රිතාන්‍යයේ ලන්ඩන් පාලම මතදී එල්ල වූ ප්‍රහාරයේ වගකීම අයි. එස් සංවිධානය භාරගෙන තිබෙනවා. ඒ අනුව එම සංවිධානයට අයත් අමාක් වෙබ් අඩවියේ සටහනක් තබමින් ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ සිය සටන්කරුවෙකු විසින් එම ප්‍රහාරය එල්ල කර ඇති බවයි. කෙසේ නමුත් ඔවුන් ඒ සඳහා කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නැහැ.
පසුගිය 29 දා රාත්‍රියේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් පාලම මත සිදු වූ පිහි ඇණුමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තව ත් තිදෙනෙකු තුවාල ලැබු අතර ව්‍යාජ මරාගෙන මැරෙන ඇඳුමකින් සැරසී පැමිණි 28 හැවිරිදි උස්මාන් ඛාන් නමැත්තෙක් විසින් එම ප්‍රහාරය එල්ල කර තිබුණා.
එම අවස්ථාවේ පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් ඔහු මිය ගොස් තිබූ අතර ඔහු ත්‍රස්ත චෝදනා මත බන්ධනාගාරව සිටි අයෙකු බවද බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ සඳහන් කර තිබුණා.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කරන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇති අතර ප්‍රහාරය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු ලෝක ප්‍රකට ලන්ඩන් පාලම ඊයේ යළි විවෘත කෙරුණා.
පසුගිය රජය විසින් තම පෞද්ගලික හිතවත්කම මත රටවල් කිහිපයකට පත් කළ තානාපතිවරුන්, මහකොමසාරිස් වරුන් සහ විදේශ සේවා නිළධාරීන් රැසක් එම ධූරවලින්...
ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සුදුවෑන් සිද්ධිය ගැන පරීක්ෂණ සිදුකරන පරීක්ෂකයන් එහි සුලමුල අනාවරණය කරගෙන ඇතැයි ඉහළ පෙළේ ආරක්ෂක ආරංචි මාර්...
දිවයිනට බලපා තිබෙන අධික වර්ෂාවත් සමග ගොවි ජනතාවගේ ගොවි බිම් අක්කර ලක්ෂයකට අධික ප්‍රමාණයක් ජලයෙන් යටවීමෙන් හා වී, එළවලු, පලතුරු, සුළු අපනය...