ව්‍යාපාරික පුවත්

රී ලංකා රුපියල අවප්‍රමාණය වීම වළක්වා ගැනීම සඳහා මේ වසරේ ජනවාරි මස සිට මේ දක්වා ඇ.ඩො. මිලියන 184ක් වෙළෙඳ‍පොළට නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතා සඳහන් කළේය.

මීට අමතරව රජය සමග එක් වී ක්‍රියාමාර්ග රැසක් ගනිමින් රුපිය‍ලේ අගය ස්ථාවර කර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇති බවද කීවේය.

ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේදී ඊයේ (2) පැවැති මාධ්‍ය හමුවකදී කුමාරස්වාමී මහතා මේ බව සඳහන් කළේය.

මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් තවදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේ අපනයනය මෙන් දෙගුණයක් ආනයනය කිරීම රුපියල අවප්‍රමාණය වීමට ප්‍රබල හේතුවක් වී ඇති බවය.

විදේශ විනිමය පිටරටට ඇදීයාම වැළැක්වීම සඳහා අපි රජයත් සමග එකතුව වාහන ආනයනය සීමා කර තිබෙනවා. ඒ වාගේම අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයටත් දැඩි කොන්දේසි පනවා සීමා කර තිබෙනවා. මෙමගින් රුපියල අවප්‍රමාණය වීම වළක්වා ගන්න පුළුවන්. එහෙම කරන්න බැරි වුණොත් අපිට තවත් පියවර කීපයක් ගන්න සිද්ධ වේවී.

සමහර අය රුපියල අවප්‍රමාණය වීමෙන් රටේ සමස්ත ආර්ථිකය අවුල්වන බවට කරන ප්‍රකාශ නිවැරදි නෑ. අප රටේ වගේම වෙනත් රටවල්වලත් ඒ රටවල මුදල් අවප්‍රමාණය වී තිබෙනවා.

මේ තත්ත්වය වළක්වා ගන්න අපේ ‍පොලී අනුපාත ඉහළ නොදමන්නේ ඇයි කියලා සමහර අය ප්‍රශ්න කරන්න පුළුවන්. අනෙක් රටවලට සාපේක්ෂව අපි ‍පොලිය ඉතා ඉහළ මට්ටමක පවත්වා ගෙන යනවා. ඒ නිසා දැනට ඇති ‍පොලී අනුපාත වෙනස් නොකරන්න මුදල් මණ්ඩලය තීරණය කළායැයිද මහ බැංකු අධිපතිවරයා කීවේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවට සූදානම්!

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය හා ශ්‍රී ලංකා මුස්ල...


Read More

117ගන්න සහාය දුන් දෙමළ සන්ධානයට රනිල් දුන් පොරොන්දුව

අලුත් ව්‍යවස්ථාවක් තුළින් උතුරු නැගෙනහිර ගැටලුව සම්බන්ධයෙන් සෑම දෙනාටම පිළිගතහැකි විසදුමක් ලබාදෙන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රම...


Read More

‘‘ජනතාවට තියෙන එකම විකල්පය ජනමත විචාරණයක් ලබා ගැනීමයි’’ ආචාර්ය ගුණදාස අමරසේකර මහනායක හිමිවරුන් බැහැදකිමින් කියයි (Video)

ජාතික සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු ගුණදාස අමරසේකර මහතා අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන් ඇතුළු කාර්ක සංඝ සභාවේ හිමිවරුන් අද දින බැහැ දු...


Read More