මුහුණු පොතෙන්

1. පුටින් අවුරැදු 16 ක් රැසියානු හමුදාවෙ සේවය කොට 1991 දී ලුතිනන් කර්නල් නිළයෙන් විශ්රාම ගත් අතර ගෝඨාභය අවුරැදු 20 ක් ලංකා යුද හමුදාවෙ සේවය කොට 1992 දී ලුතිනන් කර්නල් නිළයෙන් විශ්රාම ගත්තේය.

2. පුටින් රැසියානු බුද්ධි සේවයේ ( KGB ) ප්රධානියා ලෙස සේවය කළ අතර ගෝඨාභය ආරක්ෂක ලේකම් ධූරය දරමින් හමුදා බුද්ධි සේවය ශක්තිමත් කොට ප්රභාකරන් ගේ බුද්ධි අංශය අභිබවා ගියේය.( කොළඹ බුද්ධි අංශය ගෝඨාභය යටතේ වෙනම ක්රියාත්මක වූ බව වරක් හිටපු හමුදාපති ෆොන්සේකා කියා තිබුණි.)

3. රැසියාවෙ හිටපු ජනාධිපති බොරිස් යෙල්ටිසින් පුටින්ව ජනාධිපති අපේක්ෂකයා ලෙසට 2000 වසරේදී නමි කළ අතර ලංකාවෙ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ 2019/8/11 දින ගෝඨාභයව ජනාධිපති අපේක්ෂකයා ලෙසට නමි කළේය.

4. පුටින් බලයට පත් වන විට රැසියාව ආර්ථිකය , ජාතික ආරක්ෂාව , සෞඛ්‍යය, අධ්‍යාපනය , ජාත්‍යන්තර සබඳතා අතින් අන්තයටම පහල වැටී අසරණ තත්ත්වයට පත්ව සිටි අතර ගෝඨාභය ජනාධිපති අපෙක්ෂකත්වය ලබන අද වන විට ලංකාවටද අත්ව ඇත්තේ එදා රැසියාවෙ ඉරණම ය.

5. 2000 ජනාධිපතිවරණයේදී මුල් වටයෙන්ම 54% ක් ඡන්ද ලබා පුටින් රැසියාවෙ ජනාධිපති ධූරයට පත් වූ අතර 2019 නොවැම්බර් ජනාධිපතිවරණයේදී ගෝඨාභය ද 54% ඉක්මවා ඡන්ද ලබා ලංකාවෙ විධායක ජනාධිපති ධූරයට පත් වන බවට අනාවැකියක් පල කරමි.

6. පුටින් 2000 දී ජනාධිපති ධූරයට පත් වීමට ප්රථම අගමැති ධූරයේ සහ වැඩ බලන ජනාධිපති ධූරයේ කෙටි කලක් සේවය කොට දේශපාලන අත්දැකීම් ලබා තිබුණ අතර 2005-2015 තෙක් ලංකාවෙ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වරයා ලෙසට රටෙි ආරක්ෂාව හා සංවර්ධනය සමිබන්ධ මනා පරිපාලන අත්දැකීම් ගෝඨාභය ලබා 2019 ජනාධිපතිවරණයෙන් ජය ගෙන රට ගොඩ ගන්නට සූදානමින් සිටී.

7. පුටින් 1999/12/31 රැසියාවෙ වැඩ බලන ජනාධිපති වන අතර 2000/5/7 දින මහජන ඡන්දයෙන් ජනාධිපති ධූරයට පත් විය. ගෝඨාභය 2019 දෙසැමිබර් මහජන ඡන්දයෙන් ලංකාවෙ ජනාධිපති ධූරයට පත් වන අතර ඔහුගේ තණතුර ශක්තිමත් වන්නේ 2020 අප්රේල් හෝ මැයි මස පැවැත්වෙන මහ මැතිවරණයෙන් පොදුජන එක්සත් පෙරමුණ දැවැන්ත ජයග්‍රහණයක් ලබා පාර්ලිමේන්තුවෙ බලය තහවුරු කර ගැනීමත් සමගය.

8. පුටින් 2000 මැයි 7 සිට 2008 මැයි 7 දක්වා වසර 4 බැගින් වන ධූර කාල දෙකක් ජනාධිපති ලෙසට ජනතා ඡන්දයෙන් පත් වී රැසියාව පෙරළිකාර සංවර්ධිත රටක් බවට පත් කළ අතර ගෝඨාභය 2019 දෙසැමිබර් සිට 2029 දෙසැමිබර් දක්වා ධූර කාල දෙකක් ජනතා ඡන්දයෙන් බලයට පත් වී රට සමෘද්ධිමත් කරනු නොඅනුමානය .

9. 2004 මාර්තු ජනාධිපතිවරණයෙන් 71% ක ඡන්ද ප්රතිශතයක් ලබා පුටින් දෙවන වරට රැසියාවෙ ජනාධිපති ධූරයට පත් වන අතර වැටී තිබුණ රට වසර හතරක් තුළ ගොඩ ගැනීමට පුටින් පෙන්වූ ශූර නායකත්වය හා කළමනාකරණය ඊට හේතු වුනි. අල්ලස, දූෂණය , නාස්තිය පිටු දැක වරදට දඬුවමි දී , සුදුස්සාට සුදුසු තැන ලබා දී, කෘෂිකර්මාන්තය, සංචාරක කර්මාන්තය , ධීවර කර්මාන්තය , තොරතුරැ තාක්ෂණ සේවා සැපයීමෙි කර්මාන්තය නගා සිටුවා, රටට අවශ්‍ය ආහාර සහ භාණ්ඩ වැඩි ප්රමාණයක් රට තුල නිපදවා අනවශ්‍ය ආනයන සීමා කොට අපනයන වැඩි කොට ආර්ථිකය ඉහල නැංවීමත්, සියලුම ආකාරයේ අන්තවාදී ත්රස්ථවාදය පරාජය කිරීමත් , රටෙි විනය , නිසි පිළිවෙලකට වැඩ කිරීමත් නිසා ගෝඨාභය කෙරෙහි පැහැදෙන ජනතාව 2025 ජනාධිපතිවරණයේදී 70% ට ආසන්න ඡන්ද ප්රතිශතයකින් වෙන වරටත් ගෝඨාභය ජනාධිපති කරවනු ඇත.

10. වැටී තිබුණ රැසියාව ගොඩ ගැනීමට සිය හමුදා සේවය සහ හමුදා බුද්ධි අංශය පිළිබඳව තිබූ දැනුම , මවිබිමට තිබූ ආදරය පුටින්ට පිටුවහලක් වූ සේම වැටී තිබෙන ලංකාව ගොඩ ගැනීමට ගෝඨාභයද සිය හමුදා සහ බුද්ධි අත්දැකීම් ද, සිය මවිබිමට දක්වන අසීමිත ආදරයද, රට ගොඩ ගැනීමට ඔහු තුළ ඇති අභිලාෂය ද මනා ලෙස යොදා ගනු නොඅනුමානය .

– මෙිජර් අජිත් ප්‍රසන්න
( 2019/8/11)



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

“අපේක්ෂාවේ අපේක්ෂකයා” ප්‍රකාශයට පත් කිරීම අද (18) ගෝල්ෆේස් පිටියේදී

ප්‍රගතිශීලී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ, වමේ පක්ෂ, සිවිල් සංවිධාන සහ පුද්ගලයින් රැසකගේ එකතුවෙන් ගොඩනැගී ඇති විකල්ප දේශපාලනයේ ජනතා කඳවුර වන ජාත...


Read More

රිෂාඩ්, හකීම්, සාලි, හිස්බුල්ලා සමඟ සන්ධානගතවීමට සිහින දකින්නන්ගේ සිහින බිඳීම සිංහලයාගේ පරම යුතුකමක් – ජාතික සංවිධාන කියයි.

ජාතික පුවත්පත් වලට ලිපියක් සපයමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ රිෂාඩ්, හකීම්, සාලි, හිස්බුල්ලා වැනි වහබ්බාදීන් සමඟ සංධානගතවී ඡන...


Read More

ශ්‍රීලනිප බලය චන්ද්‍රිකා අතට – මූලස්ථානයේ කාමරයකුත් වෙන්කර ගනී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කොට යළි ගොඩනැඟීමේ වගකීම තමන් භාර ගන්නා බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකක කුමාරතුංග මහත්මිය පක්ෂ...


Read More