පැහැරගැනීමට ලක්වූ බව කියන කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය එම සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පැමිණිල්ලක් කර නැතැයි විදේශ කටයුතු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (4) පැවැසීය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට සැඟවීමට කිසිවක් නැතැයි ද සිද්ධිය සහ ඉන් පසු ආණ්ඩුව ගන්නා ලද සියලු ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාවේ සිටින සියලු තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් විදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳවා දැනුම් දුන් බව ද දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.
කොළඹ විදේශ සබඳතා අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.
පසුගිය රජය විසින් තම පෞද්ගලික හිතවත්කම මත රටවල් කිහිපයකට පත් කළ තානාපතිවරුන්, මහකොමසාරිස් වරුන් සහ විදේශ සේවා නිළධාරීන් රැසක් එම ධූරවලින්...
ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සුදුවෑන් සිද්ධිය ගැන පරීක්ෂණ සිදුකරන පරීක්ෂකයන් එහි සුලමුල අනාවරණය කරගෙන ඇතැයි ඉහළ පෙළේ ආරක්ෂක ආරංචි මාර්...
දිවයිනට බලපා තිබෙන අධික වර්ෂාවත් සමග ගොවි ජනතාවගේ ගොවි බිම් අක්කර ලක්ෂයකට අධික ප්‍රමාණයක් ජලයෙන් යටවීමෙන් හා වී, එළවලු, පලතුරු, සුළු අපනය...