විදේශ පුවත්

රුපියල් බිලියන 14ක නිවාස ව්‍යාපෘතියක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පාකිස්තාන ජාතික වගවීමේ කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද පාකිස්තාන විපක්ෂ නායක ෂබාස් ෂරීෆ් දින දහයකට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

පාකිස්තාන ජාතික සහ පළාත් සභාවන්හි මැතිවරණ තිස්හතක අතුරු මැතිවරණය ඔක්තෝබර් මස 14 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබියදී එලෙස අත්අඩංගුවට ගැනීම සැකසහිත බව විපක්ෂය පෙන්වා දෙයි.

පාකිස්තාන විපක්ෂ නායකවරයා අත්අඩංගුවට ගැනීම එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ රජයේ බලධාරීන්ගේ උපදෙස් මත සිදු වූ බවටද විපක්ෂය චෝදනා කරයි.

ඉම්රාන් ඛාන්ගේ ආණ්ඩුව විරුද්ධවාදීන් මර්දනය කිරීම ආරම්භ කර ඇතැයිද ඒ සඳහා පාකිස්තාන දූෂණ විමර්ශන කාර්යාංශය සහ ආයතන යොදා ගන්නා බවද ඔවුන් පෙන්වා දෙයි.

විපක්ෂ නායක ෂබාස් ෂරීෆ් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම එහි පළමු පියවර බවද විපක්ෂය ප්‍රකාශ කරයි.

කෙසේ වුවද අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ රජයේ ප්‍රධානීන් පෙන්වා දෙනුයේ විපක්ෂ නායකවරයා අත්අඩංගුවට ගැනීම සඳහා රජයෙන් කිසිදු බලපෑමක් නොකළ බවය. එරට සිදු වූ දූෂණ ක්‍රියාවන් විමර්ශනය කිරීමට පවරා ඇති ආයතන මඟින් එම කටයුතු සිදුකරන බවයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

සිරියාව හා ඉරාකය අහිමිවූ ISIS ත්‍රස්තයන් ලංකාව හා ඉන්දියාව දෙසට හැරෙයි – ඉන්දීය බුද්ධි අංශ සීරුවෙන්

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට සිරියාව හා ඉරාකය අහිමිවීම හේතුවෙන් ඔවුන්ගේ අවධානය ඉන්දීය සාගර කලාපය දෙසට යොමුව ඇති බවත් ඒ අනුව ශ්‍රී ලංක...


Read More

ලොකුම අවාසනාව රට ගැන කැක්කුමක් නැති අගමැති ලෝක ප්‍රජාව සතුටු කරන්න හීන දකින එකයි – බෙල්ලංවිල ධම්මරතන හිමි

රටේ වගකිව යුතු පුද්ගලයා වශයෙන් අග්‍රාමාත්‍යවරයාට දේශීය කිසිදු දෙයක් ගැන කිසිදු කැක්කුමක් නොමැති බව බෙල්ලංවිල ධම්මරතන හිමියන් පවසයි. ”ජ...


Read More

සිංහලයා වදවීම නිල වශයෙන් තහවුරුයි! මුස්ලිම් ළමා ජනගහනය සීඝ්‍රයෙන් ඉහලට.. ජන සංගණනයේ සැගවූ වාර්තා මෙන්න..

සමස්ත ජනගහනයට සාපේක්ෂව ළමා ජනගහනයේ දී ලංකා දෙමළ, ඉන්දියානු දෙමළ සහ මුස්ලිම් කියන ජනර්වගවල ප්‍රතිශතය ඉහළ ගොස් ඇති බව පිවිතුරු හෙළ උරුමයේ න...


Read More