කලා පුවත්

පසුගිය සතියේ අගමැති රනිල්ට එරෙහි විශ්වාසභංගය පරාජයවී දින දෙක තුනකින්ම අගමැතිවරයාට ආරාධනා ලැබුණ උත්සවයක් වූයේ සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 99 උපන් දිනය සැමරීම හා රීගල් සිනමා ශාලාවේ තිරගතවූ සුමිත්‍රා පීරිස්ගේ නවතම චිත්‍රපටය ‘වෛශ්ණාවී‘ කල එළී දැක්මයි.
මෙම අවස්ථාවට මෑත කාලයේ කූඹියෝ ජෙහාන් චරිතය නිරූපණය කළ
තුමිඳු දොඩන්තැන්න

සහභාගීවීමත් ඔහු රනිල්ට අතට අතදීමත් නිසා කූඹියෝ කතාවේ අගමැතිවරයාට කුමන්ත්‍රණකාරී ජයක් ගෙන දුන් ගේම් කාරයා පිළිබඳ සිද්ධිය කාහටත් නැවත සිහිපත් කළ අතර මෙම ඡායාරූප සමාජ මාධ්‍ය තුළද කතාබහට නැගිණි.
මේ අතර එදින උත්සවයට එක්ව සිටි ප්‍රවීණ නිළි අයිරාංගනී සේරසිංහ සමීපයට ගිය අගමැතිවරයා ඇය සමග විහිළුවෙන් කතාවක් කළේය.
ඇය රනිල්ගේ සමීප ඥාතිවරියක වූ අතර මීට මාස කිහිපයකට පෙර පුංචි ඡන්දය ආසන්නයේ අගමැති රනිල් ඇය සමග සිදු කළ නර්තන අංගයක්ද සමාජ මාධ්‍ය තුළ කතාබහට නැගිණි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

පාර්ලිමේන්තුවේ පෙරළියක්..විපක්ෂනායක ධූරය දිනේෂ්ට..?

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට විපක්‍ෂනායක ධුරය ලබාදෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 70 දෙනෙකුගේ අත්සන් සහිතව ලබන සති...


Read More

ඒකාබද්ධයේ ක‍්‍රියා නිසා ’16යේ’ ප‍්‍රබලයෙක් දේශපාලනයට සමුදෙයි…!

ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් පිරිස් සිදු කරන ක‍්‍රියා හේතුවෙන් තමන් කණගාටුවට පත්ව සිටින බව දහසයේ කණ්ඩායමේ සාමාජික පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩබ්ලිව...


Read More

දයාසිරිට යළිත් ඇමැති ධූරයක්! පොහොට්ටුවේ කොන්දේසියට පයින් ගැසූ දයාසිරිගේ සැලසුම හෙළිවෙයි

තමාට යළිත් ආණ්ඩුවේ ඇමැති ධූරයක් ලබා ගන්නැයි ඉල්ලීම් ගණනාවක් ලැබී ඇති බව හිටපු අමාත්‍ය, එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පව...


Read More