නොමියෙන මතක

සෝමවංශ ගුණ සැමරේ

June 20, 2018 11:41 am | Lanka Lead News

ජනතා සේවක පක්ෂයේ නායක සෝමවංශ අමරසිංහ මහතාගේ දෙවර්ෂ පූර්ණ ගුණ සැමරුම් උත්සවය පසුගිය 17 වැනිදා අනුරාධපුර නගරයේ ප්‍රජාජා ශාලාවේදී පැවැත්විණි.

මෙම චාම් ගුණ සැමරුම් උත්සවය සදහා පක්ෂයේ සාමාජිකයින් සහ හිතවතුන් පිරිසක් සහභාගී වී සිටි අතර ඔවුන් විසින් මහා සංඝරත්නය වෙත දානය පිළිගන්වා පිංපෙත් අනුමෝදන් කරන ලදි.

මෙම අවස්ථාවට වැඩ්ම වූ මහා සංඝ රත්නය පුණ්‍යානුමෝදනාවක් සිදුකරමින් පෙන්වා දුන්නේ සෝමවංශ අමරසිංහයන් වෙනුවෙන් රට පුරා ගුණ සැමරුම් උත්සව පැවැත්විය යුතු මොහොතක අනුරාධපුරයට එක් රැස්වී
මෙම පිරිස කරන උතුම් කටයුත්ත ඇගයීමට ලක් කළ යුතු බවය.

සෝමවංශ චරිතය රටේ දේශපාලන ඉරණම වෙනස් කළ නායකයෙක් බවත් එතුමන් වෙනුවෙන් මෙවැනි පුංචි ගුණ සැමරැමක් පැවැත්වීම ගැන දේශපාලන පක්ෂ සහ ජනතාව ලැජ්ජාවිය යුතු බවද උන්පවහන්සේ වැඩිදුරටත්
සදහන්කර සිටියහ.

බෙදුම්වාදයට එරෙහි විජේවීර – සෝමවංශ සුසංයෝගය

මීට වසර 36 කට පෙර 1979 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරුපීඨ ශ‍්‍රවණාගාරයේදී විශේෂ සම්මන්ත‍්‍රණයක් පැවැත්විණි. එහි විශේෂ ආරාධිත දේශනය පැවැත්වූයේ එවකට ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම්වරයා වූ ලයනල් බෝපගේ මහත්මයා විසිනි. ‘‘ස්වයං තීරණ අයිතිය’’ නමින් පැවැත්වූ එම සම්මන්ත‍්‍රණය සංවිධානය කළේ විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සභාව විසිනි. ඉතා දක්‍ෂ කථිකයෙකු වූ බෝපගේ මහතා විසින් උතුරේ ත‍්‍රස්තවාදය විමුක්ති අරගලයක් ලෙස අර්ථ දක්වමින් ඊට විසදුම් ලෙස ස්වයංනීර්න අයිතිය නම් වූ න්‍යාය ඉතා තර්කානුකූලව ඉදිරිපත් කළේය. ඊට අනුව දකුණේ විප්ලවවාදී ව්‍යාපාර උතුරේ සන්නද්ද බෙදුම්වාදී ව්‍යාපාරයට සහාය පල කළ යුතුය. ඒ අනුව ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ අත්තනෝමතික අධිරාජ්‍ය ගැති පාලනයට එරෙහිව කැරළි ගසන උතුරේ බෙදුම්වාදීන් දකුණේ විශ්වවිද්‍යාලයේ සිසුන් අතර වීරයින් බවට පත්වේ.

එදා එක් පීඨයක කණ්ඩායම් නායකයෙකු ලෙස කටයුතු කළ මෙම ලියුම්කරුවාටද එම දේශපාලන ස්ථාවරය ආකර්ශනීය විය. විශේෂයෙන්ම එදා එක්සත් ජාතික පක්‍ෂ ශිෂ්‍ය කන්ඩායමට එරෙහිව තර`ග වැදුන ස්වාධීන කන්ඩායමට දෙමළ සිසුන්ගේ ඡන්ද ලබා ගැනීම ස`දහා එම ස්ථාවරය ඉතා ප‍්‍රයෝජනවත් විය. එම සම්මන්ත‍්‍රණය සංවිධානය කළ කමිටුවේ සාමාජිකයෙකු වූ මෙම ලියුම් කරුට රැස්වීමෙන් පසු ලයනල් බෝපගේ සමග තව දුරටත් වාද විවාද කිරීමටද අවස්ථාව ලැබිණ. එම අවස්ථාව ප‍්‍රයෝජනයට ගත් ඔහු බෙදුම්වාදී අරගලය තුළින් සමාජවාදයට යනුවෙන් අප‍්‍රකාශිත උපායමාර්ගික ප‍්‍රවේශයක් පිළිබ`දවද නව මතයක් ගොඩනැගීය. නමුත් ඉන් වසරකට පසු පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පැමිණි රෝහණ විජේවීරයන් ශිෂ්‍ය නේවාසිකාගාරයකදී හමු වූ මෙම ලියුම්කරු ඇතුළු ශිෂ්‍ය නායකයින් කණ්ඩායමකට එතෙක් ඔවුන් දැරූ මතයට වඩා මතයකට සවන්දීමට සිදුවිය. එහෙත් බෝපගේ ඉදිරිපත් කළ න්‍යාය සම්පූරිණයෙන්ම නිෂේධ කිරීමට ඔහු අසමත්විය. අවසානයේදී ජාතික ගැටලූව විස`දිය හැක්කේ සමාජවාදය යටතේ පමණක් බව කියමින් ඔහු එම සංවාදය අවසන් කළේය. එහෙත් ප‍්‍රශ්නය විසදීම ස`දහා සමාජවාදය ගොඩනගනතුරු බලා සිටිය යුතුද යනුවෙන් මතුවූ ප‍්‍රශ්නයට ඔහු විසින් සෘජු පිළිතුරක් ලබා දුනි. ඒ ‘‘ මා අදහස් කරන්නේ සිංහල,දෙමළ, මුස්ලිම් සියලූ ජනතාවට සමානව සැලකීමෙන් ප‍්‍රශ්න විසදිය යුතු බව’’ කියමිනි.

ඉන් පසුව 1983 දී කොළඹදී ලයනල් බෝපගේ මහතා මෙම ලියුම්කරු මුණගැසෙන අවස්ථාව වන විට ජනතා විමුක්ති පෙරමුණ තුළ ‘‘ස්වයංතීරණ අයිතිය’’ න්‍යාය පරාජයකොට තිබිණ. ඒ වන විට ඔහු පරාජය බාරගෙන සමු ගැනීම ස`දහා එක් පයක් එලියට තබා තිබුණි. එසේ ඔහුගේ සමු ගැනීම සමග මහා සමාජය තුළ එම මතවාදය ඉබේම පරාජය නොවන බව රෝහණ විජේ වීරයන් තේරුම්ගෙන සිටි බවට සැකයක් නැත. වාමාංශික පක්‍ෂ බෙදුම්වාදී න්‍යායපත‍්‍රය තුළ ට කොටුකර ගැනීම ස`දහා අවශ්‍ය මුලික කොන්දේසිය සපුරන්නේ ස්වයං තිරණ අයිතිය පිළිගැනීම නැමති උපායමාර්ගික ප‍්‍රවේශය තුළින් බවට ඔහු පසුකලෙක පැහැදිලි කරන්නට යෙදුනි. ඒවන විටත් ලයනල් බෝපගේ නැමති පුද්ගලයා සහ ඔහුගේ මතවාදය අගය කරමින් බෙදුම්වාදී පක්‍ෂපාතී බුද්ධිමය සංවාද ආරම්භ කිරීමට රාජ්‍ය නොවන සංවිධාන වලට සම්බන්ධ ඊනියා බුද්ධිමතුන් කටයුතු කරමින් තිබුණි.

කෙසේ වෙතත් 1983 ජූලි මාසයේදී ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයා විසින් ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීම නිසා බෙදුම්වාදය මතවාදීව පරාජය කිරීම ස`දහා අවශ්‍ය වන බුද්ධිමය සංවාදය සමාජගත කිරීමට නොහැකි විය. නමුත් තහනම යටතේ පවා බුද්ධිමතුන් අතර එම සංවාදය ඉදිරියට ගෙන යාම ස`දහා ජනතා විමුක්ති පෙරමුණ විසින් විශේෂ ප‍්‍රමුඛතාවයක් ලබාදී තිබුණි. බුද්ධිමතුන් අතරට එම මතවාදය ගෙන යමින් බෙදුම්වාදය මතවාදීව පරාජය කිරීමේ වගකීම කරට ගෙන තිබුනේ සෝමවංශ අමරසිංහයන්ය. ඉතා දුශ්කර තත්වයක් යටතේ ඔහු එම වගකීම මැනවින් ඉටු කිරීමට උපරිම ලෙස කැපවූ බවට මෙම ලියුම්කරුට සාක්‍ෂි දැරිය හැකිය.

ජනතාවිමුක්ති පෙරමුණ තහනම් කිරීමෙන් පසුව 1984 අගභාගය දක්වා සෝමවංශ අමරසිංහයන්ට කොළඹදී ආරක්‍ෂාව සහ නවාතැන් සැපයීමේ වාසනාව මෙම ලියුම්කරුට ලැබුණි. බෙදු්වාදයේ පරාජය සහ සමාජවාදයේ ජයග‍්‍රහණය න්‍යායාත්මකව මෙන්ම ප‍්‍රායෝගිකව එකට බැ`දී තිබෙන බව ඔහු දැඩි ලෙස විශ්වාස කළේය. ඒ වන විට ළදරු වියේ පැවති බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරය ඉන්දියාවේ ආශිර්වාදය යටතේ ඉතා කෙටි කාලයකදී ඉතා බලවත් තත්වයට පත් වන බවද ඔහු දැඩි ලෙස විශ්වාස කළේය. බෙදුම්වාදය සෑම විටම පන්ති සටන සහ සමාජවාදයට හතුරු ප‍්‍රවනතාවයක් ලෙස සලකා ඊට පක්‍ෂපාතී සියලූ බලවේග වලට කොන්දේසි විරහිතව විරුද්ධ විය යුතු බව ඔහු නිතර පැවසීය. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට වසර 3 කට පෙර සිට බෙදුම්වාදය පක්‍ෂපාතීව බරපතල මැදිහත්වීම ඉන්දියානු රජය විසින් කරන බවට ඔහු විසින් අනාවැකි පල කරන්නට යෙදුනි. ‘‘දෙමළ ඊළාම් අරගලයට විස`දුම කුමක්ද?’’ යන පර්යේෂනාත්මක ශාස්ත‍්‍රීය කෘතිය රෝහණ විජේවීරයන් විසින්ම සම්පාදනය කරන්නට තීන්දු වන්නේ ඊට මුහුණ දීම ස`දහා අවශ්‍ය න්‍යායාත්මක පදනම ශක්තිමත් කිරීමටය. ඉන්දියානු මැදිහත්වීමකදී සියලූ වාමාංශික පක්‍ෂ න්‍යායාත්මක පටලවා ගැනීම් නිසා ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයා අභිබවා යමින් ඊට පක්‍ෂව කටයුතු කරන බවට ඉතා පැහැදිලි අවබෝධයක් ජනතා විමුක්ති පෙරමුනට තිබුණි. ‘‘අධිරාජ්‍ය විරෝධී අරගලය තුළින් සමාජවාදයට’’ යනුවෙන් එදා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කළ මූලික උපායමාර්ගික ප‍්‍රවේශය තුළ බෙදුම්වාදී විරෝධී සටනට ප‍්‍රමුඛස්ථානය හිමිවන්නේ සෙසු වාමාංශික පක්‍ෂ විසින් සිදු කළ වරද ඔවුන් විසින් නිවැරදි කරගත් බැවිනි. වජේවීරයන් විසින් ඉතා දුශ්කර තත්වයක් යටතේ වල්හපුතැන්නේ කුඩා නිවසක ආරක්‍ෂිතව සිටිමින් ඊළාම් අරගලයට විසදුම කුමක්ද? නැමති ශාස්ත‍්‍රීය නිබන්ධනය සම්පාදනය කිරීම ස`දහා ඉහළම ප‍්‍රමුඛතාවය ලබා දී තිබුණි.

1984 අගභාගයේ සිට ඒ ස`දහා රෝහණ විජේවීරයන්ට අවශ්‍ය සහාය ලබා දීමේ වගකීම සෝමවංශ අමරසිංහයන් විසින් පවරනු ලැබුවේ මෙම ලියුම්කරුටය. එම නිසා විජේවීර – සෝමවංශ සුසංයෝගය විසින් එම කටයුත්තට කෙතරම් ප‍්‍රමුඛතාවයක් ලබාදී තිබුනාද යන්න පිලිබ`දව මෙම ලියුම්කරු පුද්ගලිකවම සාක්‍ෂි දරනු ඇත. එක්තරා අහඹු සිදුවීමක් නිසා එම කෘතියේ මුල් අත්පිටපත මුද්‍රණයට ලබා දීමට පෙර අස්ථානගත විය. නමුත් විජේවීරයන් තම අසාමාන්‍ය මතක ශක්තිය කොතෙක්ද යන්න ඔප්පු කරමින් සමස්ථ කෘතිය ඉතා කෙටි කලකදී නැවත ලියා අවසන් කළේය. ඒ අනුව 1985 දී එම කෘතිය සමාජගත කිරීමට හැකි විය. එදා ජනතා විමුක්ති පෙරමුණ 1987 දී සිදුවුන දේ පිළිිබ`ද න්‍යායාත්මකව පැහැදිලි කිරීම් සමාජයට ඉදිරිපත් කරන්නේ 1985 දීය. ඒ නිසා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට පෙර එහි අඩංගු වන්නේ මොනවාදැයි එදා සිටි නායකයෝ ඉතා හො`දින් දැන සිටියහ. ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව ඉතා ප‍්‍රභල විරෝධතාවක් දියත් කිරීම ස`දහා ජනතා විමුක්ති පෙරමුණ සූදානම් වූයේ ගිවිසුම අත්සන් කිරිමට බොහෝ කළකට පෙර සිටය. මහින්ද – ගෝඨාභය සුසංයෝගය විසින් 2009 මැයි 18 දින නන්දිකඩාල් කලපුවේදී අවසන් කරන්නේ විජේවීර – සෝමවංශ සුසංයෝගය විසින් 1987 ජූලි 28 දින පිටකොටුවේදී දියත් කළ බෙදුම්වාදී විරෝධී යුද්ධය නොවේද? එදා ඒ ආරම්භ සටනේ සෙන්පතියන් ලෙස මහින්ද රාජපක්‍ෂ සහ දිනේෂ් ගුණවර්ධන නායකයන්ට අමතරව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පවා පිටකොටුවට කැ`දවා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ සමත්විය. එදා ජනතාවිමුක්ති පෙරමුණ විසින් දියත් කළ ප‍්‍රභල මතවාදී සටන් පෙරමුණ තුළ වාමාංශික පක්‍ෂ හැර සෙසු ජාතිකවාදී නායකයින්ට පසු බැසීමේ ඉඩක් ඉතිරි නොවීය.

නමුත් අද වන විට ජනතා විමුක්ති පෙරමුණ ඉටු කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් භූමිකාවකි. එදා ඉන්දු ලංකා ගිවිසුම අනුව 13 වන ව්‍යාවස්ථා සංශෙධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ ඔක්තොම්බර් මාසයේ දී වන අතර එය සම්මත වන්නේ නොවැම්බර් මාසයේ දීය. එසේ වුවත් ජනතා විමුක්ති පෙරමුණ එම ක‍්‍රියාවලියට විරුද්ධව අදාළව ප‍්‍රභල විරෝධතා දියත් කරන්නේ ජූලි මාසයේදීය. ඒ වන විට 13 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි අඩංගු වන වගන්තිවල වචන මොණවාදැයි ඔවුන් දැන සිටියේ නැත. නමුත් එම කෙටුම්පත මගින් ඉටුකර ගැනීමට අපේක්‍ෂා කරන අරමුණු සහ ඊට අදාළ උපායමාර්ගික ප‍්‍රවේශය පිළිබ`දව ජනතා විමුක්ති පෙරමුනට ඉතා හො`ද අවබෝධයක් තිබුණි. ඔවුන් විසින් බෙදුම්වාදී මාර්ග සිතියමේ පළමු සැතපුම් කණුව අසලදී නිසි වේලාවට නිසි පරිදි විරෝධය දක්වන්නේ කෙසේද? ඒ එම මාර්ගසිතියමේ අවසාන සැතපුම් කණුව හුදුනා ගැනීම ස`දහා අවශ්‍ය න්‍යායාත්මක පදනම රෝහණ විජේවීරයන් විසින් ඊට වසර 2 කට පෙර හදුන්වා දුන් බැවිනි.

නමුත් අද ජනතාවිමුක්ති පෙරමුණේ නායකයින් මහජනයාගෙන් ප‍්‍රශ්න කරන්නේ ව්‍යවස්ථා කෙටුම්පතක් දකින්නෙ නැතිව ඊට එරෙහිව විරෝධය පලකරන්නේ කෙසේද යනුවෙනි. එදා ඉන්දියානු රාජතාන්ත‍්‍රික පීඩනයට සහ බෙදුම්වාදීන්ගේ ප‍්‍රචණ්ඩත්වයට බියවී ඔවුන්ගේ දේශපාලන ඉල්ලීම් ලබා දීමට ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයාට සිදු විය. ඊට එරෙහිව ප‍්‍රචණ්ඩ ලෙස විරෝධය පලකරන්නට ජනතා විමුක්ති පෙරමුණට සිදුවන්නේ එම යථාර්තය තුලය. නමුත් ජේ.ආර් ජයවර්ධන මහතා ඉන්දියාව විසින් ඉදිරිපත් කළ ෆෙඩරල් විසදුමට සම්පූර්ණයෙන්ම යටත් නොවී බේරීම ස`දහා ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදු කළ ප‍්‍රචණ්ඩ විරෝධය ඉතා සූක්‍ෂම ලෙස භාවිතා කළේය. ජයවර්ධන ජනාධිපතිවරයා කිසිසේත්ම කැමැත්තෙන් බලය බෙදීමට එක`ග වූ අයෙක් නොවේ. ඔහුට අවශ්‍යවූයේ සිංගප්පූරු මොඩලයට අනුව ශක්තිමත් මධ්‍යගත ධනපති රාජ්‍යයක්් ගොඩනැගීමටය. ඒ නිසා ඔහු ඉන්දියානු නිලධාරීන් විසින් සකස්කළ ව්‍යවස්ථා සංශෝධනයට විවිධ ආකාරයට ව්‍යවස්ථාමය බාධක ප‍්‍රමාණයක් ඇතුල් කිරීමට ක‍්‍රියා කළේය. ඒ ස`දහා ඔහුට දේශපේ‍්‍රමී නිලධාරීන් සහ නීතිඥයින් කිහිපදෙනෙකුගේ සහාය ලැබුණි. ඊට අදාල සාක්‍ෂි පසු කලෙක එච්.එල්. ද සිල්වා සහ එස්.එල් ගුණසේකර වැනි ජේ.ආර් ජයවර්ධන මහතා විසින් උපදෙස් ලබා ගත් ජ්‍යේෂ්ඨ නීතිඥවරුන් මෙන්ම 13 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේදී තීන්දුව ලබා දුන් රාජා වනසුන්දර වැනි විනිසුරුතුමන්ලාද එළිදරව් කරන්නට යෙදුනි.

කෙසේ වෙතත් ජනමත විචාරණයක් දක්වා යොමුවන ව්‍යවස්ථා සංශෝධනයක් වැලැක්වීම ස`දහා ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කළ ප‍්‍රචණ්ඩ විරෝධය හේතු වූ බවට විවාදයක් නැත. ඉන්දියානු නිලධාරීන් සමග කේවල් කිරීමේදී එම ප‍්‍රචණ්ඩ මහජන විරෝධය ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයාට ආශිර්වාදයක් විය. ඔහු විසින් 13 වන ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ක‍්‍රියාත්මකවීම වැලැක්වීම ස`දහා යෙදූ ව්‍යවස්ථාමය බාධක වලට විධායක ජනාධිපති ක‍්‍රමයද ආශිර්වාදයක් විය. අද ජයම්පති වික‍්‍රමරත්න සහ සුමන්තිරන් යන ජාතික ලයිස්තු මන්ත‍්‍රී සුසංයෝගය විසින් ගලවා ඉවත්කිරීමට උත්සාහ ගන්නේ ජේ.ආර් ජයවර්ධන මහතා යෙදූ ව්‍යවස්ථාමය බාධක බවට ඉතා පැහැදිලි සාක්‍ෂි ඇත. ඉතා සුළු ව්‍යවස්ථා සංශෝධනයක් මගින් එම බාධක ඉවත්කරගතහොත් බෙදුම්වාදීන්ට තම මාර්ග සිතියම ඔස්සේ කිසිදු බාධාවකින් තොරව ඉදිරියට ගමන් කළ හැක. ඒ ස`දහා ව්‍යවස්ථාවේ පවතින ඒකීය වචනය හෝ බුද්ධාගමට හිමි ප‍්‍රමුඛස්ථානය වෙනස් කිරීම අවශ්‍යවන්නේ නැත. එදා ජනතා විමුක්ති පෙරමුණ හැට දහසකගේ පමණක් නොව එහි නිර්මාතෘවරයාගේද ජීවිත පුදා 13 වන ව්‍යවස්ථා සංශෝධනය සහ ඊට ම`ග පෑදූ ඉන්දියානු මැදිහත්වීමට විරෝධය පළ කළේය. නමුත් බොහෝ ලපටි දේශපිලනඥයන්ට අනුව ඒ සියල්ල නිශ්පල දේශපාලන ව්‍යායාමයන්ය. නමුත් ජනතා විමුක්ති පෙරමුණ එදා ඒ ආකාරයට ප‍්‍රචණ්ඩ ලෙස විරෝධය පළ නොකළේනම් 13 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉන්දියාවටත් වඩා බරපතල ෆෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කෙරෙන්නේ 1987 දීම බවට කිසිදු සැකයක් නැත. එසේ වූවානම් ඊට වසර කිහිපයකට පසුව නැවත ආරම්භ වන්නේ බෙදුම්වාදී යුද්ධයක් නොව පශ්චාත් බෙදුම්වාදී දේශසීමා යුද්ධයක්ය. එපමණක් නොව එදා විජේවීර – සෝමවංශ සුසංයෝගය විසින් බෙදුම්වාදයට විරුද්ධව ජීවිත පරිත්‍යාගයෙන් ඒ සා ප‍්‍රභල විරෝධයක් පළ නොකළානම් හෝ ඒ සා විශාල වන්දියක් නොගෙව්වානම් 94 දී නැවත නැගිටීමෙන් පසුව බෙදුම්වාදී විරෝධය ජනතාවිමුක්ති පෙරමුණ නැමති පක්‍ෂ දේහයේ ඇට මිදුළු වලට කාවදින්නේ නැත.

එසේ නොවුනානම් 2002 දී සටන් විරාම ගිවිසුම සහ තාවකාලික ආණ්ඩුව පරාජයකොට බෙදුම්වාදී මාර්ග සිතියමේ දෙවන පියවර පරාජය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ නැවත වටයකින් දිවි හිමියෙන් කැපවන්නේ නැත. සෝමවංශයන් විසින් ඒ දෙවන ඊළාම් විරෝධී සටන් පෙරමුණට නායකත්වය සපයන්නේ විජේවීරයන් විසින් පෙන්වූ න්‍යායාත්මක පදනම මත ශක්තිමත්ව දෙපා තබා ගනිමිනි. එසේ නොවුනානම් යුද්ධය අවසන් කිරිම ස`දහා මහින්ද රාජපක්‍ෂයන් බලයට ගෙන ඒමේ ව්‍යාපෘතියට සෝමවංශයන් කරගහන්නේ නැත. එම දේශපාලන ව්‍යාපෘතියේ සාර්ථකත්වයට විමල් වීරවංශයන්ද ප‍්‍රභල භූමිකාවක් ඉටු කරනු ලැබීය. නෝර්වේ රජයේ ‘‘නොරාඞ්’’ නැමති ආධාර ව්‍යාපෘතියේ මුදල් වලින් ලන්ඩන් විශ්වවිද්‍යාලයේ විද්වතුන් කණ්ඩායමක් මගින් සිදු කළ අධ්‍යයන වාර්තාවක් මගින් සුඩානයට කළ දේ ශ‍්‍රී ලංකාවට කළ නොහැකිවූයේ කුමක් නිසා දැයි එළිදරව් වී ඇත.

‘‘සාමයේ ඉත්තෝ’’ ලෙස නම්කොට ඇති එම වාර්තාවට අනුව නෝර්වේ රජයේ මැදිහත්වීමෙන් සුඩානය බෙදා වෙන් කිරීමට හැකිවූවත් ශ‍්‍රී ලංකාවේදී එම සූත‍්‍රය වලංගු නොවන්නේ ප‍්‍රධාන වශයෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉටු කළ සුවිශේෂී දේශපාලන භූමිකාව නිසාය. එහි මූලික ගෞරවය සෝමවංශ අමරසිංහයන්ට හිමි විය යුතුය. නමුත් එසේ සුඩානයට උරුමවූ අවාසනාවන්ත ඉරණමෙන් ශ‍්‍රී ලංකාව ගලවා ගැනීමට මුල්වූ පුද්ගලයාට අත්වූ කණගාටුදායක ඉරණම දෙස බලන විට ශ‍්‍රී ලංකාව නැමති රාජ්‍යයට අද අත්වී ඇති ඉරණම ගැන පුදුමයක් ඇතිවිය නොහැකිය. ඊළාම් මාර්ග සිතියමේ තුන්වන අදියර පරාජය කළ මහින්ද රාජපක්‍ෂයන්ට අත්වූ ඉරණම සමග සැසදීමේදී එහි දෙවන අදියර පරාජය කිරීමට මුල්වූ සහ තුන්වන අදියරට පාර කැපූ සෝමවංශ අමරසිංහයන්ගේ ඉරණම ඉතා ඛේදනීයවේ. ඊට වගකිවයුතු පිරිස් අද රටේ ඉරණම තීන්දු කරන ඊළාම් මාර්ග සිතියමේ හතරවන හෙවත් අවසාන අදියර හමුවේ හැසිරෙන ආකාරයෙන් රටේ අනාගත ඉරණම පිළිබ`ද පින්තූරය වඩාත් භයානක වේ. මේ නිශ්චිත මොහොතේ ව්‍යවස්ථා සංශෝධනය හරහා දියත්වන ඒ බෙදුම්වාදී මාර්ග සිතියමේ අවසාන අදියර හමුවේ නිහඩව සිටින සියලූම බලවේග වලට ඉතිහාසය විසින් අත්පත් කර දෙනු ලබන ඉරණම කුමක්දැයි රටේ ඉරණම විසින් තීන්දු කරනු ඇත. ඔවුනට මීට පෙර ඉතිහාසය විසින් කෙසේ සමාව දී තිබුණත් මේ අවසාන පාවාදීමටනම් කිසිදු සමාවක් නොලැබෙනු ඇත.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කියන්නත් කණගාටුයි…මරණීය දණ්ඩන ලැයිස්තුවේ පළමුවෙනියා කාන්තාවක්

බන්ධනාගාර තුළ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ මරණීය දණ්ඩනය නියම වී සිටින ලැයිස්තුවේ පළමුවෙන්ම කාන්තාවකගේ නමක් ඇතුළත් බවත් එය කනගාටුවට කරුණක්...


Read More

ගුවන්තොට විකිණීමට විරෝධය පා ඒකාබද්ධ මන්ත්‍රී පිරිසක් මත්තලට ඇතුළුවෙයි

මත්තල ජාත්‍යන්තර ගුවන්තොට ඉන්දියන් සමාගමකට විකුණා දැමිමට විරෝධය පාමින් හිටපු කාතානයක ගරු චමල් රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍ර...


Read More

රට යන්න අවසර ලැබෙයි: බැසිල් ඇමෙරිකාවට

ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම අරමුදලෙන් රුපියල් මිලියන 36 කට වැඩි මුදලක් වැය කර දිවයින පුරා ප්‍රාදේශීය සභාවලට ජී.අයි. පයිප්ප බට මිලදී...


Read More