දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ඔහුගේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස පාඨලී චම්පික රණවක මහතා පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරණයෙන් අනතුරුව ඊළඟ මහමැතිවරණය තෙක් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය දරණු ඇති අතර පාර්ලිමේන්තු මැතිවරණයෙන් පත්කර ගන්නා නව රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස චම්පික රණවක මහතා පත් කිරීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේය.

ඒ අනුව දැනට එක්සත් ජාතික පක්ෂයෙහි සාමාජිකයකු නොවන චම්පික රණවක මහතා ජනාධිපතිවරණයෙන් පසු එජාප සාමාජිකත්වය ලබාගනු ඇති.

තමන් ජනාධිපති ධුරයට පත්වූ වහාම පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත දිනාගත හැකි පුද්ගලයකු නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරන බව සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

හදිසි පාර්ලිමේන්තුමැතිවරණයක්

හදිසි මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා පූර්ණ සහයෝගය ලබාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය තීරණය කර තිබේ. අග්‍රාමාත්‍යවරයාගේ...


Read More

මහින්දගේ අවධානය 19 වැනි සංශෝධනයට

නව ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් පසුව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කර තිබෙන අලුත් තත්ත්වය සම්බන්ධයෙන් සමාලෝචනය කර පවතින නීත...


Read More

ආණ්ඩුව ගැන තීරණයක් ගන්න මන්ත්‍රීවරු හෙට පාර්ලිමේන්තුවේදී රැස්වෙති

ආණ්ඩුව ලෙස ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් හෙට (18) පස්වරුවේ රැස්වී තීන්දුවක් ගැනීමට නියමිතය.
Read More