දේශීය පුවත්

හෙට (14) දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල රැස්වීම බොහෝ තීරණාත්මක එකක් වනු ඇති බවට දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

පෙ.ව. 10.00 ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධීපති ලේකම් කාර්යාලයේදී මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිතයි.
2018 පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵලවලින් පසුව රටේ ඇතිවී තිබෙන වත්මන් දේශපාලන තත්ත්වය සහ ජනාධිපතිතුමා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සුදානම් වන රටට දැනෙන වෙනස ගැන මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී කතාබහ කිරීමට සුදානමක් පවතින බවටද තොරතුරු වාර්තා වේ.
මීට අමතරව වත්මන් ආණ්ඩුව ඉදිරියට ගෙනාමේදී සිදුකළ යුතු වෙනස්කම් ගැන අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීමට කරුණු ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවද දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තාවේ.
අද (13)දින පැවැත්වීමට නියමිත අමාත්‍යමණ්ඩල රැස්වීම හෙට 14දින පැවැත්වෙන්නේඅද දිනට මහාශිවරාත්‍රි දිනය යෙදී තිබෙන නිසාය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

විපක්ෂයේ අසුන් පනවන ලෙස ඉල්ලා 16 කණ්ඩායමෙන් පාර්ලිමේන්තුවේ මහලේකම්ට ලිපියක්

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝනාවට පක්ෂව ඡන්දය ලබාදෙමින් ජාතික ආණ්ඩුවෙන් ඉවත් වු ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ හිටපු ම...


Read More

සියළුම තනතුරු පත් කලේ රනිල්ට ඕන විදිහටයි.. කමිටු යෝජනා නොවෙයි..- කුරුදු පොලූ සටනින් පසු සජිත් කට අරී..

එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රතිසංවිධානයේදී තනතුරු සදහා සියළු පුද්ගලයන් නම් කරන ලද්දේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් යයි එම පක්‍ෂ නියෝජ්...


Read More

රවීට එරෙහිව රහස් ඡන්දයකට සජිත්. නවීන් එකඟ වෙලා

එක්සත් ජාතික පක්ෂයේ උප නායකත්වය සඳහා රවී කරැණායක මහතා පත්කිරීම සම්බන්ධයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ජෝශප් මයිකල් පෙරේරා මහතා සහ රන්ජන් රාම...


Read More