දේශීය පුවත්

සිංගප්පූරු වෙළෙඳ ගිවිසුමට සහ එට්‌කා ගිවිසුමට එරෙහිව හෙට (17 දා) රට පුරා රෝහල්වල වෛද්‍ය වැඩ වර්ජනයක්‌ ක්‍රියාත්මක කෙරේ.

මෙම වැඩ වර්ජනය හෙට පෙරවරු 8.00 සිට අනිද්දා (18 දා) පෙරවරු 8.00 දක්‌වා ක්‍රියාත්මක කරන බව පැවසූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ සම්බන්ධයෙන් ආණ්‌ඩුව ප්‍රතිචාර නොදක්‌වන්නේ නම් දෙවැනි පියවර ලෙස රට පුරා අඛණ්‌ඩ වැඩ වර්ජනයක්‌ ක්‍රියාත්මක කරන බවද කීය.

අඛණ්‌ඩ වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන්නේ සෙසු වෘත්තීය සමිති සමග එක්‌ව බව කී වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙවැනි ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ගයක්‌ සඳහා මේ වනවිටත් ඒ ඒ වෘත්තීය සමිති සාකච්ඡා පවත්වමින් සිටින බවද කීය.

කෙසේ වෙතත් හෙට දිනයේ ළමා රෝහල, පිළිකා රෝහල සහ වකුගඩු ප්‍රතිකාර ඒකකවල වෛද්‍ය වර්ජනය සිදු නොකරන බවත් හදිසි ප්‍රතිකාර ඒකක අඛණ්‌ඩව ප්‍රතිකාර කටයුතු සිදු කරන බවත් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීවේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

සියලු බලවේග එක පෙරමුණකට…දෙසැම්බර් 15න් පසු රටේ දේශපාලනය තීරණාත්මකයි

රටෙහි ජනාධිපතිවරයා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණයක් පවතිනවා යන්න සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පමාවීම රටේ ජනතාවට ඇති කරන්නේ විශාල ...


Read More

ජනපති – අගමැති හදිසි හමුවක්

තමන්ගේ තෙදින ඉන්දීය නිල සංචාරය පිළිබඳ සම්පූර්ණ විස්තරයක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඉදිරි...


Read More

මේ ඩීඑස්-ඩඩ්ලිලාගේ එජාපය නොවෙයි…මට තේරුනේ පස්සෙයි – ජනපති මෛත්‍රී

2014 වසරේදී තමා පොදු අපේක්ෂකයා ලෙස එජාපය හා සන්ධාන ගත වන විට බලාපොරොත්තු වූ ඩී.එස් - ඩඩ්ලි සේනානායක මැතිතුමන්ලාගේ එජාපය එහි නැති බව තේරුන...


Read More