ව්‍යාපාරික පුවත්

ශ්‍රී ලංකාවේ කීර්තිමත් රාජ්‍ය බැංකුවක්‌ වන ජාතික ඉතිරිකිරීමේ බැංකුව (NSB) විසින් සෞදි අරාබියේ ශක්‌තිමත් මූල්‍ය ආයතනයක්‌ වන ඇරබ් නැෂනල් බැංකුව (ANB) සමඟ පසුගියදා ප්‍රේෂණ සබඳතා ආරම්භ තෙරුණා.   ඒ සමඟ එහි ප්‍රේෂණ සේවාව වන ටෙලිමනි (TeleMoney) සමඟ අත්වැල් බැඳගනිමින් සිය ගනුදෙනුකරුවන් වෙත වඩාත් පුළුල්වූ ප්‍රේෂණ සේවාවක්‌ තිළිණ කිරීමට ජාතික ඉතිරිකිරීමේ බැංකුවට දැන් හැකියාව ලැබී තිබේ.

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සාමාන්‍යාධිකාරී, ප්‍රධාන විධායක නිලධාරී, ධම්මික පෙරේරා මහතා සහ සෞදි අරාබියේ ඇරබ් නැෂනල් බැංකුවේ ටෙලිමනි අංශයේ ප්‍රධානී, අන්වර් අල් මුර්ෂද් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සෞදි අරාබියේ අල් කොබාර්හි ලා මැරිඩියන් (Le meridian) හෝටලයේදී මෙම සුවිශේෂී අවස්‌ථාව සනිටුහන් කරනු ලැබීය.

ඒ අනුව සෞදි අරාබියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් උපයන මුදල් ආරක්‌ෂාකාරීව සහ ක්‌ෂණිකව ටෙලිමනි සේවාව ඔස්‌සේ ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙත යෑවීමට අවස්‌ථාව ලැබේ. අනේවාසික විදේශ මුදල් ඉතුරුම් ගිණුම සහ තවත් විශේෂ වරප්‍රසාද මෙන්ම විදේශ මුදල් ඉතුරුම් සඳහා ලබාදෙන නිවාස සහ අනිකුත් ණය පහසුකම් ලබාගැනීමට ද දැන් එරට වෙසෙන ශ්‍රී ලාංකික ජනතාවට හැකි බව එහිදී සඳහන් කෙරිණි.

ටෙලිමනි හරහා ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙත මුදල් යෑවීම පිළිබඳව උපදෙස්‌ හා තොරතුරු ලබාදීමට ඕනෑම මොහොතක ඇරබ් නැෂනල් බැංකු කාර්ය මණ්‌ඩලය සූදානමින් සිටියි. එසේම NSB සහ ANB ගනුදෙනුකරුවන්හට ලබාදෙන විශේෂ වරප්‍රසාදයක්‌ ලෙස මේ මස (ඔක්‌තෝබර්) 31 වැනිදා දක්‌වා ටෙලිමනි සේවාව ඔස්‌සේ ශ්‍රී ලංකාවට මුදල් ඵවන විට කිසිදු ගාස්‌තුවක්‌ අය නොකරන බවද එහිදී තවදුරටත් සඳහන් කෙරිණි.

මේ පිළිබඳ වැඩිවිස්‌තර සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ජාත්‍යන්තර අංශය (011 – 2332043/011-2332292), සෞදි අරාබියේ ඇරබ් නැෂනල් බැංකුවේ ප්‍රේෂණ කළමනාකරු, මෙහොමඩ් උවයිස්‌ මහතා (0553059691) හෝ ඵ්. සයන්තන් මහතා (0509962598) අමතන්න.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ඒකාබද්ධයෙන් ආ ශ්‍රීයානිට රාජ්‍ය ඇමති කමක්

පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍යවරිය ලෙස දිගාමඩුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී ශි‍්‍රයාණි විජේවික‍්‍රම මහත්මිය අද (15) ...

පොහොට්ටුවට සහය දෙන අයගේ මන්ත‍්‍රී ධුර අහෝසියි…

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කිසියම් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සෘජුව හෝ වක‍්‍රව...

93 ක නාම යෝජනා අදින් අවසන්.. ඉතිරි 248 සදහා 18 සිට 21 දක්වා නම් කැදවයි..

පළාත් පාලන ආයතන 93ට අදාළ නාමයෝජනා භාරගැනීම අද (14) දහවල් 12.00 න් අවසන් වේ. මෙම පළාත් පාලන ආයතන 93 ට මහනගර සභා 7 ක් නගර සභා 18 ක් සහ ප‍්...