විදේශ පුවත්

නේටෝ සංවිධානයේ මැදිහත්වීමෙන් 2011 වර්ෂයේදී විනාශයට ලක් කළ ලිබියාවේ වර්තමානයේ ඇතිවී තිබෙන අවි ගැටුම් නවතා දැමීමට රුසියාව මැදිහත්වී අවි ගැටුම්වලට මැදිහත්වී තිබෙන පාර්ශව සාකච්ඡා මේසයට කැඳවීමට හැකිවීම මැදපෙරදිග කලාපයේ සාමය ඇති කිරීමට තබනු ලැබූ යෝද පියවරක් බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහයෝගය ලබන ෆායිස් අල් සාජ් මහතා නායකත්වය දෙන ජාතික සම්මුති ආන්ඩුව ( Government of National Accord -GNA) සහ කලීෆා හෆ්තාර් මහතා නායකත්වය දෙන ලිබියානු ජාතික හමුදාව ( Libyan National Army -LNA ) අතර මුහුණට මුහුණ සාකච්ඡා පැය 6ක් තිස්සේ රුසියාවේ සහ තුර්කියේ මැදිහත්වීමෙන් පැවතුනු බව විදෙස් මාධ්‍යවාර්තා සඳහන් කරයි. කෙසේ වුවද රුසියාව සහ තුර්කිය යෝජනා කළ සාම සාකච්ඡා හෆ්තාර් විසින් විවේචනය කළ අතර ඔහු සාකච්ඡාවට එළඹීම සැක සහිත තත්වයක් උද්ගතව තිබුනි. ඊයේ(13) හවස් වන විට ලිබියාවේ ගැටුමට මැදිව සිටින දෙපාර්ශයම “කොන්දේසි විරහිත සීමාරහිත යුද විරාමයකට” එකඟවූ අතර ගිවිසුමට අත්සන් කිරීම ජාතික සම්මුති ආන්ඩුවේ( Government of National Accord -GNA) නියෝජිතයන් විසින් පමණක් සිදු කරනු ලැබීය. මේ අතර ලිබියානු ජාතික හමුදාවේ නායක හෆ්තාර් පවසා සිටියේ ගිවිසුම සම්බන්ධයෙන් තම නියෝජිතයන් සමඟ සාකච්ඡා කර තීරණයක් දීමට අඟහරුවාදා දක්වා කාලය අවශ්‍යය බවයි.

ලිබියාවේ ගැටුම් අවසන් කිරීමේ දැඩි වුවමනාවකින් පෙලෙන ජර්මන් චාන්සලර්වරියගේ නියෝජිතයා පවසා සිටියේ මේ මස අවසන් වීමට පෙර ගැටුම් සමනය කිරීමේ උවමනාවෙන් පැවැත්වීමට නියමිත සාකච්ඡා බර්ලින් නුවරදී පැවැත්වීමට හැකි උපරිම සහයෝගය ජර්මනියේ පාර්ශවය ලබා දෙන බවයි.රුසියාව සහ තුර්කිය මැදිහත්ව ලිබියාවේ සාමය ඇතිකිරීමට ගන්නා උත්සාහය ඉතා ප්‍රශංසනීය බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

රිෂාඩ් බදුයුදීන් ආණ්ඩුවට අතවනයි

යහපාලන රජයේ ප්‍රබල දේශපාලන චරිතයක් වූ ශ්‍රී ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදුයුදීන් මහතා වත්මන් රජයට එක්වීම සඳහා උත්සාහ දරමින් සිට...


Read More

ජනපති ගෝඨාභය සමග සක්‍රයා සහ පුත් වයිමා එක්වුවද කළ නොහැකි දේ ගැන ජාතික සංවිධාන පැහැදිලි කරයි

ජාතික සංවිධාන නියෝජනය කරමින් ජාතික පුවත්පත්වලට ලිපියක් සපයන වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ජනාධිපතිතුමා සක්‍රයා සහ ඔහුගේ පුත් වයිමා සමග එක්වුවද...


Read More

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමට ජනපතිගෙන් උපදෙස් : ජනතාවට අප්‍රමාද සේවාවක් ලබාදීමට කැපවෙන්න

රාජ්‍ය යාන්ත්‍රණයේ පවතින අකාර්යක්ෂමතාව, ප්‍රමාදය සහ දූෂණය පිටුදැකීම අරමුණු කර ගනිමින් සියලුම රාජ්‍ය ආයතන එකම දත්ත ජාලයකට යොමු කිරීමට ජනාධ...


Read More