දේශීය පුවත්

කටාන ශ්‍රීලංකා නිදහස් පක්‍ෂ සංවිධායිකා සුදර්ශිනී ප්‍රනන්දුපුලේ මන්ත්‍රීවරිය සහ ආධාරකරුවන් ශ්‍රීලංකා පොදුජන එක්සත් පෙරමුණ සමග ඉදිරි දේශපාලන කටයුතු සිදුකිරීමට තීරණය කර ඇතිබව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ශ්‍රීලංකා පොදුජන එක්සත් පෙරමුණ සැප්තැම්බර් මස 5 වනදින කොළබදී පවත්වන ජනබල මෙහෙයුමේ සංවිධාන කටයුතු සාර්ථක කරගැනීම සදහා එම පක්ෂයට සම්බන්ද ගම්පහ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු පළාත් සභා මන්ත්‍රීවරු පළාත්පාලන ආයතන ප්‍රධානින් සමග එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා නෙලුම් මාවත කාර්යාලයේ පැවති සාකච්ඡාවක් සදහා සුදර්ශිනී ප්‍රනන්දුපුලේ මන්ත්‍රීවරියද ඇරයුම් ලැබ පැමිණ ඇත.

මේ ආණ්ඩුව පෙරලදමා ජනතාවාදී රජයක් බිහිකිරීමේ අරගලය සදහා ශ්‍රීලංකා පොදුජන එක්සත් පෙරමුණසමග කටයුතු කිරීමට සුදර්ශිනී ප්‍රනන්දුපුලේ මන්ත්‍රීවරිය තීරණය කිරීම එහි සිටි කටාන ආසනයේ මෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලන ප්‍රධානින් විසින් බලාපොරොත්තු වෙන්සිටි කරුණක් බව රැස්වීමෙන් අනතුරුව සිදුවූ සුහද කතා බස් වලින් තහවුරු වූ බව පළාත් පාලන ආයතනයක ප්‍රධානියෙක් පවසා ඇත.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ප්‍රභලයෝ තිදෙනෙක් හදිසියේ මහින්ද හමුවෙති

රජයේ අමාත්‍යවරුන් වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රාවුෆ් හකීම්, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් හා ඊ.පී.ඩී.පී. නායක ...


Read More

භික්ෂු කතිකාවත් පනත ඉවතට?

රජය විසින් ඉදිරිපත් කර තිබෙන භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා ඉදිරිපත් නොකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටියි. ...


Read More

23 දෙනා ආණ්‌ඩුවෙන් එළියට නාවොත් ශ්‍රීලනිප බල පෙරළියක්‌

ආණ්‌ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ කණ්‌ඩායම ඉතා ඉක්‌මනින් ආණ්‌ඩුවෙන් ඉවත් නොවුණහොත් ශ්‍රීලනිපයේ නායකත්වය සහ බලය ලබා ගැනීමට කටයු...


Read More