දේශීය පුවත්

රටක කොඳු නාරටිය ජාතික ආරක්ෂාව බවත් ජාතික ආරක්ෂාවේ කොඳු නාරටිය බුද්‍ධි අංශය බවත් විශ්‍රාමික රියර් අද්මිරාල් අචාර්ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කරයි.

වහබ් අන්තවාදය අතුගා දමමු යන මැයින් වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය විසින් සංවිධාන ජන රැලිය අද (04) පස්වරුවේ පැවැත්වුණේ නුගේගොඩ ආනන්ද සමරකෝන් රංග පීඨයේදීයි.

ඊට ආගමික නායකයින්, දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ කලාකරුවන් ඇතුළු පිරිසක් සහභාගී වුණි.

එහිදී සිය අදහස් දක්වමින් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කලේ පසුගිය රජය සමයේ බුද්ධි අංශය ශක්තිමත් කිරීම තුළින්2009-2014 කාලයේ කොටි ත්‍රස්තවාදීන් හත් වතාවක් හිස එසවීමට උත්සාහ කළද එය මර්ධනය කිරීමට හැකි වු බවයි.

එසේම මද්‍රසා පාසල්වල ඉගැන්වීම් කටයුතු කල මුස්ලිම් අන්තවාදී අන්තවාදී ගුරුවරු 166 ක් රටින් පිටත් කිරීමටත් හැකිවු බව ඒ මහතා ප්‍රකාශ කලේය.

නමුත් වත්මන් රජය බුද්ධි අංශය අකර්මණ්‍ය කළ අතර ඉස්ලාම් ත්‍රස්තවාදය පෝෂණය කිරීමට මුදල් ලබා ගැනීමට වත්මන් රජය සම්පුර්ණයෙන් සහාය ලබා දුන් බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

වන්නි මෙහෙයුමට සම්බන්ධ හමුදාවේ 58ක් එතෙරදී අල්ලන්න – මානව හිමිකම් කොමිසම රටවල් 47 කින් ඉල්ලයි

වන්නි මෙහෙයුමට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් 58 ක් විදේශ රටවලදී අත්අඩංගුවට ගැනීමේ සර්වලෝක නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස ජිනීවා මානව හිමික...


Read More

ජනපති,අගමැති,නීතිපති,පොලිස්පති,බුද්ධි අංශ ප්‍රධානීන් වගකීම් පැහැර හැරලා… – මැති සබයට ගෙනා තේරීම් කාරක සභාවේ වාර්තාව මෙන්න

රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් නීතිය හා සාමය පිළිබඳ ඇමති ලෙස ජනාධිපතිවරයා අගමැතිවරයා ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා, නීතිපතිවරයා, රාජ්‍ය බුද්ධි අංශ ප...


Read More

ඇමෙරිකාව ගෝඨාගේ ජය තහවුරු කරයි…මානව හිමිකම් පොත පෙරළා වේලාසනම තග දමයි

නොවැම්බර් 16 දා ශ්‍රී ලංකාවේ පැවැත්වන ජනපතිවරණයෙන් කුමන අපේක්ෂකයෙකු ජය ගත්තද එම අපේක්ෂකයා සමග ඇමෙරිකාවේ මානව හිමිකම් න්‍යාය පත්‍රය ක්‍රිය...


Read More