දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිධුරය යළි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ඉදිරි මැතිවරණවලදී සන්ධානගතවීමට අදාළ යෝජනා දෙකක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීමට තීරණයවී තිබෙන බව වාර්තා වේ.

ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මැති ඇමතිවරුන් 16 දෙනා මේ ගැන දීර්ඝ වශයෙන් සාක්ච්ඡා වී තිබේ. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ඉදිරියට ශක්තිමත්ව ගෙනයාමටනම් මෙම යෝජනා දෙක ගැන වැඩි අවධානයක් යොමුකළ යුතු බව එම කණ්ඩායමේ බොහෝ දෙනෙකුගේ මතයවී ඇත.

මේ ගැන සාකච්ඡා කිරීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමටද නියමිත බව වාර්තා වේ.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා ඉවත්කර ඒ වෙනුවට සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ අනුර ප්‍රියදර්ශන යාපා මහතා පත්කිරීමට අදාළ යෝජනාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මීලඟ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ කාන්තා බෞද්ධ සංගම් ඇතුළු සියලු සංගම්ද ප්‍රතිසංවිධානය කොට පක්ෂ ජයග්‍රාහි මාවතකට ගෙන ඒමට අදාළ යෝජනා කිහිපයක්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මැති ඇමතිවරුන් 16 දෙනා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට යෝජනා කිරීමට නියමිතව ඇත.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ජවිපෙ හදිසිය නිසා විශ්වාස භංග යෝජනාව අවුල් වේ

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් හේරත් මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කළ අගමැතිවරයාට එරෙහි විශ්වාසභභංග යෝජනාව විවාදයටයට ග...


Read More

සභාගර්භය උණුසුම්.. එජාප මන්ත්‍රීවරු කළු පටි පළඳී..අගමැති මහින්දත් පාර්ලිමේන්තුවට

කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති පක්ෂ නායක රැස්වීම මේ වන විට අවසන් වී තිබේ. ඒ අනුව පාර්ලිමේන්තු...


Read More

ගැසට්ටුවේ නඩු විභාගයට පූර්ණ විනිශ්චය මණ්ඩලයක් ඉල්ලයි

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවමින් නිකුත් කළ ගැසට්ටුවට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් නඩු විනිසුරුවරුන් නව දෙනකු හෝ 11 දෙනකු...


Read More