ශ්‍රී ලංකා රජයේ ණය, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත් කල, ලොව වඩාත් ඌන සංවර්ධිත රටවලට වඩා ඉහළ මට්ටමක පවතින බව Moody’s Investors Service නිවේදනයක් මගින් අනාවරණය කර සිටී.
2017 වසර සඳහා Moody’s විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක සඳහන් වන්නේ ස්වාසිලන්තය, ඉතියෝපියාව, උගන්ඩාව, රුවන්ඩා, ඝානාව යන රටවල මධ්‍යම රජයේ ණය – දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතිකයක් ලෙස ගණනය කළ විට, ශ්‍රී ලංකාවට වඩා පහළ මට්ටමක පවතින බවයි.
Moody’s වාර්තාවට අනුව දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතකයක් ලෙසින් වැඩිම ණය බරකට හසුව සිටින්නේ ග්‍රීසිය යි. එය 180% කි. මෙය ශ්‍රී ලංකාවේ අගය 80% ක් ලෙසින් වාර්තා වේ.
මෙම වාර්තාව මගින් වැඩිදුරටත් අනාවරණය කර සිටින්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙසින් ගත් කල උගන්ඩාව, රුවන්ඩාව වැනි රටවලට වඩා පහළ මට්ටමක පවතින බවයි.
Moody’s Investors Service වැඩිදුරටත් කියා සිටින්නේ 2018 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක නව දේශීය ආදායම් පනත මගින් රජයේ ආදායමෙහි ඉහළ යාමක් සිදුවනු ඇති බවයි.
– biz.adaderana.lk
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන අරමුණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් රටේ පාලන බලය ලබාගෙන යළි මේ රට නගාසිටුවීමේ වැඩසටහ...
20 වන ව්‍යවස්ථා සංශෝධන නාටකයේ පිටපත ලියන්නේ ‘‘රෝ’’ සංවිධානය බව ජාතික සංවිධාන එකමුතුව පවසයි. අද (19) පෙරවරුවේ ජාතික සංවිධාන පොදු මධ්‍යස්...
ආණ්ඩුව තුළ සිටිමින් කුහකකම් කළ පිරිසක් ආණ්ඩුවෙන් ඉවත්වී ඇති බවත් ජනතාවට සේවය සලසමින් ආණ්ඩුව ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම සඳහා මේ වන විට එක්ස...