ව්‍යාපාරික පුවත්

සැපයුම්දාම කළමනාකරණ විශේෂඥයෙකු වන ලසන්ත වික්‍රමසිංහ මහතා මිල්කෝ සමාගමේ නව සභාපතිවරයා ලෙසින් පත් කර තිබේ.

Haycarb පීඑල්සී හි නිෂ්පාදන සැලසුම් ඒකකයේ විධායකයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඔහු ලොව ප්‍රමුඛ තොරතුරු තාක්ෂණ සමාගමක් වන IFS R&D International හි සැපයුම්දාම කළමනාකරණ හා බදු වාර්තාකරණ ප්‍රධානියෙකු ලෙසින් වසර 12කට අධික කාලයක් රටවල් කිහිපයකම සේවය කර ඇත.

කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිතය (විශේෂ) උපාධිධරයෙකු වන ඔහු තොරතුරු තාක්ෂණ හා නිෂ්පාදන කළමනාකරණ විද්‍යාපති උපාධි දෙකකට හිමිකම් කියනු ලබයි.

2015 වසරේ දී තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමයේ ලේකම්වරයා වශයෙන් පත් වූ ලසන්ත වික්‍රමසිංහ මහතා “යුතුකම සංවාද කවයේ” ආරම්භයේ පටන් එහි ලෙකම්වරයා වශයෙන් කටයුතු කරනු ලබයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

රිෂාඩ් බදුයුදීන් ආණ්ඩුවට අතවනයි

යහපාලන රජයේ ප්‍රබල දේශපාලන චරිතයක් වූ ශ්‍රී ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදුයුදීන් මහතා වත්මන් රජයට එක්වීම සඳහා උත්සාහ දරමින් සිට...


Read More

ජනපති ගෝඨාභය සමග සක්‍රයා සහ පුත් වයිමා එක්වුවද කළ නොහැකි දේ ගැන ජාතික සංවිධාන පැහැදිලි කරයි

ජාතික සංවිධාන නියෝජනය කරමින් ජාතික පුවත්පත්වලට ලිපියක් සපයන වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ජනාධිපතිතුමා සක්‍රයා සහ ඔහුගේ පුත් වයිමා සමග එක්වුවද...


Read More

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමට ජනපතිගෙන් උපදෙස් : ජනතාවට අප්‍රමාද සේවාවක් ලබාදීමට කැපවෙන්න

රාජ්‍ය යාන්ත්‍රණයේ පවතින අකාර්යක්ෂමතාව, ප්‍රමාදය සහ දූෂණය පිටුදැකීම අරමුණු කර ගනිමින් සියලුම රාජ්‍ය ආයතන එකම දත්ත ජාලයකට යොමු කිරීමට ජනාධ...


Read More