විදේශ පුවත්

සෝනියා ගාන්ධි යළිත් වරක් ඉන්දීය කොංග‍්‍රස් පක්ෂයේ සභාපති ධුරයට පත්ව තිබේ.

පෙරේදා (10දා) පැය 12 ක් තිස්සේ පැවති කොංග‍්‍රස් පක්ෂයේ විධායක කමිටු රැස්වීමෙන් අනතුරුව පක්ෂ සභාපති ලෙස සෝනියා ගාන්ධි පත් කිරීමට එකඟතාව පළවී තිබේ.

ඒ අනුව වසර දෙකකට පසුව සෝනියා යළිත් සභාපති ධුරයට පත්ව ඇත. ඇගේ පුතු රාහුල් ගාන්ධි පසුගිය මැතිවරණ පරාජයෙන් පසු පක්ෂ සභාපති තනතුරෙන් ඉවත් විය. පසුගිය ඉන්දීය මහා මැතිවරණයේදී කොංග‍්‍රස් පක්ෂයට දිනාගත හැකි වූයේ ආසන 52 ක් පමණි.

72 හැවිරිදි සෝනියා අභාවප‍්‍රාප්ත හිටපු අගමැති රජීව් ගාන්ධි සමග 1968 වසරේදී විවාහ වූවාය. ඇය 1997 දී ඉන්දීය දේශපාලනයට එක් වූ අතර එම වසරේදී කොංග‍්‍රස් පක්‍ෂ සභාපති ධුරයෙන් පිදුම් ලැබුවාය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

“අපේක්ෂාවේ අපේක්ෂකයා” ප්‍රකාශයට පත් කිරීම අද (18) ගෝල්ෆේස් පිටියේදී

ප්‍රගතිශීලී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ, වමේ පක්ෂ, සිවිල් සංවිධාන සහ පුද්ගලයින් රැසකගේ එකතුවෙන් ගොඩනැගී ඇති විකල්ප දේශපාලනයේ ජනතා කඳවුර වන ජාත...


Read More

රිෂාඩ්, හකීම්, සාලි, හිස්බුල්ලා සමඟ සන්ධානගතවීමට සිහින දකින්නන්ගේ සිහින බිඳීම සිංහලයාගේ පරම යුතුකමක් – ජාතික සංවිධාන කියයි.

ජාතික පුවත්පත් වලට ලිපියක් සපයමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ රිෂාඩ්, හකීම්, සාලි, හිස්බුල්ලා වැනි වහබ්බාදීන් සමඟ සංධානගතවී ඡන...


Read More

ශ්‍රීලනිප බලය චන්ද්‍රිකා අතට – මූලස්ථානයේ කාමරයකුත් වෙන්කර ගනී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කොට යළි ගොඩනැඟීමේ වගකීම තමන් භාර ගන්නා බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකක කුමාරතුංග මහත්මිය පක්ෂ...


Read More