දේශීය පුවත්

වර්ග සංහාර චෝදනා එල්ලවී ඇති කුරුණෑගල වෛද්‍ය ෂාෆි ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යන බව ජාතික සංවිධාන එකමුතුවේ විධායක සභික වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප‍්‍රකාශ කළේය.

පසු ගිය (10) වනදා රාජගිරියේ ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ දී ගෝලීය ශී‍්‍ර ලංකා සංසදයේ විධායක කමිටු සාමාජිකයින් විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

ශී‍්‍ර ලංකාව ජාත්‍යන්තර අධිකරණය ප‍්‍රඥප්තියට අත්සන් කර නැති නමුත් කුරුණෑගල වෛද්‍යවරයා එම අධිකරණය වෙත ගෙන යෑමේ ක‍්‍රමවේදයක් ඇති බව හෙතෙම අවධාරණය කර සිටියේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ ශ්‍රී ලංකාවේ පොලීසියෙන් හෝ අධිකරනයෙන් වර්ග සංහාරයක් කළ දොස්තර ෂාෆි වරදකරුවෙකු නොවන්නේනම් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ මැදිහත්වීමෙන් ජාත්‍යන්තර අධිකරණය වෙත ඔහු රැගෙන යන බවය.



One thought on “වර්ග සංහාර චෝදනා යටතේ ෂාෆි ජාත්‍යන්තර අධිකරණයට (Video)”

  1. කන්න ඕනෑ වූ විට කබරයා තලගොයා කිරීම සුදුසු නැත…

    යුධ විරුවන්ට එරෙහිව විදේශීය අධිකරණයක නඩු පැවරීමට විරුද්ධයි.
    වෛද්‍ය ශාෆිට එරෙහිව විදේශීය අධිකරණයක නඩු පැවැරීමටද විරුද්ධයි ….!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

මහා වැස්සෙත් ආබාධිත රණවිරුවන් උපවාසයේ.. ජාත්‍යන්තර බලපෑම් නිසා ආණ්ඩුව මුණිවත රකින බවට චෝදනා

තම විශ්‍රාම වැටුපට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා අධික වර්ෂාව නොතකා ආබාධිත රණවිරුවන් කොටුවේ දුම්රිය ස්ථානය අසල අද හත්වන දිනටත් සිය උපවාසය පව...


Read More

ජවිපෙ ගෙන එන බවට රාජිතගෙන් සහතිකයක්: ජවිපෙ ‘සීනුව’ ලකුණ අතහරී!

ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස ඉදිරිපත් නොකර කතානායක කරු ජයසුරියව ඉදිරිපත් කරන්නේ නම්, ජනතා විමුක්ති පෙරමුණේ සහය ඔහුවෙත ලබා ගැ...


Read More

පොහොට්ටුවේ කණ්ඩායම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදිහට තියන් ඉන්නේ අපි-ජනපති

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධූරයන් තවමත් ආරක්ෂා වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීරණය...


Read More