මුහුණු පොතෙන්

පවතින දේශපාලන අර්බුදය හමුවේ ජවිපෙ කොයිබටද?එය බොහෝ දෙනා අසන ප්‍රශ්නයකි.

රටක දේශපාලන අර්බුදයක් නිර්මාණය වූ විට එය රටට වාසි සහගත ලෙස හෝ අවාසි සහගත ලෙස නිමාවිය හැකිය.එම අර්බුදය රටට වාසි සහගත ලෙස කලමනාකරණය කිරීමේ වගකීම ඇත්තේ ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාර වලටය.

ජවිපෙට අනුව ඔවුන් ශ්‍රී ලංකාව තුළ ඇති අතිශය ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාරයයි. ඔවුන්ට අනුව ඔවුන් සමාජ සංවර්ධන වෙනුවෙන් හිතකර කොන්දේසි නිර්මාණය කරයි.ඔවුන් නූතන සමාජවාදයේ නිමැවුම් කරුවෝය. ඔවුන්ට අනුව අපගේ ප්‍රධාන හතුරා බටහිර අධිරාජ්‍යවාදයයි.එසේම ඔවුන්ට අනුවම බටහිර අධිරාජ්‍යවාදයේ දේශිය ඒජන්තයා රනිල් වික්‍රමසිංහ මහතායි.එදා එජාපය බලයට ඒම නතර කිරීමට චන්ද්‍රිකා මැතිණියගේ පොදු පෙරමුණ ආණ්ඩුව පරිවාස වැඩපිළිවෙලකට යටත් කළ ජවිපෙට අද එවැනි උපක්‍රම අමතකය.ලැජ්ජා සහගත ලෙස ඔවුන් රනිල් වික්‍රමසිංහ මහතාගේ බලය ආරක්ෂා කරදීම වෙනුවෙන් පෙනී සිටි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් නෙරපා එම ආණ්ඩුව පලවා හැරීම අධිරාජ්‍යවාදීන් අප මවිබිම මත දිගේලි කළ න්‍යාය පත්‍රයට එල්ල කළ මරු පහරකි.රනිල් වික්‍රමසිංහ බටහිර අධිරාජ්‍යවාදයේ ඒජන්තයා නමි.ඔහු හරහා දිගේලි වන්නේ බටහිර න්‍යාය පත්‍රය නමි, ජවිපෙද අධිරාජ්‍යය විරෝධී නමි.ඔවුන්ගේම උපායමාර්ගයට අනුව මෙම ප්‍රහාරය එල්ල වූයේ අධිරාජ්‍යවාදීන්ගේ න්‍යාය පත්‍රයට නොවේ ද? එය එසේ විග්‍රහ කර ගැනීමට ඔවුන්ට නොහැකි නමි අපට කීමට ඇත්තේ ජවිපෙට අඹ සරණයි කියා පමණි.

රෝහණ විජේවීර,සෝමවංශ අමරසිංහ වැනි උපායමාර්ගික විශේෂඥයින් සිටි ජවිපෙ එජාපයේ ශාඛා සමිතියක් බවට පත් කල එහි වත්මන් නායකත්වය කොයිබටදැයි එහි සාමාජිකත්වය සිතා බැලිය යුතු කාලය පැමිණ ඇති බවයි.

priyanjeth wetharana



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

රනිල් – සජිත් ගල උඩ සටන ඇරඹෙයි..

හිටපු අගමැති එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වයෙන් වහාම ඉවත් වන්නැයි එම පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ කණ්ඩායම රනිල් වික‍්‍රමසිංහ...


Read More

අධිකරණයට යාමේ අවශ්‍යතාවයක් නෑ.. ගැසට් නිවේදනය අනුව මැතිවරණය තියනවා.. මැ.කො.

ජනාධිපතිවරයා විසින් මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කරනු ලැබීම ගැන සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පෙරමුණේ නායකයෝ අද(10) මැතිවරණ කොමිෂන් සභාවට ගි...


Read More

කථානායක නිර්මාණය කළ ව්‍යවස්ථා අර්බුදයට විසඳුම මහමැතිවරණයක් පමණයි – ජාතික සංවිධානවලින් තර්කානුකූල විග්‍රහයක්

කතානාතානායකවරයා විසින් කුමන ආකාරයකට ව්‍යවස්ථා අර්බුද නිර්මාණය කළත් NGO වියපත් ගණිකාවන්ට අරාබි වසන්තය ගෙන ඒමට නොහැකි බව ජාතික සංවිධාන එකමු...


Read More