විදේශ පුවත්

හෙලිකොප්ටර් අනතුරකින් මෙක්සිකෝවේ පුවෙබ්ලා ප්‍රාන්තයේ නව ආණ්ඩුකාරවරිය වන මාර්තා එරිකා අලොන්සෝ මහත්මිය මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඇය එම ප්‍රාන්තයේ පළමු ආණ්ඩුකාරවරිය ලෙස වාර්තා වේ.

ඇය ආණ්ඩුකාර තනතුරට පත්වී දින දහයකට පසු මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් 2011 – 2017 කාලයේ ආණ්ඩුකාරවරයෙකු ලෙස කටයුතු කර සෙනට් සභික රෆායෙල් මොරේනෝ වෝලේ වන ඇගේ සැමියා ද මිය ගියේය.

හෙලිකොප්ටර් යානය ගුවන් ගතකර සුළු වේලාවකට පසු පුවෙලා ගුවන් තොටුපොලට නාවික සැතපුම් තුනක් පමණ ඈතින් අනතුරට ලක්ව ඇත.

පසුගිය වසර කිහිපය තුළ මෙක්සිකානු දේශපාලනඥයන් කිහිපදෙනෙකු ම මෙවැනි ගුවන් යානා අනතුරුවලට ලක්වී ඇති අතර විශේෂයෙන් 2008 – 2011 දක්වා කාලයේ ෆෙඩරල් ඇමතිවරු කිහිප දෙනෙක් ගුවන් අනතුරුවලට මුහුණපෑහ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සම්පූර්ණ විනිවිදභාවයකින් ක්‍රියා කරන බව මෙක්සිකෝවේ නව ජනාධිපති අන්ඩ්‍රේස් මැනුවෙල් ලෝපේස් ඔබ්රාඩෝ මහතා ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කිරි පිටි ත්‍රස්තවාදයේ ඇත්ත නැත්ත – විශේෂ හෙළිදරව්ව (සජීව විකාශය)

කිරිපිටි පිළිබඳව මේ වන විට ඇති වී ඇති ගැටළුකාරී තත්වය සම්බන්ධයෙන් වූ විද්වත් කතිකාවක් අද සඳුදා සවස 3.30ට කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හෙක...


Read More

අද සිට නිල වශයෙන් දිනකට පැය 4ක් විදුලිය කැපේ – දහවලට පැය 3ක්: රාත‍්‍රියට පැයක් සෙනසුරාදාට පැය 2.15යි – ඉරිදා නෑ

- අධික විදුලිය ඉල්ලූම හමුවේ ප‍්‍රමාණවත් විදුලි සැපයුමක් ලබාදීමට නොහැකි වීම හේතුවෙන් එක් ප‍්‍රදේශයකට දිනකට පැය 04 ක කාලයක් විදුලි සැපය...


Read More

මේ අවස්ථාව ගිලිහී යන්නට නොදී අපේ රට නිවැරදි ඉලක්කයක් කරා ගෙනයන්නට එක්වෙමු.

ගෝඨාභය රාජපක්ෂ මහතා කොටිකාවත්ත සණස උත්සව ශාලාවේ දී පැවති එළිය වැඩසටහනට (මාර්තු 23) සහභාගි වෙමින් මෙසේ අදහස් දැක්වූවා. විශේෂයෙන්ම කි...


Read More