මුහුණු පොතෙන්

වර්තමාන සමාජයේ බොහෝ දෙනෙකුගේ ප‍්‍රධානමතම මාධ්‍ය භාවිතාවක් ලෙසින් සමාජ මාධ්‍ය හඳුනාගත හැකිය. ත්‍්ජැ ඉදදනල ශදම එමඉැල ඪසඉැරල උය්එි ්චචල ෂබිඑැරටර්පල ෂපද වැනි නව මාධ්‍ය ප‍්‍රමුඛ වූ සමාජ මාධ්‍ය භාවිතය නූතන පරපුර තුළ ඉහළ අගයක් පෙන්නුම් කරයි. එවන් පසුබිමක් තුළ සමාජ මාධ්‍ය වරදකරුවකු ද? නොඑසේනම් නිවැරදිකරුවකු ද? යන්න එය භාවිතා කරන කවුරුන්වුව ද මනා විනිශ්චයකින් යුතුව අවබෝධ කර ගත යුතු කරුණක් බවට පත්ව ඇත.

විශ්ව සමාජය එක් මාධ්‍ය මෙවලමක් තුළින් හැසිරවීමේ හැකියාවක් සමාජ මාධ්‍ය ක‍්‍රියාවලිය තුළින් දැකිය හැකිය. එතුළ සත්‍ය මෙන්ම මිත්‍යාව ද එකසේ ව්‍යාප්ත කරනු ලබයි. මෙනිසා සත්‍ය කුමක්දැයි හරියාකාරව තේරුම් ගැනීමේ ගැටලූවකට සමාජය මුහුණපාන අතර ඒ හේතුවෙන් අපේක්ෂා නොකළ වාතාවරණයන්ට පවා ගොදුරු වනු ඇත. එය එදා මෙදා තුර සමාජ මාධ්‍ය පරිහරණය, සීමා කිරීම් සහ තාවකාලික වාරණයන් තුළින් මනාව පැහැදිලි වෙයි.

නූතන තාක්ෂණ දියුණුවේ සහ සන්නිවේදනයේ ප‍්‍රධානතම කාර්යභාරයක් සමාජ මාධ්‍ය තුළින් ඉටු කෙරෙන බව ද සත්‍ය ය. නමුත් එකී ඵලදායීතාව ගුණාත්මක ලෙසින් භුක්ති විඳීමට තරම් වත්මන් සමාජ මාධ්‍ය ක‍්‍රියාකාරිකයන් කටයුතු නොකිරීම පෞද්ගලිකව මෙන්ම සමාජයීය වශයෙන් ද ගැටලූ රැුසකට අතවැනීමකි. තාක්ෂණය වුවද භාවිතා කිරීමට ඒ පිළිබඳ වන සාක්ෂරතාව පමණක් ප‍්‍රමාණවත් නැත. සාක්ෂරතාවට අනුගාමීව බුද්ධිමය සාධකය ද වැදගත් වන්නේ ය.

අද වන විට සමාජ මාධ්‍ය තුළ බොහෝ තරුණ පිරිසක් සැරිසරනු ලබයි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු ස්වකීය කාලයෙන් බොහෝ ප‍්‍රමාණයක් සමාජ මාධ්‍ය වෙනුවෙන් දැනුවත්ව හෝ නොදැනුවත්ව වෙන් කොට ගෙන තිබේ. මේ හේතුවෙන් රටක ලෝකයක අනාගත ඉරණම තීරණය කරන පරපුරක බුද්ධිමය සංවර්ධනය පිළිබඳවද ගැටලූ රැුසක් පැන නැඟ ඇත. තවත් පිරිසකගේ ස්වකීය පෞද්ගලිකත්වය අමු අමුවේ සමාජ මාධ්‍ය තුළ විනාශවී යෑමටත්, විනාශ කර ගැනීමටත් යොමු වීම තුළ අනාගත ඉරණම පිළිබඳ අවිනිශ්චිතතාවයක් පවා නිර්මාණය වී තිබීම සමාජ මාධ්‍ය තුළ උඩට පහළට යන කොයිකාටත් පෙනෙන සාමාන්‍ය කරුණක් බවට පත්ව තිබේ.

අතිශය වේගවත් මාධ්‍ය ක‍්‍රියාකාරීත්වයක් දැකිය හැකි සමාජ මාධ්‍ය අද වන විට ජන මාධ්‍යයන්ට පවා අභියෝගයක්ව තිබෙනු දැකිය හැකි ය. මාධ්‍ය සදාචාරයක් හෝ ආචාර ධර්ම ආදී සීමා බාධක නොමැති මාධ්‍ය සංස්කෘතියක් දැකිය හැකි මෙතුළ සමාජයට වැදගත් නොවැදගත් මෙන්ම යහපත් අයහපත් දේ වුවද ක්ෂණයකින් සමාජය පුරා විසිර යයි. මේ හේතුව නිසා කිසියම් සමාජයක ඉදිරි ගමන තීරණය කිරීමේ හැකියාවක් සමාජ මාධ්‍ය වෙතට හිමිව ඇත.

තථ්‍යාසන්න සංස්කෘතියක් හෙවත් සෑබෑ ලෝකය නොවූව ද සැබෑ ලෝකයට අතිශය සමීප වූ සංස්කෘතික පරිසරයක් සමාජ මාධ්‍ය තුළින් නිර්මාණය කර හමාරය. මෙනිසා තම සමීපතමයන් සමඟ සජීවී ලෙසින් අදහස් හුවමාරු කර ගැනීමට දෘශ්‍යමය ලෙසින් අවස්ථාව ද සැකසී ඇත. කෙසේ නමුත් එකී සමාජ මාධ්‍ය තුළ ගොඩනැෙඟන සබඳතාවන් ඔස්සේ අද වන විට එය අදහස් හුවමාරුවකින් එපිටට ගමන් ගත් සංස්කෘතික රාමුවට බලපෑම් කරන

ලිංගිකත්වය සමඟ ගනු දෙනු කරන මාධ්‍ය වාහකයක් බවට ද පත් වීම තුළ මෙමඟින් මාධ්‍ය අනාගත ඉරණම වෙනස්ම දිශානතියකට යොමු කොට තිබීම ප‍්‍රබලතම ගැටලූවකි.

වර්තමානයේ පෙරපාසල් යන දරුවන් පවා සමාජ මාධ්‍ය පරිහරණය කරනු නිරන්තරයෙන් ඇස ගැටෙන කරුණක් බවට පත්ව තිබේ. සමාජ ලෝකය තුළ සමාජ මාධ්‍ය පරිහරණයෙහි අංශු මාත‍්‍රයක් පමණ හෝ දැනුමක් නොමැති මොළ කැටි දරුවන්ගේ මනස සමාජ මාධ්‍ය තුළින් ¥ෂණය නොවන්නට වග බලා ගැනීම දෙමාපිය වැඩිහිටි කොයිකාගේත් යුතුකමක් මෙන්ම වගකීමකි. එය එසේ ඉටු නොකොට දරුවාගේ ඇවිටිලි බවින් මිදීමට යැයි සිතා මෙවන් මාධ්‍ය තම දරුවාගේ දෑතට පත් කරන්නේ නම් මතු දිනක ඔබගේ දරුවා වුවද සමාජ මාධ්‍ය තුළින් ම අනාගත ඉරණම විනාශ කර ගත්තෙකු බවට පත් වනු නිසැක ය. එයට හේතු සමාජ මාධ්‍ය අප කෙතරම් යහපත් ලෙසින් භාවිතයට ගැනීමට යොමු වුව ද වාරණයක් නොමැති සංස්කෘතික පුද්ගලයන්ගේ ක‍්‍රියාකාරකම් තුළින් දෘශ්‍ය ¥ෂණයන් නිරන්තරව සිදුවීමට ඇති හැකියාව ප‍්‍රබල වන නිසාය.

ඒ අනුව සමාජ මාධ්‍ය පරිහරණය කරන කවුරුන් වුවද එය නිසි ඵලදායීතාවකින් යුතුව භාවිතා කිරීමට වග බලා ගත යුතු ය. එය වගකීමක් මෙන්ම වගවීමක් ලෙසින් ද සැලකීම සැමගේ යහපතට මෙන්ම අනාගතය සුබවාදී ඉරණමක් වෙත යොමු වීමට ද හේතු වෙයි. ස්වකීය පෞද්ගලිකත්වය සමාජ මාධ්‍ය තුළ ¥ෂණය වන්නට ඉඩ නොතැබීමත් අන් කවරෙකුගේ වුවද පෞද්ගලිකත්වය සමාජ මාධ්‍ය තුළ සුරක්ෂිත කිරීම වෙනුවෙන් පෙනී සිටීම ද ශිෂ්ටාචාරගත සංස්කෘතියක වගකීමකි. එසේ නොකොට හිවලූන් ලෙසින් හූ තලමින් ශිෂ්ට වූ සංස්කෘතියෙහි ශිෂ්ටත්වය හුදු ආස්වාදය තුළින් කෙළවර කිරීම ඔබට මට උචිත වූවක් නොවන බව සිහි තබා ගන්නේ නම් මැනවි.

සටහන – බී. ආර්.  සමීර සඳරුවන්
කොළඹ විශ්ව විද්‍යාලය
ශී‍්‍ර පාලි මණ්ඩපය



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ගෝඨා ජනාධිපති වුණොත් බයවන පිරිසක් – ඩලස් (Video)

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසු කණ්ඩායම් කිහිපයක් බියට පත්වුවත් අනෙකුත් සියලුම ජනතාවට සතුටින් ජීවත්විය හැකි බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ...


Read More

කෝටි 5000 ක බිල් අමාත්‍යාංශයේ හිරවෙයි.. ගෙවන්න සල්ලි නෑ… සජිත්ගේ මැතිවරණ පොරොන්දු පුස්සක් වෙයි

විවිධ අමාත්‍යාංශවලින් පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති වෙනුවෙන් මුදල් ගෙවීම සඳහා ඉදිරිපත් කරන ලද රුපියල් කෝටි 5,000ක පමණ හිඟ බිල්පත්...


Read More

ප්ලොට්-ටෙලෝ දැඩි තීරණයක සජිත් නිසා දෙමළ සන්ධානය දෙකඩ වෙයි

ඉදිරි ජනාධිපතිවරණයේදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් හා එහි මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍ර...


Read More