දේශීය පුවත්

ආණ්‌ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ කණ්‌ඩායම ඉතා ඉක්‌මනින් ආණ්‌ඩුවෙන් ඉවත් නොවුණහොත් ශ්‍රීලනිපයේ නායකත්වය සහ බලය ලබා ගැනීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

එළැඹෙන ශ්‍රීලනිප සංවත්සරයේදී හෝ ආණ්‌aඩුවෙන් ඉවත් විය යුතුයි කියන යෝජනාව සම්මත කරගත යුතු යෑයි ද ඩිලාන් පෙරේරා මහතා ඊයේ (09 වැනිදා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ 23 දෙනාගෙන් බහුතරයක්‌ එළියට ගැනීමෙන් පසු ලබන සිංහල අලුත් අවුරුද්දට පෙර මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධූරයට පත් කර නව ආණ්‌ඩුවක්‌ පිහිටුවීම ස්‌ථිර යෑයි ද ඒ මහතා කීවේය.

ආණ්‌ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය සිදුකරන විරෝධතාවලට සක්‍රීයව දායකත්වය ලබාදීමට ආණ්‌ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් තීරණය කළ බව ද, ඉවත් වූ 16 කණ්‌ඩායම අතර කිසිදු බෙදීමක්‌ නැතැයි ද ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන ආණ්‌ඩුවක්‌ බිහි කර ගැනීම සඳහා ආණ්‌ඩුව නියෝජනය කරන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් වහාම ආණ්‌ඩුවෙන් ඉවත් විය යුතු යෑයි ද ඩිලාන් පෙරේරා මහතා වැඩිදුරටත් කීවේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

භාරකාර ආණ්ඩුව පසෙකට..අය-වැය පරාජය කොට මැතිවරණයකට යාම සදහා මෛත්‍රී-මහින්ද නිල හමුවක්

නව ආණ්ඩුවක් සම්බන්ධයෙන් නිල සාකච්ඡාවක් ඉදිරි දෙසතිය තුළ මහින්ද රාජපක්ෂ හා ජනපති මෛත්‍රීපාල සිරිසේන අතර සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග...


Read More

ආණ්ඩුවෙන් ඉවත් වෙන්න ශ්‍රිලනිප 15 දෙනාගේ කන්ඩායම ජනපතිගෙන් ඉල්ලයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය සම්මුති ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කරන ලද යෝ...


Read More

20 වැනි සංශෝධනය පරාජය කර ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය බිඳ දමනවා

ආණ්ඩුවේ 2/3 බලය බිඳදමා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් වී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත්...


Read More