මුහුණු පොතෙන්

ශ්‍රී ලංකා පාතාලය මෙහෙයවූ පාතාල නායක මාකඳුරේ මදූෂ් අත්අඩංගුවට පත් වීම මෙරට සාමාන්‍ය ජනතාවට ඉතා විශාල සැනසිල්ලක් වී තිබේ.

ඩුබායි හි සැගව සිටිමින් මෙරට හෙරොයින් ජාවාරම, කප්පම් ගැනීම, කුලී මිනී මැරුම් ඇතුලු සියලූම පාතාල ක්‍රියා පාලනය කළ මාකඳුරේ මදූෂ් මෙරට ජන ජීවිතයට එල්ල කළේ විශාල තර්ජනයකි.

සිය ජාවාරම් වලට එරෙහි වන ඕනෑම අයෙකු විනාශ කර දැමීමට මදූෂ් දෙවරක් සිතුවේ නැත.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රංගජීව ප්‍රසිද්ධ වී සිටිනුයේ ශ්‍රී ලංකාවේ මත් කුඩු ජාවාරම්කරුවන්ට කිසිදු සමාවක් ලබා නොදෙන පොලිස් නිළධාරියෙකු ලෙසිනි. පොලිස් පරීක්ෂක රංගජීව දිගින් දිගටම මාකඳුරේ මදූෂ්ගේ මත් කුඩු වැටලීමට කටයුතු කිරීම මදුෂ්ගේ කෝපයට හේතු විය.

එම නිසාම මදූෂ්ගේ අණින් පාතාලයේ වෙඩි පහරට ලක් වීමට රංගජීව පොලිස් පරීක්ෂකවරයාට සිදු විය.

කෙසේ වෙතත් දැන් රංගජීව සුව වී පැමිණ නැවතත් පොලිස් සේවයේය. කිසිවෙකුටත් කොටු කර ගත නොහැකි යැයි කියූ පාතාල නායකයා අත්අඩංගුවේය.

එම අවස්තාවේ පොලිස් පරීක්ෂක රංගජීව මහතා සිය ෆේස්බුක් ගිණුමේ අපූරු සටහනක් තබා තිබුණි. එනම් “වෙල්කම් ම්ලේච්ඡයා” යන්නය.

එම සටහන පහතින්,



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ඡන්ද දිනන්න පොදුජන පෙරමුණට හවුල් අවශ්‍ය නෑ…මහින්ද – මෛත්‍රී එකතුව දේශප්‍රේමී පොදු සන්ධානයට ප්‍රසන්නගෙන් පොල්ලක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධාන ගත නොවුණහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජයග්‍රහණය කළ නොහැකි යැයි කියන්නේ කිසි දිනෙක මැතිවරණයකට තනිව තරග...


Read More

ජාතික ආණ්ඩු යෝජනා විවාදය අදත් නෑ

ජාතික ආණ්ඩුව පිහිටුවීමේ යෝජනාව අද (20) පාර්ලිමේන්තුවේ විවාදයට නොගන්නා බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. විවාදය පවත්වන දිනය...


Read More

කොකේන් භාවිත කරන මැති ඇමැති 24කගේ නම් රන්ජන් දුරකථනයෙන් පැවසුවා – කථානායක

කොකේන් භාවිත කරන මැති ඇමැතිවරුන් විසි හතර දෙනකු පාර්ලිමේන්තුවේ සිටී නම් ඒ පිළිබඳව තමන්ට ලිඛිතව දැනුම් දෙන ලෙස රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක...


Read More