දේශීය පුවත්

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනු මාලාව සම්බන්ධයෙන් කොමිසමට අවශ්‍යව තිබූ සියලු තොරතුරු මේ වන විටත් අනාවරණය කරගෙන හමාර බවත් එබැවින් තවත් සාක්ෂි දෙකක් පමණක් තහවුරු කර ගැනීමෙන් පසු කොමිසමේ සාක්ෂි විභාගය අවසන් කරන බවත් මහබැංකු බැඳුම්කර කොමිසමේ සභාපති ශේ්‍රෂ්ඨාධිකරණ විනිශ්චයකාර කේ. ටී. චිත්‍රසිරි මහතා ඊයේ (11දා) ප්‍රකාශ කළේය.

ඔහු එලෙස ප්‍රකාශ කර සිටියේ තවත් 20 දෙනකු පමණ සාක්ෂි ලබාගැනීම සඳහා කොමිසම හමුවට කැඳවන ලෙසට ඉල්ලා සිටිමින් ජේ‍යෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා ඉල්ලා සිටි අවස්ථාවේදීය.

කොමිසමේ කාර්යභාරය වූයේ සිදුව ඇති ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනු පිළිබඳව කරුණු සොයා බලා ඊට අදාළ වගකිවයුත්තන් කවුරුන්ද යන්න අනාවරණය කොට ගැනීම බවත් එම කර්තව්‍යය ඉතාමත්ම සාර්ථක ලෙස ඉටුකර ගැනීමට කොමිසම මේ වන විටත් සමත් වී ඇති බවත් එබැවින් නීතිපති දෙපාර්තමේන්තු නිලධාරි මහතුන් විසින් ඉදිරිපත් කොට ඇති මේ ලැයිස්තුවෙන් තිදෙනකු පමණක් කැඳවා තහවුරු කරගත යුතු කරුණු සාක්ෂාත් කර ගැනීමට තීරණය කළ බවත් සභාපති විනිසුරුවරයා වැඩිදුරටත් කියා සිටියේය.

දැන් ඉතිරිව ඇත්තේ වාර්තාව සැකසීමේ කාර්ය පමණක් බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.ඒ අනුව ඊයේ දිනයේම ඉන් එක් අයකු වූ මීට පෙරද කොමිසම හමුවේ සාක්ෂි ලබාදී සිටි සමන් කුමාර නමැත්තා කැඳවා කරුණු කිහිපයක් තහවුරු කරගනු ලැබීය. ඊට අමතරව අර්ජුන් ඇලෝසියස්ගේ පෞද්ගලික සේවා සහකාර ස්ටීම් සැමුවෙල් හා ශ්‍රී ලංකා මහ බැංකු මූල්‍ය මණ්ඩල සාමාජික නිහාල් ෆොන්සේකා යන සාක්ෂිකරුවන් දෙදෙනා අද (12දා) හා හෙට (13දා) දින කැඳවීමටත්් කොමිසම එහි ලේකම් සුමතිපාල උඩුගම්සූරිය මහතාට නියම කළේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ඒකාබද්ධයෙන් ආ ශ්‍රීයානිට රාජ්‍ය ඇමති කමක්

පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍යවරිය ලෙස දිගාමඩුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී ශි‍්‍රයාණි විජේවික‍්‍රම මහත්මිය අද (15) ...

පොහොට්ටුවට සහය දෙන අයගේ මන්ත‍්‍රී ධුර අහෝසියි…

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කිසියම් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සෘජුව හෝ වක‍්‍රව...

93 ක නාම යෝජනා අදින් අවසන්.. ඉතිරි 248 සදහා 18 සිට 21 දක්වා නම් කැදවයි..

පළාත් පාලන ආයතන 93ට අදාළ නාමයෝජනා භාරගැනීම අද (14) දහවල් 12.00 න් අවසන් වේ. මෙම පළාත් පාලන ආයතන 93 ට මහනගර සභා 7 ක් නගර සභා 18 ක් සහ ප‍්...