දේශීය පුවත්

ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් සහ වර්තමාන පාලකයන් එක්ව ගෙන එන දේශද්‍රෝහී ව්‍යවස්ථා සංශෝධන පනත පාර්ලිමේන්තුවේ 2/3 සම්මත වීම වැළැක්වීමට කටයුතු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. දිවයින ඉරිදා පුවත්පතට ලිපියක් යොමු කරමින් වීරසේකර මහතා මේ බව පෙන්වාදෙයි.

එම ලිපිය මගින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ අද වන විට මූල්‍යමය අතින් ඉතාම ශක්තිසම්පන්න බෙදුම්වාදී දෙමළ ඩයස්පෝරාව මෙම ව්‍යවස්ථා සංශෝධනයට පක්‍ෂව ඡන්දය දෙන සෑම මන්තී‍්‍රවරයෙකුටම රුපියල් මිලියන 300 බැගින් එනම් ඩොලර් මිලියන 2 බැගින් දීමට සූදානම්ව සිටින බව ආරංචි මාර්ග වලින් තහවුරැ වී ඇති බවය.

මෙම 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්‍ෂව ඡන්දය දෙන සෑම මන්තී‍්‍රවරයෙක් ම මුදලට තම මාතෘභූමිය පාවා දෙන්නෙක් වන බවත්, ඔහුගේ බිරිඳ, දූ පුතුන්, මවුපිය ඥාතීන් සියල්ලන්ම මාතෘභූමිය පාවා දුන් කෙනකුගේ ඥාතීන් බවට පත් වන බැවින් එම ඥාතීන්ගේ ද යුතුකම සහ වගකීම වනුයේ තම මන්තී‍්‍ර ඥාතිවරයා එම නින්දිත කි‍්‍රයාවෙන් වළකාලීම බව වීරසේකර මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

සම්පූර්ණ ලිපිය කියවීම සදහා මෙතැනින් පිවිසෙන්න



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

රනිල් – සුමන්තිරන් රහසිගත තීන්දු ගැන මහින්දගෙන් අනාවරණයක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එම් ඒ සුමන්තිරන් යන දෙදෙනා රහසිගතව ගත්තාවූ තීන්දු ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව විපක්ෂ නායක මහින්ද රාජ...


Read More

රංගෙට වසන්තට කැබිනට් නොවන ඇමැති පදවි

ඉතා ඉක්මණින් රංගේ බණ්ඩාර හා වසන්ත සේනානායක යන මහත්වරුන් කැබිනට් නොවන අමාත්‍ය පදවි දෙකකට පත්කරනු ඇතැයි ජනාධිපති කාර්යාලීය ආරංචි මාර්ග කියය...


Read More

පළාත් සභා 3ක් විසුරුවයි! සියලුම ඡන්ද කඩිනමන්

මේ වනවිට විසුරුවා නැති පළාත් සභා තුනද ඉක්මනින් විසුරුවා පළාත් සභා 9ම මැතිවරණ එකවර පැවැත්වීම සඳහා කැබිනට් තීරණයක් ගැනීමට ජනාධිපතිවරයා විසි...


Read More