අඳුරෙන් එළියට

මානව හිමිකම් කවුන්සලයේ 30/1 යෝජනාව ක‍්‍රියාත්මක කිරීමෙන් කොහොමද අපේ රටේ අනාගතයට සහ ස්වෛරීත්වයට බලපාන්නේ කියන කාරණය දේශපේ‍්‍රමී ශ‍්‍රී ලාංකිකයන් මගෙන් නිතර අහන ප‍්‍රශ්නයක්. මෙතනදි අපි එක දෙයක් පැහැදිලිවම තේරුම් ගත යුතුයි. එනම්, මෙය ක‍්‍රියාත්මක වන්නේ හෙට දවසේ නෙවෙයි. දැනටමත් සිදුවෙමින් පවතිනවා. එ් වගේම මේවායේ ප‍්‍රතිවිපාක අපි හැමෝටම පේන්න, අත්විඳින්න තිබෙනවා.

ඇමරිකාව මෙහෙයවූ මේ යෝජනාවේ ඉල්ලීම් රැුඩිකල් ප‍්‍රතිසංස්කරණ මාලාවක් තුළින් නව ව්‍යවස්ථාවක් නිර්මාණය කරමින් රටේ නීතිය බවට පත් කරමින් ඉන්නවා, 2015 දී යහපාලන ආණ්ඩුව පිහිටුවූ දා පටන් ඉතා කඩිනමින් රටේ නීති සහ රාජ්‍ය ආයතන නැවත හදමින්, කඩමින්, ප‍්‍රතිසංස්කරණය කරමින්, සංශෝධනය කරමින් සිටිනවා. මේ කරන ප‍්‍රතිසංස්කරණ කිහිපයක් අපි දන්නෙමු. නමුත් අනෙක් ප‍්‍රතිසංස්කරණ සිදු වන්නේ තිරයෙන් පිටුපසයි.

මෑත සිදුවුණු මුස්ලිම් විරෝධි කැරලි මතභේදාත්මක බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ පනත ඉක්මනට සම්මත කර ගැනීමට යහපාලන ආණ්ඩුවට කදිම අවස්ථාවක් ලබා දුන්නා. අපේම පුරවැසියන්ව පිටුවහල් කිරීමට විදේශීය අධිකරණවල නඩු විභාගවලට මුහුණ දෙන්නට මෙමගින් දැන් ශ‍්‍රී ලංකාව බැඳී සිටිනවා.

ඇමරිකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආයතනය, වොෂින්ටනයේ පදනම් වූ මූල්‍ය ආයතන වැනි බාහිර පාර්ශ්ව මේ ප‍්‍රතිසංස්කරණ පිළිබඳව දැනුවත්ව සිටිනවා.

මේ ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය තුළ ඇමෙරිකාවේ මැදිහත්වීම සෘජුව හා වක‍්‍රව සිදු වේ.
ජිනීවා යෝජනාවලිය කෙටුම්පත් කර තිබෙන්නේ වොෂිංටනයෙන්, වොෂිංටනයේදි.
මෙහි ක‍්‍රියාකරුවා ජෙෆ්රි ෆෙල්ට්මන්. ඔහු කලින් සිටියේ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තුමේන්තුව සමග. දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ මහලේකම්වරයා වශයෙන් කූට ලෙස පෙනී සිටිනවා. මොහු නිදහස් වෙළඳපොළ ධනවාදය වපුරන, රටවල විදේශ ප‍්‍රතිපත්තියට මැදිහත්කරුවෙක්. ඔහු වොෂින්ටනයට මූලෝපායික අවශ්‍යතාවයක් තිබෙන රටවල් අස්ථායීකරණය කර, පාලන තන්ත‍්‍ර වෙනස් කර, ස්වෛරී රාජ්‍යයන්, ජනවාර්ගික ගැටුම් බවට පත් කරන න්‍යාය පත‍්‍රයක නියැළි සිටින්නෙක්.

නිරීක්ෂක හා නඩු පවරන කාර්යභාරය වන්නේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයයි. බහුපාර්ශ්විකව තිබු මේ කාර්යාලය දැන් වොෂින්ටනය විසින් පැහැර ගෙන තිබෙනවා.

මානව හිමිකම් කවුන්සලයේ ශී‍්‍ර ලංකාව සම්බන්ධ 30/1 යෝජනාවලියේ පිටුපස සැඟවී තිබෙන න්‍යාය පත‍්‍රය එ් ඔස්සේ තේරුම් ගත හැකියි. මෙහි පිටුපස සිටින්නේ ඇමරිකානු විදේශ බලවේගයයි. ඔවුන් ගේ අවශ්‍යතාවය වී තිබෙන්නේ අපේ මුළු රටම ඔවුන්ගේ ගුවන් තොටුපොළක් කරමින් නැගී එන චීනය මැ`ඩපවත්වා ඔවුන්ගේ ගෝලීය ආධිපත්‍ය පවත්වා ගෙන යෑමටයි.

ආරක්ෂා කිරීමේ වගකීම නොහොත් , මැදිහත්වීමේ අයිතිය ගන්න එම යෝජනාව ගොඩනගන්නේ ඇමරිකාව කි‍්‍රයාත්මක කරන ආරක්ෂා කිරීමට තිබෙන වගකීම යන මතභේදවාදි න්‍යාය මත. මෙහි පරමාර්ථය වන්නේ ඇමෙරිකාවේ අවශ්‍යතාවලට අනුව ස්වෛරී රාජ්‍යයන්වල අභ්‍යන්තර කටයුතුවලට ඒකපාර්ශ්විකව ඇමෙරිකාවට මැදිහත්වීමේ අයිතිය නීත්‍යනුකූල කිරීම.

ඇමෙරිකාව සහ ඔවුන් ගේ බටහිර මිත‍්‍රයන් ඔවුන් ඔවුන්වම ජාත්‍යන්තර ප‍්‍රජාව ලෙස හඳුන්වා ගනිමින් ජනයාව ආරක්ෂා කිරීමට අපරාධ වැළැක්වීමට හා වළක්වා ගැනීමට ජාත්‍යන්තර ප‍්‍රජාවට අයිතියක් තිබෙන බව ප‍්‍රකාශ කරනවා. එ්ක පාර්ශ්විකව මිලිටරිමය වශයෙන් හෝ එම අයිතිය ඇති බව කියනවා.

මෙය දුර්වල රාජ්‍යයන්හි ස්වාධීනත්වයට එරෙහිව භාවිත කළ හැකි ආයුධයක්.
19වැනි ශතවර්ෂයේ අගභාගයේදි තම දරුණු යටත් විජිත යුද්ධ මෙහෙයුම් සාධාරණීය කිරීමට ඇමරිකාව හා මහ බි‍්‍රතාන්‍ය ඉදිරිපත් කළ ”සුදු මිනිසා ගේ බර” න්‍යායෙහි නූතන සංස්කරණය ඍඑදඡු. මෙය රටවල් නැවත තම භාරයට ගෙන යටත් විජිතයන් කරවීමට දරන ව්‍යාපෘතියක්.

සංක‍්‍රමණීක යුක්තිය, නිදහස් මිනිසා භාරකරුවෙකුට යටත් වීම කරන්නේ 30/1 ජිනීවා යෝජනාවලියනුයි. වොෂින්ටනයට මූලෝපායික වැදගත්කමක් තියෙන ශ‍්‍රී ලංකාව ඔවුන්ගේ භාරයට ගැනීමට මේ යෝජනාවලියෙන් තැත් කරනවා. මේ යෝජනාවලියේ ”සංක‍්‍රමණීක යුක්තිය” නියමයෙන් සඳහන් කරන්නේ ශ‍්‍රී ලංකාව නිදහස් ජනරජයකින් භාරකරුවෙකු ගේ යටතට පරිවර්තනය කර 2015 ජනවාරි 8 වැනි දා ඇමරිකාවෙන් දියත් කළ රාජ්‍ය තන්ත‍්‍ර වෙනස් කිරීම එයට ඒකාබද්ධ කිරීමටයි. යහපාලනය කියන්නෙ මෙය තහවරු කර ගන්නා ක‍්‍රමයකි. යහපාලනය කියන්නේ ඇමෙරිකානු රාජ්‍ය භාණ්ඩාගාරය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව එක් වී ගොඩනැගු වචනයක්. මෙය අපේ රට මෙන් ණයගැති තෙවන ලෝකයේ රටවල් යටත් කරන දේශපාලන කොන්දේසියක්. මෙයින් අපව සදාකාලීනව ණයගැත්තන් සහ යැපෙන්නන් බවට පත් කරනවා. එමෙන්ම එය ඔවුන්ගේ බාහිර මැදිහත්වීම් සහ ආධිපත්‍යයට හසු කරවීමට දමන අඩිතාලමක්. 1980 දශකයේ අගභාගයේ දි කඩා වැටුණු සෝවියට් බලවේග සමගම බිහි වූ ඒකාධිකාරී ලෝකයේ සිය ගෝලීය ආධිපත්‍ය තහවුරු කිරීම සඳහා වොෂින්ටනයේ මෘදු බල ආයුධයක් බවට ”යහපාලනය” පත් වුණා.

මේ යෝජනාවලියෙන් විදේශ බලවේගවලට රාජ්‍ය ආයතනවලට හා දේශීය යාන්ත‍්‍රණයන්වලට සෘජුව මැදිහත් වී පාලනය කිරීමේ අයිතිය තහවුරු කරනවා. වෙනත් තැන්වල මෙන්ම, සමාන්තර ආයතන ස්ථාපිත කිරීමත්, වැදගත් රාජ්‍ය කාර්යයන් ”පුද්ගලීකරණය” හෝ ”බාහිරකරණය කිරීම” හරහා දේශීය විරුද්ධත්වය තාවකාලිකව පරාජය කෙරෙනවා.Rule of law tools for post-conflict States, 2006 වාර්තාව මගින් මෙය හෙළිදරව් කර තිබෙනවා.

අප‍්‍රිකානු කලාපය විශ්ව අධිකරණය සංකල්පය බටහිර යටත්විජිතයක් කරන මෙවලමක් ලෙස හඳුන්වා නිල වශයෙන් ප‍්‍රතික්ෂේප කර තිබෙනවා. මෙම මතභේදාත්මක සංකල්පය ශ‍්‍රී ලංකාව විසින් පිළිගෙන තිබෙනවා. පසුගියදා පැවති ජගත් මානව හිමිකම් කවුන්සලයේ සැසිවාරයේදී ද මහකොමසාරිස්වරයා ශ‍්‍රී ලංකාවට එරෙහිව විශ්ව අධිකරණයක් ඉල්ලූම් කිරීම සඳහා රාජ්‍යයන් කැඳවීමෙන් ජාත්‍යන්තර මැදිහත්වීමකට විරුද්ධව සිටින ශ‍්‍රී ලාංකිකයන්ට තර්ජනය කළා. මේ කිසිදු බාහිර ආඥා පනතකට වඩා යහපාලන ආණ්ඩුවේ ක‍්‍රියාවලිය භයානකය. විශ්ව අධිකරණය පාදක වී තිබෙන්නේ ප‍්‍රින්ස්ටන් විශ්ව අධිකරණ මූලධර්මයටයි. මෙය නිර්මාණය කිරීමට ආරම්භිකයෝ වූයේ ජාත්‍යන්තර නීතිඥයෝ කොමිසමයි. International Commission of Jurists & ICJ එම සංවිධානයට මුලින් ඇමරිකානු රහස් ඔත්තු සේවය (CIA) අර්ධ වශයෙන් අරමුදල් දී තිබේ. එ් (CIA) පිටුපස සිටින ඇමරිකන් ෆන්ඞ් ෆෝ වී ජයුරිස්ට් යන සංවිධානය හරහායි. වර්තමානයේ දි, ICJ යැපෙන්නේ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන්, යුරෝපීය කොමිසමෙන් සහ යුරෝපයේ ආණ්ඩු කිහිපයකින් ලැබෙන අරමුදල්වලිනි.

විශ්ව අධිකරණය රාජ්‍යයකට යම් පුද්ගලයෙකුට ජන සංහාර චෝදනා සම්බන්ධයෙන් නඩු විභාග කිරීමට ඉඩ සලසනවා. මෙම ජන සංහාරය එම රාජ්‍යය දේශ සීමාව තුළ නොවුවක් වුවද, එහි අපරාධකරුවන් හෝ ගොදුරු වූවන් එම රජයේ පුරවැසියන් නොවුවන් වුවද මේ පුද්ගලයාට එරෙහිව නඩු විභාග කළ හැකිය. මොවුන් මෙය සාධාරණීකරණය කරන්නේ වධහිංසා කිරීම, බලහත්කාරයෙන් අතුරුදන් කිරීම, ජන සංහාරය වැනි අපරාධ අන්තර්ජාතික සම්මුතීන් අනුගත වීම තුළින්, ජාත්‍යන්තර අපරාධ ලෙස සලකමිනුයි.

විශ්ව අධිකරණ බලය ජාත්‍යන්තර අපරාධ අධිකරණය පවා ඉක්මවා යන්නක්. ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ බලය ආරක්ෂක කවුන්සලයෙන් පුළුල් නොකරොත්, එහි බලය සීමිතයි. නමුත් විශ්ව අධිකරණ බලය ඕනෑම අපරාධයකට අදාළ වෙනවා. ඕනෑම තැනක, ඕනෑම කාලයක, නඩුවිභාග කළ හැකියි. අපරාධකරු සිය රටට භාරදීමට කරන ඉල්ලීම් දශක ගණනාවක් වලංගු විය හැකියි. ඔහු හෝ ඇයට වෙනත් රටක ආරක්ෂිත රැුකවරණයක් ලබා දී තිබුණත්, වෙන රටකින් ඒ පූද්ගලයාට එරෙහිව නඩු පැවරිය හැකියි.

යහපාලන පාවා දීම
මේ යෝජනාවලියට සම අනුග‍්‍රහය දැක්වීමෙන් සහ එහි ඉල්ලීම් රැුවටිලිකාර ලෙස ක‍්‍රියාත්මක කිරීමෙන්, යහපාලන ආණ්ඩුව අපිව නැවත යටත්විජිතයක් කිරීමට මඟ පාදා දී තිබෙනවා.

රටේ අභ්‍යන්තර කටයුතුවලට බාහිර මැදිහත්වීමකට ඉඩ දීමෙන්, අපගේ ආයතන අසමත්, අකාර්යක්ෂම හා අප පාලනය කිරීමට අපොහොසත් යන වොෂින්ටනයේ මත අපි පිළිගන්නවා. මෙමගින් අපේ ජනතාව කුමන සමාජයක ජීවත් විය යුතුද යන තීරණය කිරීමට විදේශ බලවේගවලට අනුමැතියක් ලැබෙනවා. එමගින් පරමාධිපත්‍ය යටපත් කිරීමට; අපේ ආර්ථික ස්වාධිපත්‍යයට වළ කැපීමට; ස්වකීය දේශපාලන ස්වෛරීභාවය ක‍්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ස්වාධීනත්වය හා බහුතර ශ‍්‍රී ලාංකිකයන් අභිමානයෙන් යුතුව ජීවත්වීමට අවශ්‍ය සැබෑ ආර්ථිකය මත ගොඩනැගුණු ජීවනෝපාය නැති කිරීමට මගපාදනවා.

ඒ නිසා යහපාලන ආණ්ඩුව පිහිටුවීමත් සමගම අපේ දේශපාලන නායිකයන් ජනාධිපති වේවා, අගමැති වේවා, කැබිනට් මණ්ඩලය වේවා මහජනතාවටවත්, පාර්ලිමේන්තුවටවත් වාර්තා නොකර, සෘජුව හෝ වක‍්‍රව එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ඇමරිකාවට වාර්තා කිරීමේ නව පුරුද්දක් ඇති කරගෙන තිබෙනවා.
රටේ නායකයෝ 2015 සැප්තැම්බර් මස 30/1 ජිනීවා යෝජනාවලියට අත්සන් තබා නතර වුණේ නැහැ. ඔවුන් නැවත 2017 මාර්තු මාසේ 34/1 යෝජනාවලියටත්, මීට මාස හතරකට පෙර 2017 නොවැම්බර් මාසේ යෝජනාව මුළුමනින්ම ක‍්‍රියාත්මක කිරීම සඳහාත් ”ඉතා දැඩි” කැපවීමක් යළි අවධාරණය කළා. මේ පොරොන්දුව දුන්නේ මානව හිමිකම් කවුන්සලයේ විශ්ව කාලීන සමාලෝචනයට සහභාගි වූ ¥ත කණ්ඩායමේ නායකයා වූ ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතායි. මේ පොරොන්දුව විදේශ ලේකම් ප‍්‍රසාද් කාරියවසම් නැවත තහවුරු කිරීම මිනී පෙට්ටියට තවත් ඇණයක් ගැසුවා වාගෙයි.

ශ‍්‍රී ලාංකික ස්වෛරීභාවය යළි ස්ථාපිත කළ හැකිද?

ශ‍්‍රී ලංකාව රූකඩයක් බවට පත් කරන මග ජිනීවාහි දි ආපසු කෙසේ හැරවිය හැකිද යන ප‍්‍රශ්නය බොහෝ දෙනා කල්පනා කරන කරුණකි. එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තිය යටතේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වැනි අනුබද්ධ ආයතන ඇතුළු මහා මණ්ඩලය විසින් අනුමත කරන ලද යෝජනාවලට සාමාජික රටවල් නීත්‍යනුකූලව බැඳී නොමැත. යෝජනා බොහොමයක් ක‍්‍රියා නොකරයි. නිදසුනක් ලෙස, එක්සත් ජනපදය, කියුබාවට එරෙහිව එහි සාපරාධී සම්බාධක ඉවත් කිරීම සඳහා කැඳවන වාර්ෂික යෝජනාවන් කිසිසේත්ම එක්සත් ජනපදය විසින් ක‍්‍රියාවට නැංවුයේ නැත.

එමෙන්ම යටත් විජිත පලස්තීනය සම්බන්ධයෙන් ඊශ‍්‍රායලයට කර ඇති යෝජනා සිය ගණනින් එකක්වත් ගණනකට ගෙන නැත. එබැවින් මෙහි විසඳුම සරල, තාක්ෂණික එකකි: කළයුතු වන්නේ යෝජනාව නොසලකා හැරීම සහ ශ‍්‍රී ලංකාවේ සහාය ඇතිව කවුන්සල මණ්ඩලයේ න්‍යාය පත‍්‍රයෙන් ඉවත් කිරීම සඳහා බලමුළු ගැන්වීමයි. විශේෂයෙන්ම, මෙය අර්ථවත් වනු ඇත්තේ, ශ‍්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් හෝ අනාගත සැසිවාරයේදී කාරණය සලකා බැලීමට අවශ්‍ය වන පනතේ විධි විධාන නොමැති වීමයි. කෙසේ වෙතත් අපගේ ගැටලූව තාක්ෂණික ගැටලූවක් නොවේ; එය දේශපාලනමය ගැටලූවකි. එම නිසා දේශපාලන විසඳුමක් අවශ්‍ය වනු ඇත. ශ‍්‍රී ලංකාවේ ජනතාව මේ විපතට පත් කළේ ඇමෙරිකානු රජය නොව යහපාලන ආණ්ඩුවයි. මේ යෝජනාවට අපි බැඳී සිටින්නේ යහපාලන ආණ්ඩුව මෙයට බැඳී සිටීමට ඇති අවශ්‍යතාව මත පමණි.

ඒ අනුව, ගැටලූව පවතින්නේ අපේම භූමිය තුළයි; මෙය ක‍්‍රියාත්මක කරන්නේ අපගේ භූමිය තුළයි. එම නිසා, මෙයට එරෙහි විය හැක්කේත්, එරෙහි විය යුත්තේත් අපේම භූමිය තුළ සිටයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

එජාප නායකත්වයෙන් නව සන්ධානයක්… ලකුණ දියමන්තිය

එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ පක්‍ෂ ගණනාවක නියෝජනයක් සහිතව ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා සන්ධානය’ නමින් නව පුළුල් දේශපාලන සන්ධානයක් ඉදිරියේදී ...


Read More

TNA එක රනිල්ව ප්‍රාණ ඇපයට අරගෙන – මහින්ද (Video)

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව පාලනය කිරීමේ ‘රිමෝට් එක‘ දෙමළ ජාතික සන්ධානය අතට පත්ව ඇති බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවස...


Read More

මෛත්‍රී – මහින්ද සමගියට ගැහුවොත් අපිත් ගහනවා – ජාතික සංවිධාන

ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් දිවයින පුවත්පතට සහපාය තිබූ ලිපියක් පිළිබඳ අදහස් විමසීමේදී ඒ මහතා එසේ සදහන් ක...


Read More