දේශීය පුවත්

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ‍්‍රී ලංකාවට එරෙහිව දියත් කර තිබෙන ක‍්‍රියාමාර්ග වලට විරෝධය පළ කරමින් විශේෂ පෙත්සමක් සහ සාක්ෂි සහිතව සකසා ඇති වාර්තාවක් බෞද්ධාලෝකමාවතේ පිහිටි එක්සත් ජාතීන්ගේ ප‍්‍රධාන කාර්යාලයේදී මානව හිමිකම් නියෝජිතයා වෙත බාර දීම අද (14) සිදු කෙරිණි.

නියෝජිත පිරිසට එක්සත් ජාතීන්ගේ කාර්යාලය තුළට පිවිසීමට එහි බලධාරීන් අවස්ථාව නොදුන් අතර අද්මිරාල් සරත්වීරසේකර මහතාගේ මැදිහත්වීම මත ශ‍්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මානවහිමිකම් උපදේශක ජුආන් ෆර්ඩිනැන්ඩස් මහතා මුණගැසී වාර්තාව බාරදීම සදහා පසුව අවස්තාව ලබා දී තිබුණි.

ජිනීවා මානව හිමිකම් සමුළුව විසින් ශ‍්‍රී ලංකාවට එරෙහිව ගෙන එන ලද 30/1 යෝජනාව මගින් ලංකාවේ ජනතාවගේ මානව හිමිකම් කඩවූ බව පෙන්වා දෙමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ පෙත්සමට මේ දක්වා ප‍්‍රතිචාර නොලැබුණු බැවින් ඒ පිළිබදව විමසා බැලීමක් විශේෂයෙන් සිදු කළ බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සරත් වීරසේකර මහතා පවසා සිටියේය.

මෙම අවස්ථාවට ගෝලීය ශ‍්‍රී ලාංකික සංසදය, ජාතික සංවිධාන එකමුතුව, රණවිරුවන් සුරකීමේ ජාතික ව්‍යාපරය, යන සංවිධාන නියෝජනය කරමින් රියර් අද්මිරාල් සරත් වීරසේකර , ජගත් චන්ද‍්‍රවංශ, දර්ශනී ලහදපුර, ආචාර්ය ගුණදාස අමරසේකර, විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර, මහාචාර්ය ක්ෂනිකා හිරිඹුරේගම, වෛද්‍ය වසන්ත බණ්ඩාර ඇතුළු පිරිසක් සහභාගීවී සිටියහ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ජාතික ආණ්ඩු යෝජනා විවාදය අදත් නෑ

ජාතික ආණ්ඩුව පිහිටුවීමේ යෝජනාව අද (20) පාර්ලිමේන්තුවේ විවාදයට නොගන්නා බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. විවාදය පවත්වන දිනය...


Read More

කොකේන් භාවිත කරන මැති ඇමැති 24කගේ නම් රන්ජන් දුරකථනයෙන් පැවසුවා – කථානායක

කොකේන් භාවිත කරන මැති ඇමැතිවරුන් විසි හතර දෙනකු පාර්ලිමේන්තුවේ සිටී නම් ඒ පිළිබඳව තමන්ට ලිඛිතව දැනුම් දෙන ලෙස රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක...


Read More

පොදුජන පෙරමුණේ ගිණුම් වාර්තා හෙළිදරව් කිරීම් හොඳ දෙයක්.. ඒ සමග කළ දේ කුමක්දැයි රටට කියනවා නම් ඉතා වැදගත් – නියෝජ්‍ය ඇමතිවරයෙක්

පසුගිය දිනවල පොදුජන පෙරමුණ විසින් පක්ෂයේ ගිණුම් වාර්තා රටට හෙළිදරව් කිරීම දේශපාලන ක්ෂේත්‍රයේ ඇගයීමට ලක් විය. ඒ පිළිබඳව අප වෙත අදහස් ද...


Read More