ප‍්‍රධාන පුවත්

එළිමහන් හමුදා උත්සවයක් අමතමින් සිටි වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මාදුරෝ ඉලක්ක කර ගනිමින් එල්ලවූ ඩ්‍රෝන් ප්‍රහාරයකින් ජනාධිපතිවරයා දිවි බේරා ගැනීමට අද (05) සමත් වුනා.

වෙනිසියුලානු සන්නිවේදන අමාත්‍ය ජෝර්ජ් රොද්‍රිගස් පැවසුවේ ජනාධිපතිවරයා උත්සවය ආමන්ත්‍රණය කරමින් සිටි ස්ථානය ආසන්නයට පුපුරණ ද්‍රව්‍ය පිරවූ ඩ්‍රෝන් යානයක් වැටී එය පුපුරා ගිය බවයි.

ඩ්‍රෝන් ප්‍රහාරය එල්ලවන අවස්ථාවේදී ජනාධිපතිවරයාට අමතරව වේදිකාව මත සිටි රජයේ සහ හමුදා ප්‍රධානින් වහා ආරක්‍ෂිත ස්ථානයන් කරා රැගෙන ගිය බවත් පිපිරීමෙන් පුද්ගලයින් 7 දෙනෙක් තුවාල ලැබූ බව අමාත්‍යවරයා රොයිටර් පුවත් සේවයට සදහන් කර සිටියා.

ජනාධිපති නිකොලොස් මාදුරෝ හමුදා උත්සවය අමතමින් සිටි අවස්ථාව එරට මාධ්‍ය මගින් සජීවීව විකාශනය වෙමින් තිබු අතර ඩ්‍රෝන් යානය එන බව දැකීමත් සමග ජනාධිපතිවරයා ඇතුළු පිරිස කලබලවන අයුරු සහ හමුදා සෙබළුන් දිවයන අයුරු රුපවාහිනිය මගින් විකාශනය වී තිබුනා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

මහින්ද අගමැති කරන ඉල්ලීම ශ‍්‍රීලනිපය ඉවත දමයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැතිවරයා ලෙස පත් කරන ලෙස ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් සහ 15 දෙනාගේ කණ්ඩායමේ සාමාජිකයන් ජනාධිපතිවරයාගෙන...


Read More

රට අරාජිකයි; ජනාධිපතිට මැතිසබය විසුරුවන්න පුළුවන් – සරත් එන්. සිල්වා

රට දැඩි අරාජික තත්ත්වයකට පත්ව තිබෙන අවස්ථාවක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ව්‍යවස්ථාවේ 3, 4 වගන්ති අනුව ජනතාවගේ පරමාධිපත්‍ය බලය හිමි ජනතාව...


Read More

කැබිනට් එකේ තොරතුරු එළියට දෙන ඇමතිවරු 2ක් රෝ එකටත් සම්බන්ධයි – ඇමති අමරවීර

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් චීනයට හා ඉන්දියාවට විරුද්ධව සිදුකලේ යැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් පල කල පුවතට අදාල තොරතුරු එම වාර්තාකාර...


Read More