දේශීය පුවත්

ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාවෙ සාමාජික හිරු මාකේවිට පසුගිය 13 වන දින ජිනීවාහි පැවැත්වෙන 40 වන මානව හිමිකම් සැසිවාරයේදී මේ බව අනාවරණය කළේය.

වර්ගවාදය අවසන් කිරීමේ ජාත්‍යන්තර සම්මුතියේ 19 වන වගන්තිය අනුව ජාතීන්ට සමාන ලෙස නොසැලකීම මානව වර්ගයාට කරන වරදක් බවත් උතුරෙන් අවතැන්වුන සිංහල ජනතාව යලි එහි පදිංචි කිරීමට ටී. එන්. ඒ. පක්ෂය සහ උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමති විග්නේෂ්වරන් විරුද්ධ බවත් මාකේවිට මහතා එහිදී අනාවරණය කර සිටියේය.

මෙවැනි සිදුවීම් ජාතීන්ට සමාන ලෙස නොසැලකීමක් වන බැවින් එය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවද ඔහු අවධාරණය කර සිටියේය.

එසේම රෝම ප්‍රඥප්තියේ 7 වන වගන්තිය අනුව පුරාවිද්‍යා ආයතන විනාශ කිරීම මානව වර්ගයාට එරෙහිව කරන අපරාධයක් සහ වර්ගවාදයක් වන බවත් ටී. එන්. ඒ. පක්ෂය සහ විග්නේශ්වරන් එයට අනුබල දෙන බවද පවසා සිටියේය.

මේ අනුව මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින බවට හඩ නගන ටී. එන්. ඒ. පක්ෂය සහ විග්නේශ්වරන් යනු මානව හිමිකම් කඩකරන්නන් හා වර්ගවාදීන් වන බවද මාකේවිට මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

‘‘මම විනිසුරු මාරු කරලා මට ඕන තීරණය ලියා ගත්තා… ‘‘ හිස්බුල්ලා අධිකරණයට බලපෑම් කළ බවට පාපොච්චාරණයක්..!

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම් හිස්බුල්ලා විසින් මෙරට අධිකරණ පද්ධතියට සිදු කළ භයානක අත පෙවීමක් පිළිබඳ පාපොච්චාරණයක් සිදුකර තිබේ...


Read More

ඥානසාර හිමි නිදහස් කරයි -වෙනත් පිවිසුමකින් බන්ධනාගාරයෙන් පිටව යති

ඥානසාර හිමියන් නිදහස් කර තිබේ. උන්වහන්සේගේ ආරක්ෂාව හා රටේ පවතින ආරක්ෂක තත්ත්වය අනුව වෙනත් පිවිසුමකින් බන්ධනාගාරයෙන් පිටත්ව ගොස් තිබේ. ...


Read More

පාර්ලිමේන්තුවත් තව්හිද් ත්‍රස්ත කදවුරක්, මේ රට සිරියාවක් වෙනතුරු බලා ඉන්න එපා ! – උදයශාන්ත ගුණසේකර (Video)

තව්හිද් ත්‍රස්ත සංවිධානයේ පුහුණු කදවුරු 17ක් රට පුරා ස්ථාන වලින් සොයාගෙන ඇති බවත්, පාර්ලිමේන්තුවත් ත්‍රස්ත කදවුරක් වන තරමට තත්ත්වය බරපතල ...


Read More