දේශීය පුවත්

වර්තමාන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය හිමිවිය යුත්තේ කාහටද? යන්න පිළිබඳ කථානායක කරු ජයසූරිය මහතාගේ ස්ථාවරය අද (10දා) පාර්ලිමේන්තුවට ප්‍රකාශ කිරීමට නියමිතය.

විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ මතු වූ යම් යම් කරුණු හේතුවෙන් මැතිසබය පසුගිය දිනවල දැඩි උණුසුම්කාරී ස්වරූපයක් ගත් අතර කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේ මෙම පාර්ලිමේන්තු සතිය තුළදී තමා මේ පිළිබඳව තීරණයක් ලබාදෙන බවයි.

මේ සම්බන්ධයෙන් කරුණු රැසක් සැලකිල්ලට ගෙන නීති උපදෙස් ලබාගැනීමටද කථානායකවරයා ක්‍රියා කර ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 70 දෙනකු නියෝජනය කරන නිසා ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය හිමිවිය යුතු බව සඳහන් කරමින් ඒකාබද්ධ විපක්ෂය විසින් පසුගියදා ලිඛිතව කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරන ලදී.

එම ඉල්ලීමට සාධාරණ පිළිතුරක් කථානායකවරයා ලබා නොදුණහොත් ඊට සාධාරණ පිළිතුරක් ලැබෙනතුරු පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් දැඩි විරෝධතා ව්‍යාපාර ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ විපක්ෂය පසුගියදා ප්‍රකාශ කර තිබුණි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

භික්ෂු කතිකාවත් පනත ඉවතට?

රජය විසින් ඉදිරිපත් කර තිබෙන භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා ඉදිරිපත් නොකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටියි. ...


Read More

23 දෙනා ආණ්‌ඩුවෙන් එළියට නාවොත් ශ්‍රීලනිප බල පෙරළියක්‌

ආණ්‌ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ කණ්‌ඩායම ඉතා ඉක්‌මනින් ආණ්‌ඩුවෙන් ඉවත් නොවුණහොත් ශ්‍රීලනිපයේ නායකත්වය සහ බලය ලබා ගැනීමට කටයු...


Read More

සුදර්ශිනී ඩාර්ලි පාරෙන් නෙලුම් මාවතට

කටාන ශ්‍රීලංකා නිදහස් පක්‍ෂ සංවිධායිකා සුදර්ශිනී ප්‍රනන්දුපුලේ මන්ත්‍රීවරිය සහ ආධාරකරුවන් ශ්‍රීලංකා පොදුජන එක්සත් පෙරමුණ සමග ඉදිරි දේශ...


Read More