විදේශ පුවත්

නිරිත දිග සිරියාවේ සිදුවූ ප්‍රහාර ගණනාවකින් 215 දෙනෙකු පමණ මියගොස් ඇති බව එරට නිලධාරීන් සහ නිරීක්ෂකයන් කණ්ඩායමක් පවසති.

සිරියානු රජය යටතේ ඇති ‘සුවෙයිදා’ නගරය ආශ්‍රිතව බදාදා (25) මරාගෙන මැරෙන ප්‍රහාර කීපයක් එල්ල විය.

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය මෙම ප්‍රහාරවල වගකීම භාරගෙන තිබේ.

එහිදී රජයට පක්ෂ කණ්ඩායම් සහ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට අයත් සටන්කරුවන් අතර වෙඩි හුවමාරුවක් ද සිදුවී ඇත.

ඉස්ලාමීය රාජ්‍ය සටන්කරුවන් යටතේ පවතින ප්‍රදේශ සිරියානු රජයේ පාලනයට නතුකර ගැනීමේ මෙහෙයුම් දිගින් දිගටම ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම මෙහෙයුම් සඳහා රුසියාව සහාය දක්වයි.

බදාදා එල්ල වූ ප්‍රහාර මාස ගණනාවකින් පසු සිදු වූ දරුණුතම ප්‍රහාර බව වාර්තාකරුවෙක් පැවසීය.

එක්සත් රාජධානියේ පිහිටා තිබෙන සිරියාවේ මානව හිමිකම් පිළිබඳ නිරීක්ෂණය කරන සංවිධානයක් ප්‍රකාශ කර සිටියේ, ‘දමස්කස්’ අගනුවර දකුණින් පිහිටි සුවෙයිදා නගරය සහ ඒ අවට ගම්මානවල මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම් ගණනාවක් සිදුව ඇති බවය. එමෙන්ම සටන්කරුවන් ගම්මානයේ නිවෙස්වලට බලහත්කාරයෙන් ඇතුළු වී නිවැසියන් මරා දමා තිබෙන බවද ඔවුහු පැවසූහ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කොකේන් භාවිත කරන මැති ඇමැති 24කගේ නම් රන්ජන් දුරකථනයෙන් පැවසුවා – කථානායක

කොකේන් භාවිත කරන මැති ඇමැතිවරුන් විසි හතර දෙනකු පාර්ලිමේන්තුවේ සිටී නම් ඒ පිළිබඳව තමන්ට ලිඛිතව දැනුම් දෙන ලෙස රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක...


Read More

පොදුජන පෙරමුණේ ගිණුම් වාර්තා හෙළිදරව් කිරීම් හොඳ දෙයක්.. ඒ සමග කළ දේ කුමක්දැයි රටට කියනවා නම් ඉතා වැදගත් – නියෝජ්‍ය ඇමතිවරයෙක්

පසුගිය දිනවල පොදුජන පෙරමුණ විසින් පක්ෂයේ ගිණුම් වාර්තා රටට හෙළිදරව් කිරීම දේශපාලන ක්ෂේත්‍රයේ ඇගයීමට ලක් විය. ඒ පිළිබඳව අප වෙත අදහස් ද...


Read More

ජනපති – විපක්ෂ නායක, ව්‍යවස්ථාදායක සභාව පතුරු ගහයි – සුදු රෙදි ඇඳගෙන ඉන්න මහත්වරුන්ගේ රෙදි ගැලවෙයි..

ව්‍යවස්ථාදායක සභාව පිළිබඳ එක්දින කල්තැබීමේ විවාද යෝජනාව එළැඹෙන බ්‍රහස්පතින්දා විවාදයට ගත් පසු ව්‍යවස්ථාදායක සභාවේ සුදු ඇඳගෙන සිටින මහත්වර...


Read More