දේශීය පුවත්

මාසයක් ගත වී ඇතත් රට තුළ ව්‍යාප්තව ඇති වහාබ්වාදී ත‍්‍රස්තවාදයේ දිග පළල හරි හැටි වටහ ගැනීමට පාලකයන්ට තමත් නොහැකිවී ඇති බව පා.ම උදයශාන්ත ගුණසේකර මහතා පවසයි.

ඊයේ (23) ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ගුණසේකර මහතා මෙසේ චෝදනා කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උදයශාන්ත ගුණසේකර මහතා මෙසේද පැවසීය.

“පසුගියදා අත්අඩංගුවට පත් කුරුණෑගල රෝහලේ තාක්‍ෂණ ශිල්පියකු ලෙස සේවය කළ ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ ප‍්‍රබලයකු ආරක්‍ෂක අංශවලට පවසා තිබුණේ අයිඑස් සංවිධානයේ පුහුණුව ලැබූ ඕනෑම ත‍්‍රස්ත ප‍්‍රහාරයකට යොමු කළ හැකි 1000කට වැඩි පිරිසක් මෙරට සිටින බව යැයි ද එහෙත් රටේ සේනාධිනායකයා පවසන්නේ රට තුළ ඇත්තේ ත‍්‍රස්තවාදින් 158 දෙනෙකු පමණක් කියා යැයි ද යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.

එසේම මේ වන විට වහාබ්වාදී කඳවුරු 17ක් ආරක්‍ෂක අංශ විසින් සොයා ගෙන ඇති නිසා ඒවායින් පුහුණුව ලබා ඇත්තේ 150ක පමණ පිරිසක් දැයි තමන් සේනාධිනායකවරයාගෙන් ප‍්‍රශ්න කරන බව ද උදයශාන්ත ගුණසේකර මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පසුගියදා ප‍්‍රකාශකර තිබුණේ එක් අයකු හැර සියලූ වහාබ්වාදී ත‍්‍රස්තවාදීන් අත්අඩංගුවට ගෙන අවසන් බව යැයි ද ඉන් පෙනී යන්නේ මේ පාලකයන්ගේ සියලූ ප‍්‍රකාශවල තිබෙන වගකීම් විරහිත බව යැයි ද ගුණසේකර මහතා පෙන්වා දුන්නේය.

රට තුළ සිටින වහාබ් ත‍්‍රස්තවාදීන්ටත් වඩා භයානක ඔවුන්ට උඩගෙඩි දුන්, ඔවුන්ගේ ආරක්‍ෂකයන් ලෙස කටයුතු කළ රිෂාඞ් බදුර්දීන්, අසාත් සාලි, හිස්බුල්ලා හා මුජිබර් රහුමාන් යන ‘කපටි නරීන්’ සිව් දෙනා බව තේරුම් ගැනීම ඉතා වැදගත් බව ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ඔවුන්ගේ ඡන්ද කුට්ටිවලට කෑදර වී ජන ජීවිත සමඟ කරන මේ ‘දාං ඇදිල්ල’ දැන්වත් නකතර කළ යුතු බව ද ඒ මහතා අවධාරණය කළේය.

සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ අන්තවාදයන් පැරදවිය හැකි, කිසිදු අන්තවාදයකට වැඞීමට ඉඩ නොදෙන පාලනයක් තුළින් පමණක් මේ ප‍්‍රශ්නය විසඳිය හැකි බවත් ශරියා නීති, විවිධ විවාහ නීති ආදිය අහෝසි කර මුළු රටම එකට නීති පද්ධතියක් යටතට ගෙන ඒම සිදු කළ හැක්කේ ද එවැනි පාලනයක් යටතේ බවත් ගුණසේකර මන්ත‍්‍රිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

මහා වැස්සෙත් ආබාධිත රණවිරුවන් උපවාසයේ.. ජාත්‍යන්තර බලපෑම් නිසා ආණ්ඩුව මුණිවත රකින බවට චෝදනා

තම විශ්‍රාම වැටුපට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා අධික වර්ෂාව නොතකා ආබාධිත රණවිරුවන් කොටුවේ දුම්රිය ස්ථානය අසල අද හත්වන දිනටත් සිය උපවාසය පව...


Read More

ජවිපෙ ගෙන එන බවට රාජිතගෙන් සහතිකයක්: ජවිපෙ ‘සීනුව’ ලකුණ අතහරී!

ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස ඉදිරිපත් නොකර කතානායක කරු ජයසුරියව ඉදිරිපත් කරන්නේ නම්, ජනතා විමුක්ති පෙරමුණේ සහය ඔහුවෙත ලබා ගැ...


Read More

පොහොට්ටුවේ කණ්ඩායම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදිහට තියන් ඉන්නේ අපි-ජනපති

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධූරයන් තවමත් ආරක්ෂා වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීරණය...


Read More