කලා පුවත්

60 දශකයේ මැද භාගයේ තාත්තා, අම්මා, අක්‌කලා දෙන්නා, අයියා හා නංගී සමඟ අප වෙසක්‌ සිරි නරඹන්නට ගියේ පයින්ය. නිවසේ සිට හැතැප්මක්‌, එකහමාරක්‌ පමණ දුරින් වූ ගාලු නගරයට වෙසක්‌ දා රෑ පයින් යද්දී නංගී, අම්මා වඩාගත් ගමන්ද තාත්තා, මා ඔහුගේ කරමත හිඳුවාද යනු දක්‌නා ලදී. ඕල්කට්‌ පිළිමය අසල මාකැට්‌ටුවේ තොරණ චමත්කාරජනක විය. එය මා දුටුවේ කාටත් උඩින්ය. මෝටර් සාප්පුවේ ඉදිරිපස විසල් ප්‍රදේශයක අටවා තිබූ “සිදුහත් කුමරු නේරංජනාවෙන් එතෙර වීම” තනිකර ඉලෙක්‌ට්‍රොනික විඡ්ජාවක්‌ විය. කන්ථක මත නැගුණු සිදුහත් කුමරා නිශ්චිත පථයක්‌ ඔස්‌සේ ගමන් කරමින් නදිය මතින් එතෙර වීම දිගින් දිගටම සිදුවීය. කෑම බීමවලින් අප සැතපවූ තාත්තා ඊළඟට අප රැගෙන ගියේ ක්‌වීන්ස්‌ සිනමා ශාලාවටය. චිත්‍රපටය විශේෂ දර්ශනයක්‌ විය. ඇල්. ඇම්. පෙරේරාගේ ‘හතර මහ නිධානය’ බලා අප සිනමා හලෙන් එළියට ආයේ අමුතුම හැඟීමකිනි. එදා වෙසක්‌ දා රාත්‍රියේ මා ලද අත්දැකීම, පහන් සුවය, 2018 දී දෙවිනුවර, කපුගම බටහිර පොල්ඉන්දුහේනට එන අප හිතෛෂී ජන සමාජයට පුදන්නට මට සිත්වූයේ “යශෝධරා” චිත්‍රපටයේ පසු නිෂ්පාදන වැඩවලට සම්බන්ධව, කොළඹදී තෙවරක්‌ චිත්‍රපටය නරඹන්නට සිදුවූ බැවිනි. වෙසක්‌ පෝදා අපේ සතුටේදීම වඩා දුකේදී අප ළඟ සිටින ජන සමාජය ලේස්‌ති කරවා කලියෙන් ප්‍රවේශ පත්‍ර ගැනීමට Sණ සිනමා ( මාතර, මා මිතුරාට කතා කළ විටයි ඔහු කීවේ “ඇයි බන්දු පෝයට චිත්‍රපට තහනම්නේ කියා…¾ කෙසේ වෙතත් 30 වැනිදා “යශෝධරා” ඔවුනට පෙන්වන තුරු අද 29 වැනිදාවේ, මා පෙර නැරඹූ ‘යශෝධරා’ ගැන ලියන්නට අර අඳිමි. සැබැවින්ම එය ප්‍රතිනිර්මාණය ‘යශෝධරා’ චිත්‍රපටය තුළ පිරී තියෙයි.

සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අධ්‍යක්‌ෂණය කළ, එච්. ඩී. ප්‍රේමසිරි මහතා නිෂ්පාදනය කළ “බිම්බා දේවී හෙවත් යශෝධරා” චිත්‍රපටය වනාහී, ලොව මෙතෙක්‌ යශෝධරාව පිළිබඳ ඒකලව නිර්මාණය වූ ප්‍රථම චිත්‍රපටයයි. එය එසේ වන්නේ ඇයි? සිද්ධාර්ථ පිළිබඳව අනන්ත චිත්‍රපට හැදූ අබෞද්ධ, නවීන මෙන්ම, ප්‍රවීණ – සම්භාව්‍ය ලෝක සිනමාකරුවන් ‘යශෝධරා’ දෙස නොබැලුයේ ඇයි? 1987 දී තිස්‌ස අබේසේකරයන්ගේ සිනමා තිර රචනා හා අධ්‍යක්‌ෂණ පාඨමාලාව අභිරුචියෙන් හැදෑරුවෙකු ලෙස මට ඔහුගේ ඉගැන්වීම් දෝංකාර දෙයි. ඡකදඑ නොහොත් ප්‍රස්‌තුතය, ඔeංඑ නොහොත් පෙළ, තිර රචනයක නැගී සිටින්නේ යම් සේද, ‘යශෝධරා’ රචනයේදී තිර රචකට බලපාන මූලික, ප්‍රාථමික දුෂ්කරතාව වන්නේ සිද්ධාර්ථගෙන් තොර යශෝධරා නිර්මාණය කරන්නේ කෙසේද යන්නයි. ‘සිද්ධාර්ථගෙනA තොර’ වචනාර්ථයෙන් නොගත යුතුයි. ‘යශෝධරා’ නිර්මාණය කරද්දී, සිද්ධාර්ථගේ ප්‍රභාව, ප්‍රකටත්වය, පංගුකාරත්වය යශෝධරාගේ පෙනී සිටීමට සමභාග කරන්නේ කෙසේද? සිද්ධාර්ථගේ රූප රාමු වැඩි විය හැකිය. ප්‍රමුඛතාවද වැඩි විය හැකිය. එනමුදු යශෝධරාට ලැබෙන සීමිත වපසරියේ දැවැන්තව, හදට දැනෙන්නට, අහෝ අහෝ කියා කියවෙන්නට ඇයව ප්‍රති නිර්මාණය කළ යුතුය. සැබැවින්ම එම ප්‍රතිනිර්මාණය ‘යශෝධරා’ චිත්‍රපටය තුළ පිරීතිරෙයි.

තිර රචනයේදී මෙන්ම, සංවාද රචනයේදී යශෝධරාවගේ මේ හෘදයාංගම, අතිශය පහන් නිර්මලත්වය අදහාගත නොහැකි සේ ඉස්‌මතු වෙයි. හද කම්පා කරවමින්, නුවන් බොඳ කරමින් නිර්මාණය වී ඇති එම සංවාද, දෙබස්‌ මේ දැනුදු ප්‍රතිරාව නංවයි.

සිදුහත් ගිහි ගේ හැරයන්නට පෙර සිය මානසික පරිවර්තනය ගැන යශෝධරාට දැන්වූ විට, සිදුහත් කුමරු නොපැතූ ලෙස යශෝධරාගෙන් ලැබෙන ප්‍රංවන්ත, මැදිහත් ප්‍රකාශය, කිසිදා දෙබසක්‌ නොමැතිව මහ රෑ, කුමරු නික්‌මෙද්දී, කවුළුවෙන් අසු සරසන ඡන්න දෙස බලා පසුව කුමරු දැක නතර කර ගන්නට තතනන මහා හැඬුම, කුලගේ තනි වූ යශෝධරාවට වෙනත් පුරුෂයෙකු ගැන යෝජනා කිරීමේදී සුදොවුන් රජු හා ප්‍රජාපතී ගෝතමිය අබියස සිදුහත් කුමරු පිළිබඳව යශෝධරා කරන උදාරතර ප්‍රකාශනය, රාහුල කුමරු පියා ගැන පිළිවිසීමේදී යශෝධරා මාතාවගෙන් ලැබෙන උද්වේගකර පිළිතුරු, බුද්ධත්වය අත් කර ගැනීමෙන් පසු බුදුන් මාලිගාවට වැඩි පසු, පහත මාලයට නොගොස්‌, උඩු මහලේ තනිව බුදුන් ඒකාන්තව තමා වෙත වඩිතැ’යි කරන සත්‍ය ක්‍රියාවේදී සිදුහත් මාපියන්ට දුන් විස්‌මිත පිළිතුරු, රාහුල පුතු මහණ වීමෙන් පසු මුල් වරට, මුඩු හිසින් සිටින හුරතල් රාහුල පුතු දුටු විට, මව්-පුතු අතර ඇති වන හද කකියවන දෙබස්‌… මේ අයුරට අධ්‍යක්‍ෂවරයා ‘යශෝධරා’ චිත්‍රපටය ‘සිද්ධාර්ථ’ නොවන්නට වග බලාගත් අවස්‌ථා අනන්තව උපුටා දැක්‌විය හැකිය.

සියල්ලම අතරේ යශෝධරාව බුදුන් පායුග සිප ගනිද්දී බුදු පා පියුම් සිපගන්නට එපා යෑයි යශෝධරාට ලැබෙන ඔවදනට, බුදු හිමිගේ හඬින් ලැබෙන හෘදයාංගම කෘතවේදී දෙබස්‌ ප්‍රේක්‌ෂකයන්ට කිසිදා අමතක නොවේ.

‘යශෝධරා’ වැනි නිර්මාණයක්‌ ලංකාව වන් රටකදී සිනමාවට නැගීමේදී, ඊළඟ ප්‍රධාන ගැටලුව වන්නේ Casඑසබට හෙවත් නළුවරණයයි. කවුරු කුමක්‌ කීවද, යශෝධරා චිත්‍රපටයේ භාරත රංග ශිල්පී යුග්මය වන පල්ලවී සුභාෂ් (යශෝධරා) හා ඒ. චෞද්‍රි (සිද්ධාර්ථ) භූමිකා පණ නොපොවන්නට ‘බිම්බාදේවී හෙවත් යශෝධරා’ අද අයාලේ හැදෙන, ඊනියා ඓතිහාසික විගඩම් බයිස්‌කෝප් එකක්‌ වන්නට ඉඩ තිබුණි.

සිදුහත්-යශෝධරා බාල විය, කුමර-කුමරි ජීවිතය හා භද්‍ර යෞවනය, විවාහය, කුලගෙයි ජීවිතය, කලකිරීම, සිදුහත් තීරණය, අභිනිෂ්ක්‍රමණය, යශෝධරාව රූමතියක්‌ව, කුලවන්තියකව මේ මහා දෙදරීමට මුහුණ පෑම, රාහුල-යශෝධරා ලෝකය, රජ පවුලේ, සුප්‍රබුද්ධ-දෙව්දත් පාර්ශවයේ ක්‍රියාකාරකම්, මේ ආදීව පෙළට එන සංකීර්ණ මනෝභාවයන්, ජවනිකාවන් භාරත රංගන යුග්මය පෙරටුව තබාගෙන මෙහෙයවා ඇති හැටි සැබවින්ම විස්‌මයාවහ ක්‍රියාවකි.

ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතය ප්‍රධාන භූමිකාවෙකි. කාව්‍යක්‌කාර ගායනා නරසීහ ගාථා, ශ්ලෝක ගායනා මෙන්ම, විශාරද නන්දා මාලිනියගේ යශෝධරාවත අනු ගායනාව අමයුරු මෙන්ම, අනෙක්‌ අතට පහන් ශාන්ත සුවයක්‌ ගෙනෙයි.

බුදුන් වහන්සේගේ ගෞරවාදරයට පාත්‍ර වූ ලොව ශ්‍රේෂ්ඨ වනිතාවෝ දෙදෙනෙක්‌ වෙත්. මහමායා දේවි ඇවෑමෙන් දෙතන කිරි දී මහබෝසතාණන් ඇති දැඩි කළ මහාප්‍රජාපතී බුද්ධ මාතාවයි. අනෙක්‌ ශ්‍රේෂ්ඨාව වූ කලී, සිදුහත් කුමරුනට බුද්ධත්වය කරා එළැඹෙන්නට සියලු පරිත්‍යාග පූජාවන් ජීවිතයෙන්ම කළ යශෝධරාවයි. මෙම පූජාදාහ කථාන්දරය අප මෙතුවක්‌ අසා ඇත්තේ ගද්‍යයෙන් හෝ පද්‍යයෙනි. ‘බිම්බාදේවි හෙවත් යශෝධරා’ සිනමා කාව්‍යයේ සුදිලෙන ලක්‌ෂණයක්‌ වන්නේ මෙම රමණීය, අනුවේදනීය, අසංසන්දනාත්මක සිදුවීම් දහරාව අප හමුවට පමුණුවන සරල, සුගම මෙන්ම හැඟුම්බර විලාශයයි.

දැන් අප්‍රියෙල් 30 වැනිදා රාත්‍රියයි. වෙසක්‌ පෝදා දර්ශන තහනමෙන් පසු Sණ සිනමා, මාතර ශාලාවේදී මා කලියෙන් සඳහන් කළ අප ගමේ පිරිවර, මා හට දකුණු පැත්තෙන් පේළි තුනක අසුන්ගත කරන ලදී. මා සිටි තැනට අප නඩයේ සියල්ලන්ගේ පාහේ මුහුණු හොඳින් ආලෝකමත්ව පෙනේ. මා සිතූ හැම ජවනිකාවකදීත්, මා නොපැතූ ඇතැම් තන්හිදීත්, අප සමාජයේ අයගේ දෑස්‌ කඳුළින් දිලිසෙනු මට දැකගත හැකි විය. කණ්‌ණාඩි පැලඳ සිටි එකම එක මැදිවියේ කාන්තාවගේ දෑස්‌ නොපෙනුණු බව කී විට, ම බිරිඳ කීවේ ඇයට යාබදව සිටි ඈ ඉකිගසමින් හැඬු බවය.

අප පිරිසේ සිටි ගැමියෙකු වූ කරුණාදාස අයියා කීවේ, කාලෙකින් හිතට දැනෙන, දැනී ඇඬෙන ආදර්ශමත් පින්තූරයක්‌ නැරඹු බවය. ඔහු බිරිඳ කුසුමක්‌කා කියන්නේ, මෙය සැබෑ පුණ්‍ය කර්මයක්‌ බවය. (ඔවුන්ට වාහන සපයා, සප්පායම් කර හැරලීම දක්‌වා නොමිලේ දුන් පැකේජය නිසා, කෘතවේදිත්වය පළ කරනු වස්‌ කළ ප්‍රකාශයකි) ඇය, කුසුමක්‌කා සිනමා හලෙන් පිටවුණේ ආ ගැහැනිය නොවේ. අවුරුදු 81ක්‌ වන රාළහාමි පවසන්නේ මේ චිත්‍රපටයේ කිසිම වරදක්‌ හොයන්නට නැති බවය. පාට ලස්‌සන බවය. කවි ගී මිහිරි බවය. කවදාවත් බලා ගන්නට නොලැබෙන පින්තූරයක්‌ බවය.

මා දියණියන් සිංහල චිත්‍රපට නරඹන්නේ තෝරා බේරා ගෙනය. කාව්‍යක්‌කාරයාගේ කටහඬ, ඔහුගේ පෙනුම හා සැස» විට මහලු වැඩි බව දෙටු දියණි පවසයි. කාව්‍යක්‌කාර ගායනා ඉතා ළගන්නාසුලු බවද, එම හඬ යම් ආරූඪ කරගත් වෘද්ධ විලාසයක්‌ ගත් නිසා පෙරකී අඩුව ඇති වූ බවයි ඈ පැවසූයේ.

“රාහුල හුරතල්, හරිම දක්‍ෂයි. මං මවාගෙන හිටියෙ නම්, ඔයිට වඩා sකසප බබෙක්‌ – ඒත් එයා හුරතල්” දුව රඟපෑම් පිළිබඳ ජවනිකා අලංකාරය ගැන ඉතාමත් සුබවාදී තැනක සිටී.

“මං හින්දි චැනල් බලනකොට තාත්තා බැන්නට ඒ ෂබාස්‌බ දෙන්නගෙ රඟපෑම් දැක්‌කම මොකද හිතුණෙ?” දෙටු දියණිය මෙන් නොව, කනිටු දියණිය නිහඬ පහරක්‌ එල්ල කළාය.

“සුද්ධෝදන රජ මාලිගාවෙ පහන් පත්තු කරලා තිබුණු seඑ එක හරිම ලස්‌සනයි. ඒ රේපැs ලස්‌සනේ බෑ”

මෙලෙස Sණ සිනමා මාතර මිදුලේ සිට, වාහන එනතුරු මා ඇසූ ප්‍රතිචාර නිමක්‌ නැත. අපේ පිරිවර විවිධ තරාතිරමේ, වයස්‌ මට්‌ටමේ ගැහැනු, පිරිමි උදවියගෙන් සමන්විත වීය. මෙලෙස සෑම කෙනෙකුටම (22 කින් යුතු සමාජයක්‌) සරිලන්නට චිත්‍රපටයක්‌ නිර්මාණය වීම අතිශයින්ම සාධනීය ලක්‍ෂණයකි. ‘යශෝධරා’ චිත්‍රපටයේ මා දකින තවද එක්‌, තරමක්‌ තේරුම් කිරීමට අපහසු කාරණාවකින් ලිපිය හමාර කරමි.

හෙළයේ මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහ ගම්පෙරළිය ඇතුළු නවකතා ලීවේ “හුදී ජන පහන් සංවේගය” සඳහාය. ථෙරි ගී කියවූ විට අපට ඇති වන්නේ, සමස්‌ත කාන්තා සමාජය බුදුන් සරණ ගොස්‌ ලද විමුක්‌තියේ පහසින් නිපන් පහන් සංවේගයමැයි.

එනමුදු “බිම්බා දේවී හෙවත් යශෝධරා” සිනමා කාව්‍යය නැරඹීමෙන් පසු, අපට ඇති වන්නේ යම් අනුවේදනීය, හැඟුම්බර, අනුකම්පිත මනෝ භාවයකි. කඳුළු රූටා වැටෙන මුහුණුවලින් සිනමා ශාලාවෙන් එළියට එන ප්‍රේක්‍ෂක ප්‍රේක්‍ෂිකාවන්ය. “යශෝධරා” තමන් වී, තමන්ගේම කරගෙන එන වනිතාවන්ය.

‘යශෝධරා’ චිත්‍රපටයේ අවශේෂ ප්‍රධාන වගකීම් වන කැමරාකරණය, පසුතල නිර්මාණය, රංග වස්‌ත්‍ර නිර්මාණය, වෙස්‌ ගැන්වීම් මෙන්ම සංස්‌කරණයද ප්‍රශස්‌ත මට්‌ටමක පවතී. ප්‍රේක්‌ෂකාගාරය දෑස්‌ බොඳකර ගත්තේ මේ සකලාකාර කණ්‌ඩායම් සාමූහිකතාව අති සාර්ථක වූ නිසා විය යුතුය.

මේ සියලු අනුවේදනීයත්වයන්ට ඒකායන හේතුව, චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ විසින්ම මෙහි තිර රචනය හා සංවාද රචනය ඉටු කර තිබීම යෑයි මම හිතුවක්‌කාර ලෙස තීන්දු කරමි. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සිය විෂය වන සිංහල භාෂාව හා සාහිත්‍යයත්, උපතින් ලද අසාමාන්‍ය කවිකමත් විස්‌මයජනක ලෙස කූඨප්‍රාප්ති ගන්වා ඇත. ඒ නිසාම ‘පහන් සංවේගය’ යන දෙවදනේ විශේෂණය වන ‘පහන්’ පරයා ‘සංවේගාත්මක මනෝභාවයකට ප්‍රේක්‍ෂක සමාජය පිළිපන් බව ඉඳුරා පැහැදිලිය.

කෙසේවතුදු, ප්‍රථම දර්ශන වාරයේදී මෙරට ප්‍රථම පුරවැසියා ළ`ග මහාචාර්ය ආරියරත්න කීවේ “සිංහල සිනමාව නමැති රෝගියා ෙµdaමලීන් දමා උඩුකුරුව ජයරත්න මල්ශාලාවේ පාලරයේ ඇති බවත්, ජනාධිපතිවරයා ළඟ ඇති කමිටු නිර්දේශ ක්‍රියාත්මක වුවහොත්, මේ මළසිරුරට පණ ලැබී උග්‍ර බඩ පිනුම් ගසනු ඇතිය කියාය. ‘බිම්බාදේවී හෙවත් යශෝධරා’ නිසා ඒ මළ සිරුර දැන් ප්‍රාණය ලැබ ඇති බව පෙනේ.

– බන්දුල නානායක්‌කාරවසම්



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

මැලේසියාවේ හිටපු අගමැති ළඟ ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 28ක්

මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ට අයත් පෞද්ගලික නිවසක තිබී සොයාගන්නා ලද මුදල් අතර ‘ශ්‍රී ලංකා මුදල්’ රුපියල් මිලියන 2.87ක් (රුපියල් ලක...


Read More

ජුනි03 වැනිදායින් පසු මහින්ද ඉවතට.

ජුනි 03 වැනිදා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන ක්‍රියාවලියේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අනුශාසක ධූ...


Read More

ශ්‍රී.ල.නි.ප.ය කුණු වෙනවා කියා ‍මෛත්‍රී කියද්දී චන්ද්‍රිකා නැගිට යයි.

තවදුරටත් ශ්‍රීලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවේ සිටියහොත් පක්ෂය කුණුවී දියවී යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ.එම නිසා...


Read More