දේශීය පුවත්

එජාප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම උණුසුම් වී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉන් නැගිට යාමත් සමග එහි රැස්ව සිටි මන්ත්‍රීවරුන් පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් නිල ‌නොවන ජන්ද විමසීමක් පැවැත්වීමට කටයුතු ‌කොට ඇත.

ඒ වනවිට මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට මන්ත්‍රීවරුන් 65 ‌දෙනකු සහභාගී වී සිට ඇති අතර එහිදී මන්ත්‍රීවරුන් 52ක් සජිත් ‌ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් සිය ජන්දය භාවිතා තර ඇත.

නමුත් ජන්දය විමසීම ආරම්භ කරනවාත් සමග මන්ත්‍රීවරුන් 1 3 ‌දෙනකු නැගිට කාමරයෙන් පිටව ‌ගොස් ඇති බව දැනගන්නට ඇත.

කෙසේවෙතත් වික්‍රමසිංහ මහතා සාකච්ජාවෙන් නැගිට යාමෙන් පසු නැවතත් සාකච්ජාව සදහා එක්වීමට කටයුතු කර ‌නොමැති බව වාර්තා ‌වේ.

ඒ මහතා සමග මලික් සමරවික්‍රම හා කබීර් හෂීම් යන මහත්වරුන් ‌වෙනම සාකච්ජා පැවැත්වුවද එයද අසාර්ථක වී ඇති බව දැනගන්නට ඇත.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

රිෂාඩ් බදුයුදීන් ආණ්ඩුවට අතවනයි

යහපාලන රජයේ ප්‍රබල දේශපාලන චරිතයක් වූ ශ්‍රී ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදුයුදීන් මහතා වත්මන් රජයට එක්වීම සඳහා උත්සාහ දරමින් සිට...


Read More

ජනපති ගෝඨාභය සමග සක්‍රයා සහ පුත් වයිමා එක්වුවද කළ නොහැකි දේ ගැන ජාතික සංවිධාන පැහැදිලි කරයි

ජාතික සංවිධාන නියෝජනය කරමින් ජාතික පුවත්පත්වලට ලිපියක් සපයන වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ජනාධිපතිතුමා සක්‍රයා සහ ඔහුගේ පුත් වයිමා සමග එක්වුවද...


Read More

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමට ජනපතිගෙන් උපදෙස් : ජනතාවට අප්‍රමාද සේවාවක් ලබාදීමට කැපවෙන්න

රාජ්‍ය යාන්ත්‍රණයේ පවතින අකාර්යක්ෂමතාව, ප්‍රමාදය සහ දූෂණය පිටුදැකීම අරමුණු කර ගනිමින් සියලුම රාජ්‍ය ආයතන එකම දත්ත ජාලයකට යොමු කිරීමට ජනාධ...


Read More