් පුපුරණ ද්‍රව්‍ය සපයා ගනිමින් මරාගෙන මැරෙන බෝම්බය සාදා ඇත.

23 හැවිරිදි මුඩාසිර් අහමඩ් ඛාන් 2017 වසරේදී ජයිෂ්-ඊ-මොහොමඩ් ත්‍රස්ත සංවිධානයට එක්වී ඇති අතර ඔහුට ඉලෙක්ට්‍රොනික තාක්ෂණය සම්බන්ධයෙන් උපාධියක් හිමි අයෙක් බවයි ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කර ගෙන ඇත්තේ.

කාශ්මීර ප්‍රාන්තයේ පිහිටි ඉන්දීය හමුදා භට කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් සිදුකරන ලද ප්‍රහාර රැසකට මුඩාසිර් අහමඩ් ඛාන් සෘජුව සම්බන්ධ අයෙක් බවයි හෙළිවී ඇත්තේ.

පුල්වාමා ප්‍රහාරයට වගකිවයුතු ත්‍රස්තවාදීන් දෙදෙනෙක් මේ වන විට ඝාතනය කිරීමට ඉන්දීය ආරක්ෂක අංශ මේ වන විට සමත්ව තිබෙනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ගිවිසුම් 3කින් සහ පනත් 6කින් දියත් වන ඇමරිකානු මෙහෙයුම ගැන විමල්ගෙන් කෙස් කෙලින්වෙන හෙළිදරව්ව්ක් (Video)

‘STOP USA’ සංවිධානය බිහි කරනු ලැබුවේ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය සමඟ සිදු කෙරෙන ආර්ථික හෝ වෙළඳ කටයුතු නතර කර දැමීමට නොව එහි 7 වැනි ඉන්දු ...


Read More

ජාතික ආරක්ෂාව පවතින්නේ හමුදාව හෝ ඔත්තුසේවා මත නොව පාලකයින්ගේ දැක්ම සහ ආකල්ප මතයි

සමාජයේ අති බහුතරයක් විශ්වාස කරන ආකාරයට රටේ ජාතික ආරක්ෂාව රදා පවතින්නේ හමුදාවේ ප්‍රමාණය හෝ ඔත්තුසේවා වල ක්‍රියාකාරීත්වය මත නොවන බව හිටපු හ...


Read More

යුද අපරාධ චෝදනා ඇති ද්විත්ව පුරවැසියන්ට නීති පියවර – ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව කියයි

යුද අපරාධ චෝදනා එල්ලවී ඇති ඇමරිකානු ශ‍්‍රී ලංකා ද්විත්ව පුවරුසියන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය...


Read More