දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව පොදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් සකස් කරමින් සිටින බව අමත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව සම්මුති ආණ්ඩුව ඉදිරියට ගෙනයාමට අදාළව සැලසුම් ඊට ඇතුළත් වන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ආණ්ඩුව සමඟ එක් වූ මන්ත්‍රීවරුන් 16 දෙනෙකු ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වීමත් සමඟ සම්මුති ආණ්ඩුව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මේ වන විට අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබේ.

ඉදිරියේ දී සම්මුතිවාදි ආණ්ඩුව පවත්වාගෙන යන්නේ ද නැද්ද යන්න පිළිබදව තිරණය කිරිම සදහා අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා පියවර ගනු ලැබීය.

ඒ අනුව එම කමිටුව විසින් මේ වන විට සම්මුති ආණ්ඩුව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු අධ්‍යනය කෙරෙමින් සිටින බව අද දෙරණ කළ විමසිමකට පිළිතුරු දෙමින් අමාත්‍ය සරත් අමුණුගම මහතා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව කටයුතු කිරීමේ දී නිශ්චිත වැඩපිළිවෙලක් යටතේ ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යා යුතු සැලසුම් සහිත නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කිරීම සිය කමිටුවේ අරමුණ වී ඇති බව සරත් අමුණුගම අමාත්‍යවරයා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එංගලන්ත සංචාරය නිමවා දිවයිනට පැමිණි පසු ඔහුට භාරදීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගයට සහය පල කිරීමට හේතුව පිළිබද දිස්ත්‍රික් මට්ටමින් ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එම සම්මන්ත්‍රණවල දි විශ්වාසභංගය සම්බන්ධයෙන් මෙතෙක් හෙළි නොවූ කරුණු රැසක් හෙළි කිරීමට බලාපොරොත්තු වන බවයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

“ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට විකිණීම: හිඟනකමට එහා යන උපායමාර්ගික පාවාදීමක්”

හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ වැනි උපායමාර්ගික වශයෙන් ඉතා වැදගත් මර්මස්ථාන පමණක් නොව විකිණිය හැකි ඕනෑම දෙයක් විකුණා මුදල්කර ගැනීමේ ...


Read More

විග්නේශ්වරන් , සම්පන්තන්, සුමන්තිරන් ලා වැනි අය සමස්ත ලාංකික දෙමල ප්‍රජාවට අවමානයක්!!

විග්නේශ්වරන් , සම්පන්තන්, සුමන්තිරන් ලා වැනි අය සමස්ත ලාංකික දෙමල ප්‍රජාවට අවමානයක්!! රියර් අද්මිරාල් සරත් වීරසේකර ජිනීවා මානව හිමිකම්...


Read More

යුද හමුදා බුද්ධි අංශ නිලධාරී ලුතිනන් කර්නල් එරන්ත පීරිස් CID අත්අඩංගුවට

යුද හමුදා බුද්ධි අංශ නිලධාරී ලුතිනන් කර්නල් එරන්ත පිරිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංනගුවට ගෙන තිබෙනවා. ඒ මාධ්‍යවේදී ප්‍...


Read More