දේශීය පුවත්

සිරිකොතේ වැඩ තුනට බෙදයි

April 23, 2018 9:22 am | Lanka Lead News

එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළට සමගාමීව සිරිකොත පක්‍ෂ මූලස්‌ථානය ප්‍රධාන ක්‍ෂේත්‍ර තුනකට වෙන් කර එහි කටයුතු කාර්යක්‍ෂමව ඉදිරියට ගෙන යාම සඳහා නිලධාරී මණ්‌ඩලයකට බලය පැවරීමට තීරණය කර ඇත.

ඒ අනුව ජනසන්නිවේදන හා ප්‍රචාරක අංශය, ප්‍රධාන කාර්යාලය මෙහෙයවීම, සමාජිකයන් බඳවා ගැනීම හා ප්‍රවර්ධන කටයුතු බිම් මට්‌ටමින් ක්‍රියාවට නැංවීම වැනි වැඩකටයුතු ඉදිරියට මෙහෙයවීම සඳහා නිලධාරීන් තිදෙනකුට බලය පැවරෙන අතර ඔවුන්ට සහාය දැක්‌වීමට විෂය භාර නව ලේකම්වරුන් තිදෙනකු පත් කෙරෙනු ඇත.

පක්‍ෂයට නව සාමාජිකයන් බඳවා ගැනීම හා ප්‍රවර්ධන කටයුතු බිම් මට්‌ටමේ සිට ක්‍රියාවට නැංවීම ජාතික සංවිධායකවරයාටත්, ජනසන්නිවේදන හා ප්‍රචාරක කටයුතු ඉදිරියට ගෙන යැම ඒ සඳහා පත් කරන ප්‍රධානියාටත් වගකීම් පැවරෙන අතර පක්‍ෂයේ ප්‍රධාන කාර්යාලය මෙහෙය වීමේ කටයුතු මහලේකම්වරයා වෙත පැවරේ.

එක්‌සත් ජාතික පක්‍ෂයේ සිදු කරනු ලබන නව ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ පක්‍ෂය ශක්‌තිමත් කිරීම සඳහා පියවර රැසක්‌ මේ වන විට ගෙන තිබෙන අතර පක්‍ෂ මූලස්‌ථානය අංශ තුනකට වෙන් කර නිලධාරි මණ්‌ඩලයකට බලය පැවරීම එහි තවත් පියවරකි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

යුද අපරාධවලින් රට නිදහස්‌ කර ගැනීමට ජනාධිපති ඉල්ලීමක්‌ කළ යුතුයි – සාහිත්‍ය සූරී ගුණදාස අමරසේකර

ජනාධිපතිතුමා මේ රටේ යුද අපරාධ සිද්ධ නොවුණ බව විශ්වාස කරන්නේ නම් ඒ පිළිබඳව එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සමග සාකච්ඡා කර යුද අපරාධ ච...


Read More

මෛත්‍රීට නැවතත් ජනපති වෙන්න නම් මහින්දගේ ආශිර්වාදය ගන්න ඕනේ (Video)

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට නැවත වතාවක් ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අවශ්‍ය නම් වහාම කළ යුත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය ලබ...


Read More

හමුදා නිලධාරින්ගේ පඹයෝ ඉන්න ඒකාබද්ධ විපක්ෂට රාජපක්ෂ රෙජිමය නැවත ගේන්න දෙන්න බෑ! (Video)

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුවෙ කෙතරම් සංදර්ශන දැමුවද ඔවුන් විශ්‍රාම ගිය හමුදා නිලධාරින් ගේ පඹයන් බවට පත් වී ඇති බව අග්‍රාම...


Read More