විදේශ පුවත්

ශී‍්‍ර ලංකා යුද්ධ හමුදාවේ විශේෂ බළකාය සතු විශේෂ සංග‍්‍රාමික යතුරුපැදිකරුවන් රුසියන් හමුදාවේ නොමැති බවත් ඉදිරියේදී ශී‍්‍ර ලංකා හමුදාවේ සහාය ඇතිව රුසියානු හමුදාවේද විශේෂ සංග‍්‍රාමික යතුරුපැදි කණ්ඩ ස්ථාපිත කිරීමට සැලසුම් කරන බවත් රුසියන් හමුදාවේ ගුවන් සංක‍්‍රමික බළසේනාවට අයත් ෆැරෝවි ( ත්‍්රරදඅඅ) නිලධාරියා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ පුුපුරන ද්‍රව්‍ය ගබඩාවක් වැටලීමට ඊයේ (10 දා* පෙරවරුවේ පුල්මුඬේ නගර මධ්‍යයේ පැවැති දියකාවා යුද අභ්‍යාසයේ නිදර්ශනයකට සහභාගි වීමෙන් පසුව අදහස් දක්වමිනි.

එහිදී ඔහු මෙසේද පැවසීය. ශී‍්‍ර ලංකා යුද හමුදාවේ විශේෂ බළකායේ විශේෂ සංග‍්‍රාමික යතුරුපැදිකරුවන්ගේ හැකියාවන් විශිෂ්ටයි. මෙවැනි පුහුණුව ලත් කණ්ඩායමක් රුසියානු හමුදාවේවත් නැහැ. ඉදිරියේදී ශී‍්‍ර ලංකා හමුදාවේ සහාය ලබාගෙන රුසියානු හමුදාවේ විශේෂ සංග‍්‍රාමික යතුරුපැදි බළඇණියක් ආරම්භ කිරීමට අදහස් කරනවා.

‘දියකාවා’ යුද අභ්‍යාසයේ දසවන දිනය වූ ඊයේ (10 දා* පෙරවරුවේ පුල්මුඬේ නගරයේ තට්ටු දෙකක ගොඩනැගිල්ලක ඉහළ මාලයේ පුපුරන ද්‍රව්‍ය ගබඩාවක් පවත්වාගෙන යන බවට ‘දියකාවා’ යුද අභ්‍යාස මුලස්ථානයෙන් ලද තොරතුරකට අනුව යුද හමුදා විශේෂ බළකායේ විශේෂ සංග‍්‍රාමික යතුරුපැදිකරුවෝ 16 දෙනෙක් වැටලීම් සිදුකිරීමේ විශේෂ යුද අභ්‍යාසයක් සිදුකළහ.

‘දියකාවා’ යුද අභ්‍යාසයට ති‍්‍රවිධ හමුදා සාමාජිකයෝ 2845 දෙනෙක්, විදේශ හමුදා සාමාජිකයෝ 70දෙනෙක් සහ නිරීක්‍ෂණ නිලධාරීහු 11දෙනෙක් සහභාගි වී සිටියහ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

මහා වැස්සෙත් ආබාධිත රණවිරුවන් උපවාසයේ.. ජාත්‍යන්තර බලපෑම් නිසා ආණ්ඩුව මුණිවත රකින බවට චෝදනා

තම විශ්‍රාම වැටුපට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා අධික වර්ෂාව නොතකා ආබාධිත රණවිරුවන් කොටුවේ දුම්රිය ස්ථානය අසල අද හත්වන දිනටත් සිය උපවාසය පව...


Read More

ජවිපෙ ගෙන එන බවට රාජිතගෙන් සහතිකයක්: ජවිපෙ ‘සීනුව’ ලකුණ අතහරී!

ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස ඉදිරිපත් නොකර කතානායක කරු ජයසුරියව ඉදිරිපත් කරන්නේ නම්, ජනතා විමුක්ති පෙරමුණේ සහය ඔහුවෙත ලබා ගැ...


Read More

පොහොට්ටුවේ කණ්ඩායම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදිහට තියන් ඉන්නේ අපි-ජනපති

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධූරයන් තවමත් ආරක්ෂා වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීරණය...


Read More