Top 10 News

මේ දිනවල අපේ රටේ විශ්ව විද්‍යාල, ඒවායේ ප්‍රමිතිය ගැන සාකච්ඡාවට ලක්වෙනවා. ඒ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නිසා. පෞද්ගලික අධ්‍යාපනයේ ප්‍රමිතිය ගැනත් මේ සයිටම් ප්‍රශ්නයේදී අවධානය යොමු වෙලා තියෙනවා. මේ වගේ කතාබහක් අතරේ අපට හිතුනා ලෝකේ හොඳම විශ්ව විද්‍යාල 10 මොනවද කියලා සොයලා බලන්න.

 

 

 

 

01. ඔක්ස්ෆර්ඩ් – එක්සත් රාජධානිය (UK)
ඉංග්‍රීසි කතා කරන රටවල පැරණිම හා දැනට පවතින පැරණිම විශ්ව විද්‍යාල අතරින් දෙවන ස්ථානය හිමි වන්නේ කීර්තිමත් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයටය. මෙහි ආරම්භක දිනය නිශ්චිතව නැතත් වර්ෂ 1096 සිට ඉගැන්වීම් කටයුතු සිදු කර ඇතැයි වාර්තා වී තිබේ. විද්‍යාල 44කින් සමන්විත මෙහි සිසුන් 22000ක් අධ්‍යාපනය ලබනවා. ඉන් 40%ක් රටවල් 140කින් පැමිණෙන විදේශ සිසුන්.
ආදි සිසුන්ගේ සංඛ්‍යව 250,000 ඉක්මවන අතර ඒ අතර ඔලිම්පික් පදක්කම්ලාභීන් 120, නොබෙල් සම්මානලාභීන් 26, රාජ්‍ය නායකයන් 30 දෙනෙක සිටිනවා. මේ රාජ්‍ය නායකයන් අතර ඇමරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන්, මියන්මාර නායිකා අවුන් සාන් සුඛී, ඉන්දියාවේ හිටපු අගමැතිනී ඉන්දිරා ගාන්ධි සමග එංගලන්තයේ අගමතිවරුන් 26 දෙනෙක් සිටිනවා.
විශ්වවිද්‍යාලයේ ඇති පුස්තකාල සංඛ්‍යාව 100 ඉක්මවනවා.

02. තාක්ෂණවේදය පිළිබඳ කැලිෆෝනියා ආයතනය – ඇමරිකාව
2015-2016 වසරේ ලොව විශ්ව විදයාල ශ්‍රේණිගත කිරීමේ ප්‍රමුඛ ස්ථානය දිනා සිටියේ මෙම විශ්වවිද්‍යාලයයි. ලොව ප්‍රකට විද්‍යා, ඉංජිනේරු හා පර්යේෂණ අධ්‍යාපන ආයතනක්. මෙම විශ්වවිද්‍යාලයට බඳවා ගනු ලබන්නේ සීමිත පිරිසක් බැවින් සිසුන් සිටින්නේ සාපේක්ෂාව අඩු ප්‍රමාණයකි.
මේ දක්වා නොබෙල් ත්‍යාගලාභීන් 35 දෙනෙකු මේ විශ්වවිද්‍යාලය බිහිකර ති බෙනවා.

 

 

 

03. ස්ටැන්ෆෝර්ඩ් – ඇමරිකාව
වර්ෂ 1885දී ආරම්භ කොට ඇති මෙම විශ්විවදයාලයට විද්‍යාල (Colleges) අයත් වෙනවා. සිසුන් 16,500ක් ඉගෙනු ලබන අතර ලොව පුරා රටවල් 90කින් පැමිණි විදේශ සිසුන්ද ඒ අතර සිටිනවා. කාර්ය මණ්ඩලය 1800 කින් සමන්විත අතර විශ්වවිද්‍යාල භූමිය අක්කර 8180ක් පුරා පැතිර තිබෙනවා. මළල ක්‍රීඩාව සම්බන්ධයෙන්ද කීර්තියක් උසුලන මෙම විශ්ව විද්‍යාලයෙන් මේ දක්වා නොබෙල් ත්‍යාගලාභීන් 19 දෙනෙකු බිහිකර තිබෙනවා.

 

 

 

 

04. කේම්බ්‍රිජ් – එක්සත් රාජධානිය
මෙය ආරම්භ වී ඇත්තේ වර්ෂ 1209දීයි. ඉංග්‍රීසි මව්බස වූ රටවල ඇති දෙවැනි පැරණිම විශ්වවිද්‍යාලය මෙය වන අතර ලෝකයේ සිව්වැන්නයි.
විද්‍යාල (Colleges) 6ක් යටතේ ක්‍රියාත්මක පාසල් (School) 31ක්ද පීඨ 150ක්ද මීට අයත්වනවා. ශිෂ්‍යයන් 18000ක් සිටින අතර ඉන් 4000ක් ලොව පුරා රටවල් 120කින් පැමිණි විදේශ සිසුන්.
මෙම විශ්වවිදයාලයට පුස්තකාල 100ක් අයත් වනඅතර ඒවායේ පොත් මිලියන 15ක් තිබෙනවා. මේ දක්වා නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලද අය අතරින් අනූ දෙදෙනෙකු මෙහි ආදී සිසුන්ය.

 

 

 

05. තාක්ෂණවේදය පිළිබඳ මැසචුසෙට් ආයතනය – ඇමරිකාව
වර්ෂ 1861දී ආරම්භ වූ මෙම විශ්ව විද්‍යාලය සිසුන් 11,000ක් අධයාපනය ලබනවා. කාර්ය මණ්ඩලය 1000කි. නොබෙල් ත්‍යාගලාභීන් 85 දෙනෙකු බිහිකර තිබෙනවා. පෙනිසිලින් සංකලනය, රේඩාර් තාක්ෂණය වැඩිදියුණ කිරීම, විද්‍යුත් මතකය දියුණු කිරීම වැනි විද්‍යාත්මක කරුණ රැසක් බිහිව ඇත්තේ මෙම විශ්වවිද්‍යාලය කළ පරීක්ෂණ ආශ්‍රයෙන්.
මේ දක්වා මෙම විශ්වවිද්‍යාලයේ ආදි සිසුන් ලොවපුරා සමාගම් 30000ක් ආරම්භ කර ඇති අතර ඒ හරහා රැකියා මිලියන 4.6ක් උත්පාදනය කර තිබෙනවා.

 

 

 

06. හාවර්ඩ් – ඇමරිකාව
වර්ෂ 1636දී ආරම්භ කෙරුණු මෙම විශ්වවිද්‍යාලය ඇමරිකාවේ පැරණිතම විශ්විද්‍යාලයයි. හාවර්ඩ් යන නම ලැබී ඇත්තේ වර්ෂ 1938දී ජෝන් හාර්ව්‍ඩ් නමැත්තා සිය ඉඩම්වලින් අඩක් හා පස්තකාලය පරිත්‍යාග කිරීමට කෘතගුණ දැක්වීමක් වශයෙනි.
නොබෙල් ත්‍යාගලාභීන් 45, ජුලිට්සර් ත්‍යාගලාභීන් 48ක් හා ලොව පුරා රාජ්‍ය නායකයන් 30ක් මින් බිහිව තිබෙනවා. විශ්ව විද්‍යාලය යටතේ උපාධි ප්‍රධානය කෙරෙන ආයතන 12ක් ක්‍රියාත්මක අතර කෞතුකාගාර 5ක් සහ රංග ශාලා 2ක්ද ඊට අයත් වනවා. ලොව විශාලවතම අධ්‍යයන පුස්තකාලය අයත් වන්නේද මෙම විශ්ව විද්‍යාලයටයි. එහි අඩංගු ග්‍රන්ථ සංඛ්‍යාව මිලියන 20 ඉක්මවනවා.

 

 

07. ප්‍රින්ස්ටන් – ඇමරිකාව
සැමදා ලොව හොඳම විශ්වවිද්‍යාල 10 අතර සිටින මෙය ආරම්භ වී ඇත්තේ වර්ෂ 1748දී. ශිෂ්‍ය සංඛ්‍යාව දස දහසක්. ඉන් 12%ක් විදේශ සිසුන්. සිසුන්ගෙන් 98%ක්මහ නේවාසිකව සිටින්නේ විශ්ව විද්‍යාලය තුළමයි. පර්යේෂණ සඳහා ප්‍රසිද්ධියක් උසුලන මෙම විශ්ව විද්‍යාලය නොබෙල් ත්‍යාගලාභීන් 40 දෙනෙකු ලෝකයට දායදා කර තිබෙනවා. ජේම්ස් බැස්සන්, ජූඩ්රෝ විල්සන් යන ඇමරිකානු ජනාධිපතිවරන්ද ජනාධිපති බැරක් ඔබාමාගේ බිරිඳ මිචෙල් ඔබාමා ද මෙහි ආදි සිසුන්ය.

 

 

 

 

08. ලන්ඩන් ඉම්පිරීයර් කොලීජිය – එක්සත් රාජධානිය
විද්‍යා අධ්‍යාපනය සඳහා කීර්තියක් උසුලන විද්‍යා, ඉංජිනේරු, වෛද්‍ය හා ව්‍යාපාර අධ්‍යයන යන කේෂ්ත්‍ර ඔස්සේ ඉගැන්වීම් කෙරෙනවා. ආරම්භ කොට ඇත්තේ 1907දී. නොබෙල් ත්‍යාගලාභීන් 14 දෙනෙකුට හිමිකම් කියන අතර පෙනිසිලීන් සොයාගත් ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්ද ඒ අතර සිටිනවා. ඉංග්‍රීසි සාහිත්‍යකරුවෙක වූ එච්.ජී. වේලස් සහ ඉන්දියාවේ හිටප අග්‍රාමාත්‍යවරයකු වූ රාජීව් ගාන්ධි ද මෙහි ආදි සිසුන්.

 

 

 

 

09. සුරිච් ෆෙඩරල් බහු තාක්ෂණික ආයතනය – ස්විට්සර්ලන්තය
වර්ෂ 1885දී ආරම්භ කොට ඇති මෙම විශ්වවිද්‍යාලය විදයා හා තාක්ෂණ අධ්‍යාපනය හා පර්යේෂණ සම්බන්ධයෙන් නම් දැරූ ආයතනයක්. දෙපාර්තමේන්ත 16කින් සමන්විතයි.
සාපේක්ෂතාවාදයේ පියා වන ඇල්බට් අයින්ස්ටයින් ද මෙහි ආදි ශිෂ්‍යයෙකි.

 

 

 

 

 

10. කැලිෆෝනියා විශ්ව විදයාලය – ඇමරිකාව
වර්ෂ 1868දී ආරම්භ වූ මෙම විශ්ව විද්‍යාලය ඇමරිකාවේ ප්‍රාන්ත විශ්ව විදයාල අතරින් ගෞරවාන්විතම විශ්ව විද්‍යාලයයි. උපාධි අපේක්ෂකයන් 27,000ක් ඉගෙනු ලබන අතර පශ්චාද් උපාධි අපේක්ෂකයින් සංඛ්‍යාව 10,000කි. නොබෙල් ත්‍යාගලාභීන් 19 දෙනෙකු බිහිකර තිබෙනවා.
ග්‍රන්ථ කතුවර ජැක් ලඩිඩන්, පාකිස්තානයේ හිටප අගමැතිවරයක වන සුල්ෆිකාර් අලි භූතෝ ඉගෙනුම ලබා ඇත්තේ මෙම විශ්ව විද්‍යාලයෙනි.
මෙම විශ්ව විද්‍යාලය දේශපාලන ක්‍රියාකාරකම් සඳහා මධ්‍යස්ථානයක් ලෙසද සැලකේ. 60-70 දශකවලදී වියට්නාම යුද්ධයට එරෙහිව ක්‍රියාකාරකම් සඳහා මුල්ව තිබේ.

 

 

 

10. චිකාගෝ විශ්ව විද්‍යාලය – ඇමරිකාව
ශ්‍රේණිගත කිරීම්වලදී කැලිෆෝනියා විශ්ව විද්‍යාලය හා සමතැන ගෙන සිටිනවා. ආරම්භය සිදුව ඇත්තේ වර්ෂ 1890දී. මාර්ෂල් ෆීල්ඩ් නම් දේශීය ව්‍යාපාරිකයක පරිත්‍යාග කළ ඉඩමක අරම්භ වූ මෙම විශ්වවිද්‍යාලය ඒ සඳහා ඩොලර් ලක්ෂ 6ක් ලබාදී ඇත්තේ ඉන්ධන ව්‍යාපාර දැවැන්තයෙකු වූ ජෝන් ඩී. රොකෆෙලර් නමැත්තායි. නොබෙල් ත්‍යාගලාභීන් 9 දෙනෙකු බිහිකර තිබෙනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

පොහොට්ටුවට සහය දෙන අයගේ මන්ත‍්‍රී ධුර අහෝසියි…

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කිසියම් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සෘජුව හෝ වක‍්‍රව...

93 ක නාම යෝජනා අදින් අවසන්.. ඉතිරි 248 සදහා 18 සිට 21 දක්වා නම් කැදවයි..

පළාත් පාලන ආයතන 93ට අදාළ නාමයෝජනා භාරගැනීම අද (14) දහවල් 12.00 න් අවසන් වේ. මෙම පළාත් පාලන ආයතන 93 ට මහනගර සභා 7 ක් නගර සභා 18 ක් සහ ප‍්...

ජානිපෙන් ඉවත් වූ වීරකුමාර, පියසිරි සහ කුමාර ශ්‍රීලනිපයට

පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසිරි විඡේනායක සහ උතුරු මැද පළාත් සභා හිටපු මන්ත්‍රී පී. බී, කුමාර ...