විදේශ පුවත්

ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛත්වය ගෙන සිරියාවේ ඉලක්ක වෙත එල්ල කරන ලද ප්‍රහාරය පසසන අතරවාරයේදී ඉරාන මැදිහත් වීම සිරියානු අර්බුදය තව උග්‍ර කරනු ඇතැයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසයි.

සිරියානු රජයේ හමුදා ආණ්ඩු විරෝධී කැරැලිකරුවන්ගේ පාලනයේ තිබෙන ඩූමා ප්‍රදේශයට විස වායු ප්‍රහාරයක් එල්ල කළ බවට චෝදනා කරමින් ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඇමෙරිකාව, ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය ඩැමැස්කස් නුවර ඉලක්ක කිහිපයකට ගුවන් හා මිසයිල ප්‍රහාර එල්ල කළේය. කෙසේ වෙතත් සිරියාව මෙන්ම සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ ආණ්ඩුවට සහාය දක්වන රුසියව ද ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් කරන චෝදනා ප්‍රතික්ෂේප කරයි.

පසුගිය සතියේදී ඩූමා වෙත එල්ල වූ විස වායූ ප්‍රහාරයෙන් 70 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වූ අතර ඉන් වැඩි දෙනා සිවිල් වැසියෝ වූහ.

ගුවන් හා මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව මෙහෙයුම සාර්ථක වූ බව සඳහන් කරමින් ඇමෙරිකා ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් ද නිකුත් කළේය. අසාද් ආණ්ඩුව ඔවුන්ගේ රසායනික අවි භාවිතය නොනවත්වන්නේ නම් අඛණ්ඩව ප්‍රහාර එල්ල කිරීමට සූදානම් බව ද ට්‍රම්ප් ජනාධිපතිවරයා කීය.

“අද උදෑසන ඇමෙරිකා නායකත්වය යටතේ, ඇමෙරිකා එක්සත් ජනපදය, ප්‍රංශය සහ එක්සත් රාජධානිය ඔවුන්ගේ කැපවීම ප්‍රකාශන හා ඒවායේ මූලධර්මවලට පමණක් සීමා වී නැති බව ප්‍රදර්ශනය කළා” යැයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ලිඛිත ප්‍රකාශයක් මගින් සඳහන් කළේය.

“ඉරානය ඔවුන් නියෝජනය කරන පාර්ශ්ව හා කණ්ඩායම්වලට කඳවුරු හා පහසුකම් සැපයීම සිරියාව අනතුරු හෙළීමක් බව සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් තේරුම්ගත යුතුයි” යැයි ද හෙතෙම පැවැසීය.

සිරියාවේ ඩැමැස්කස් අගනුවර රසායනික අවි ඇතැයි කියන ස්ථානවලට ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය ප්‍රහාර එල්ල කරන වග ඊශ්‍රායලය දැන සිටි බව ද වාර්තා විය. “අපිට කලින් අනතුරු ඇඟවීම් ලැබුණා. පැය 12ත් පැය 24ත් අතර කාලයක් අතරතුර සිරියාවට ප්‍රහාර එල්ල වන බව අපට කලින් දැනගන්නට ලැබුණා” යැයි ඊශ්‍රායල නිලධාරියෙක් රොයිටර් පුවත් සේවයට පැවැසීය.

ඉලක්ක තෝරා ගැනීමට ඊශ්‍රායලය සහාය වූයේ දැයි විමසූ විට “මගේ දැනුම අනුව නැහැ” යැයි එම නිලධාරියා පැවැසීය. ප්‍රහාර එල්ල කිරීමට පෙර ඊශ්‍රායලය දැනුවත් කළ බව වැඩි විස්තර සඳහන් නොකළ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාල ප්‍රකාශිකාව රොයිටර් පුවත් සේවයට පැවැසුවාය.

ඉරානය සිරියානු ජනාධිපතිවරයාට සහාය දක්වමින් සිරියානු අර්බුදයට මැදිහත් වීම ඊශ්‍රායලයේ කෝපයට හේතුවී තිබෙන අතර කිසියම් හෝ තර්ජනයක් එල්ල වුවහොත් ඊට ප්‍රතිචාර දක්වන බව ඊශ්‍රායලය අවධාරණය කර තිබේ. ආයුද සන්නද්ධ ඉරානය ෂියා ව්‍යාපාරයක් වන හිස්බුල්ලා සංවිධානයට ද සහාය දක්වන අතර ඔවුන් සතුව මිසයිල තිබෙන බව වාර්තා වේ. හිස්බුල්ලා සංවිධානය 2006 වසරේදී ඊශ්‍රායලය සමඟ යුද වැදුණු සංවිධානයක් ද වේ.

සිරියාවේ පිහිටි ගුවන් හමුදා කඳවුරකට ප්‍රහාර එල්ල කළ බවට සිරියාව, ඉරානය සහ රුසියාව ඊශ්‍රායලයට චෝදනා කරයි. ලෙබනන සිරියානු දේශසීමාවේ පිහිටි මෙම ගුවන් හමුදා කඳවුරට එල්ල වූ ප්‍රහාරයෙන් ඉරාන හමුදා සාමාජිකයෝ හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඊශ්‍රායලය ප්‍රහාරය එල්ල කළ බව සනාථ කිරීම හෝ ප්‍රතික්ෂේප හෝ නොකිරීම ද විශේෂත්වයකි.

ඉකුත් බදාදා (11) රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අමතා සිරියාව අස්ථාවර කරන කිසිවක් නොකරන්නැයි අවධාරණය කළ බව ක්‍රෙම්ලීන ආරංචි මාර්ග සඳහන් කළේය. එසේ වුවත් ඉරානයට සිරියාව තුළ ස්ථාවර වීමට ඉඩ නොතබන බව නෙතන්යාහු පැවැසූ බව ඊශ්‍රායාල අගමැතිවරයාගේ කාර්යාලයෙන් දැනගන්නට ලැබිණි.

ඊශ්‍රාලය සිරියාවේ ඉලක්ක වෙත නිරන්තරයෙන් ගුවන් ප්‍රහාර එල්ල කරන අතර විශේෂයෙන්ම ලෙබනන හිස්බුල්ලා ආයුද නැව් බවට සැක කෙරෙන නැව් ඉලක්ක කරගනිමින් එම ප්‍රහාර එල්ල විය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

2020 ජනාධිපති අපේක්ෂකයා ගෝඨා නෙමෙයි – මහින්ද

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් ලෙස සකස් කළ කූඨ ලේඛනයක් කිසියම් පිරිසක් විසින් සමාජ ජාලාවලට මුදා...


Read More

මත්තල අවනඩුව ගුවන්සේවා ඇමතිට (Video)

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අද (18) මත්තල ගුවන්තොටුපළ විකිණීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීම ස‍දහා ප්‍රවාහන හා ගුවන්සේවා අමාත්‍යා...


Read More

ශ්‍රී ලංකා-සිංගප්පූරු ගිවිසුම ගැන විමල්ගෙ කතාවෙන් මැතිසබය රත්වෙයි (Video)

සිංගප්පුරු – ශ්‍රී ලංකා වෙළද ගිවිසුමෙන් මෙරටට ආනයනය කෙරෙන භාණ්ඩ අතර ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය, විකිරණශිලී අපද්‍රව්‍ය, න්‍යෂ්ටික අපදව්‍ය ගන...


Read More