මුහුණු පොතෙන්

හරිම සරළයි: සුමන් ගේන්න හදන ව්‍යවස්ථාව එදා බැසිල් යෝජනා කරපු 13+ ව්‍යවස්ථාවම හෝ එහි දිගුවක්. ඉතිං එයාට මේකට විරුද්ද වෙන්න හේතුවක් නැහැ. සුමන් ඉතාම කන්ෆිඩන්ට් පිට කියනවා, මෙහෙන් 21/ 30 එහාට එන්න ඉන්නවා කියල. ඒ අතරේ ජනාධිපතිගේ ශ්‍රිනිප චන්ද්‍රිකා ග්‍රහණයට නතුවෙන්නේ, පොහොට්ටුව සහ ශ්‍රිනිප අතර ගිවිසුමක් සිදුනොවෙන බව බැසිල් ස්ථිර කරන නිසා. ඒ හරහා ඔවුන්ට ඔවුන්ගේ පැවැත්ම උදෙසා වෙනත් විකල්ප වලට යොමුවෙන ලෙස අනියම් බලකිරීමක් සිද්දවෙලා. එහි අනිවාර්ය ප්‍රතිපලය වෙන්නේ, එතෙක් ජනාධිපතිගේ නායකත්වයෙන් ගත් තීරණ ශ්‍රිනිප යහපතට හේතු නොවුන නිසා, අකමැත්තෙන් වුවත් චන්ද්‍රිකා වැනි විකල්පයක් පරික්ෂා කල යුතු තැනට ඔවුන් බිත්තියට හේත්තු කරලා.

ජනාධිපතිට සහ මහින්දට සුමන්ගේ ව්‍යවස්ථාව වළක්වන්න කොච්චර උවමනාව තිබ්බත් චෙක් පොත, සම්බන්ධතා සහ පක්ෂ යාන්ත්‍රණය තියෙන්නේ බැසිල් අතේ. ඉතිං ඔහු ජනාධිපති අතින් සුමන්ට වෙච්ච අතවරය නිවරදි කරලා ආයි එයාලව සේෆ් ට්‍රැක් එකට දාල දුන්න. ඒ බෝනස් එකකුත් එක්ක. ඒ මහින්දගේ මන්ත්‍රීකම පාර්ලි. කරූට (කාරක සභාවක් හරහා) හෝ ජනාධිපතිට හිතුන වෙලාවක අත්සනකින් තීරණය ගැනීමේ අවස්ථාවත් ලබා දීලා.

ඒ මුලික දත්තයන් ටික.

බැලු බැල්මට මේකෙන් බැසිල් ප්‍රධාන ඉලක්ක 3ක් සහ ප්‍රතිපලය ලෙස තවත් ඉලක්කයක් සපුරනවා.

1). ජනාධිපතිට ඊළඟ මැතිවරණයට මහින්ද බාධාවක්. ඒ නිසා ඔහුට මහින්දගේ මන්ත්‍රීකම ඕනෙම වෙලාවක අවසන් කිරීමේ වරය දීලා තියෙනවා. ඒක කරගත්තොත් බැසිල් ගොඩ. මොකද හැරෙන තැපෑලෙන් ජනාධිපති ද්‍රෝහියෙක් වෙනවා.
සැයු : කරූ මේ වෙලාවේ ජනාධිපති ඔරොප්පු කරගන්නේ නැහැ. ඒ පාර්ලි. කල් නොදමා ඇදගෙන යන්න ඔහුගේ සහය අනිවාර්යයි. ඒනිසා කරුගෙන් මේ වැඩේ වෙන්න තියෙන හැකියාව අවමයි. පෙනුමට, ඔවුන්ටත් ඕනේ අත පුච්ච නොගෙන ජනාධිපති ලවාම මහින්දව ඉවරයක් කරලා දාන්න.

2). සුමන්ගේ 13+ ව්‍යවස්ථාවට අදාළ ටයිම් ලයින් එකේ ඉලක්ක ඇචිව් කරන්න තිබ්බ බාධාව ඉවත් කිරීම. ඒ ජනාධිපති සුමන්ට දාපු වෙට්ටුව නිවැරදි කරමින්. ව්‍යවස්ථාව සම්මත වුනාම, බැසිල්ගේ අතේ කුණු නැහැ. ක්ලින් සුටි.

3). ව්‍යවස්ථාවට මහින්ද පාර්ශවය අන්දලා, පොදු විපක්ෂය බල හීන කරලා ගිය අවුරුද්දේ වගේ එහෙන් මෙහෙන් විරෝදතා ටිකක් කරාම, බැසිල් වටා ආයිමත් කඩේ යන මී-හරක්, අයි රිපීට් අගේන් මී-හරක් ජාතිකවාදීන් කියාගන්න එවුන් ටිකක් සෙට් වෙනවා. ඉතිං එයා නිතරගයෙන් ඊළඟ මැතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයා වෙනවා.

4). 1 සහ 3 ක්‍රියාත්මක වෙද්දී, එහි අනිවාර්ය අතුරුපල වෙන්නේ, ගෝඨා, විමල් කැපිල එහෙම අය හිටියද කියලවත් හොයාගන්න නැතිවෙන එක. මම හිතන්නේ (මෙය ගමන නොනැවැත්තුනොත්) පෙබ 4න් පස්සේ, ජාතික කඳවුරක් කියල ඉතුරු වෙන්නේ පරණ පත්තර, පොත් සහ බුකියේ ලියවිච්ච ලිපි ටිකයි, ඔය දේශාභිමානි කියන සින්දු ටිකකුයි, සහ එල්ලෙන දත වගේ රටක් – පළාත් සභාවක් අතර දෝලනය වෙන රාජ්‍ය ව්‍යුහ 9කුයි විතරයි.

මගේ බලවත් විශ්වාසයට අනුව, බැසිල් කියන්නේ රනිල්, සුමන්, අනුර කල්ලියේ අනිවාර්ය සාමාජිකයෙක්.

එහෙම නෙමෙයි කියන කෙනෙක්ට, 1මුව සජිත්ගේ විරෝදතා වලින් රනිල්ව ආරක්ෂා කිරීම (පාරවල් කාපට් කිරීම), 13+ ගෙන ඒම, මහින්දගේ රිපුටේෂන් එක කෘතිවම නැති කරන්න කරපු වැඩ (තිබ්බ චෝදනා වලින් 2/3 හිමිකරුවා බැසිල්), 2015 ජන, අගෝ, 2018 ඔක් 26 සහ නොවැ 10 (පොහොට්ටු සාමාජික උත්සවය) තැන දක්වා වූ සිදුවීම් ජාලයේ තියෙන බරපතල උහතෝකෝටික ටිකට සංගත පිළිතුරැ ලබා දිය යුතුයි. එහෙම නැත්තන්, බැසිල් කියන්නේ 2005 එජාපන් ආපු, තවත් රනිල් පන්නයේ යුඑන්පි කාරයෙක් කියල පිළිගන්න වෙනවා.

– අඛිල සිරිවීර



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

සිරියාව හා ඉරාකය අහිමිවූ ISIS ත්‍රස්තයන් ලංකාව හා ඉන්දියාව දෙසට හැරෙයි – ඉන්දීය බුද්ධි අංශ සීරුවෙන්

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට සිරියාව හා ඉරාකය අහිමිවීම හේතුවෙන් ඔවුන්ගේ අවධානය ඉන්දීය සාගර කලාපය දෙසට යොමුව ඇති බවත් ඒ අනුව ශ්‍රී ලංක...


Read More

ලොකුම අවාසනාව රට ගැන කැක්කුමක් නැති අගමැති ලෝක ප්‍රජාව සතුටු කරන්න හීන දකින එකයි – බෙල්ලංවිල ධම්මරතන හිමි

රටේ වගකිව යුතු පුද්ගලයා වශයෙන් අග්‍රාමාත්‍යවරයාට දේශීය කිසිදු දෙයක් ගැන කිසිදු කැක්කුමක් නොමැති බව බෙල්ලංවිල ධම්මරතන හිමියන් පවසයි. ”ජ...


Read More

සිංහලයා වදවීම නිල වශයෙන් තහවුරුයි! මුස්ලිම් ළමා ජනගහනය සීඝ්‍රයෙන් ඉහලට.. ජන සංගණනයේ සැගවූ වාර්තා මෙන්න..

සමස්ත ජනගහනයට සාපේක්ෂව ළමා ජනගහනයේ දී ලංකා දෙමළ, ඉන්දියානු දෙමළ සහ මුස්ලිම් කියන ජනර්වගවල ප්‍රතිශතය ඉහළ ගොස් ඇති බව පිවිතුරු හෙළ උරුමයේ න...


Read More