දේශීය පුවත්

ජනාධිපතිවරණයෙන් අනතුරුව නොවැම්බර් 19දා අලුත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් දෙක විසින් දැන් සිටම සාකච්ඡා ආරම්භ කර ඇති බව ර්තාවේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් 18වැනිදා ඒ මහතා ජනාධිපති ධුරයේ දිවුරුම් දීමටත් එදිනම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමට නියමිත බවත් පක්ෂ ජ්‍යෙෂ්ඨයෙකු සති අන්ත පුවත්පතකට ප්‍රකාශ කර ඇත.

මේ වනවිට නව ආණ්ඩුවට සහාය දැක්වීම සඳහා කැමැත්තෙන් සිටින එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් සමග සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බවත් ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වෙන තුරු නව ආණ්ඩුවක් පිහිටුවා රට සංවර්ධනය කිරීමේ වැඩ කටයුතු ආරම්භ කරන බවත් ඒකාබද්ධ විපක්ෂයේ එම ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති වලට එකඟ වන අන්තවාදය පෝෂණය කිරීමටට උදව් නොකළ ඕනෑම කෙනෙකුට නව ආණ්ඩුවට එක්වීමට හැකි බවද ඒකාබද්ධ විපක්ෂයේ වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගත හැකි සුදුසුම පුද්ගලයා අග්‍රාමාත්‍ය ධුරයට පත් කර 19 නව ආණ්ඩුවක් ගොඩ නගන බව එක්සත් ජාතික පක්ෂ ප්‍රභලයෙක එම පුවත්පතට ප්‍රකාශකර ඇත.

එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණයෙන් පසුව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එම ආණ්ඩුවට එක්වීමට සඳහා දැනටමත් කැමැත්ත පළ කර ඇති බවත් ඔවුන් සමඟ සාකච්ඡා සිදුකරන ගෙනයන බවත් ඔහු පෙන්වාදී ඇත.

මේ අතර නව ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් අනතුරුව විශ්‍රාම යන වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස යළි පාර්ලිමේන්තුවට පැමිණීම සූදානම් පවතින බවට තොරතුරු වාර්තාවේ. ඒ සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඉල්ලා අස් වීමේ සූදානමක් ද පවතී. නව ආණ්ඩුවක් පිහිටුවීමෙන් අනතුරු පාර්ලිමේන්තු මහා මැතිවරණ ලබන වසරේ මාර්තු මාසයේ කැඳවීමට නියමිතය. ඒ දක්වා රජයේ කටයුතු බාධාවකින් තොරව කරගෙන යෑමට මේ වන විට මාස තුනකට බලපැවැත්වෙන පරිදි අතුරු සම්මත ගිණුමක් පසුගියදා පාර පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනිණි.

මව්බිම ඉරිදා



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

හදිසි පාර්ලිමේන්තුමැතිවරණයක්

හදිසි මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා පූර්ණ සහයෝගය ලබාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය තීරණය කර තිබේ. අග්‍රාමාත්‍යවරයාගේ...


Read More

මහින්දගේ අවධානය 19 වැනි සංශෝධනයට

නව ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් පසුව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කර තිබෙන අලුත් තත්ත්වය සම්බන්ධයෙන් සමාලෝචනය කර පවතින නීත...


Read More

ආණ්ඩුව ගැන තීරණයක් ගන්න මන්ත්‍රීවරු හෙට පාර්ලිමේන්තුවේදී රැස්වෙති

ආණ්ඩුව ලෙස ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් හෙට (18) පස්වරුවේ රැස්වී තීන්දුවක් ගැනීමට නියමිතය.
Read More