මුහුණු පොතෙන්

තම කළුඳුල් දරු උපතට සූදානමින් උන් ගුවන් හමුදා සෙබළියක වූ අයේෂා දිල්හානිට කුළුඳුලේ ම නිවුන් දරුවන් සිවි දෙනෙකු ම උරුමව තිබුණි.

බිළිඳු දියණියන් දෙදෙනෙකුගේ ද, පුතුන් දෙදෙනෙකුගේ ද රැකවරණය, පෝෂණය මෙන් ම සනීපාරක්ෂාව සැලසීම මේ තරුණ මවට අභියෝගයක් වූවාට සැකයක් නැත.

දෙමව්පියන්ගේ ද උදව් උපකාර ලබා ගනිමින් දරුවන් රැක බලා ගත්ත ද, රජයේ සේවකයන් වූ මේ නිවුන් දරුවන්ගේ මව් පිය දෙපළට පමණක් දරුවන් ලෙකු මහත් කර ගැනීමේ වැය බර දරනු නොහැකි විය.

“ජනපතිට කියන්න” වැඩසටහන වෙත තමා මුහුණු දී සිටින අභියෝගය පවසා ජනාධිපතිවරයා වෙතින් උපකාරයක් ඉල්ලා සිටිමට අයේෂා තීර්ණය කළේ එබැවිනි.

“ජනපතිට කියන්න” වැඩසටහන වෙත ලැබුණු මෙම සුවිශේෂ ඉල්ලීම වෙත කාරුණික වූ ජනාධිපතිවරයා, මෙම දරුවන් හදා වඩා ගැනීම වෙනුවෙන් එක් දරුවෙකු වෙත රුපියල් ලක්ෂ 05 බැගින් දරුවන් සිව් දෙනා වෙත රුපියල් මිලියන 02ක පරිත්‍යාගයක් ලබාදීමට කටයුතු කළේය.

අදාළ මුදල් පරිත්‍යාගය ලබා ගැනීම වෙනුවෙන් අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණි අයේෂා දිල්හානි මහත්මිය ඇගේ ස්වාමිපුරුෂයා, මව සහ නිවුන් දරුවන් සිව් දෙනා සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

පාස්කු බෝම්බ ප‍්‍රහාරයේ වරදකරුවන්ට මරණ දඬුවම හිමි විය යුතුයි – ජනාධිපති

කුමන තරාතිරමක අයෙකු වුවද මහා සංඝරත්නයට අපහාස කරන්නේ නම් එය ප්‍රතික්ෂේප කරන අතරම පිළිකුල් සහගතව බැහැර කරන බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිප...


Read More

රණවිරු බළකාය ගෝඨා ඉල්ලා මහින්දගේ කාල්ටන් නිවසට යයි

රට බේරා ගැනීමේ අරමුණින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලීම් කිරීමට ශ්‍රී ලංකා ජාතික රණවිරු බළකායේ නිලධාරී මණ්ඩලය අ...


Read More

‘‘මාතෘ භූමී සුරක්ෂා පූජා“ කෝට්ටේ ශ්‍රී නාග විහාරයෙන් ඇරඹෙයි.

රට ජාතියට සෙත් පතා සිදු කළ‘‘මාතෘ භූමී සුරක්ෂා පූජා“ ආශිර්වාද පූජාව අද (16) පොහොය දින සවස කෝට්ටේ ශ්‍රී නාග විහාරයේදී විහාරාධිපති දර්ශනපති ...


Read More