ව්‍යාපාරික පුවත්

රුපියල තවත් බහී

June 4, 2018 8:15 pm | Lanka Lead News

රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් පසුගිය සිකුරාදා (1) ඩොලරයට සාපේක්ෂව 159.61 ක් දැක්වුණු රුපියලේ අගය අද (4) ඩොලරයට සාපේක්ෂව 159.84ක් දක්වා පහළ ගියේය.

ඉකුත් පෙබරවාරි 10 වැනි දා සිට අඛණ්ඩව පහත වැටෙමින් තිබෙන රුපියලේ අගය මෙතරම් අගයකට පහත වැටුණු පළමු අවස්ථාව මෙය විය.

මේ වසරේ ජනවාරි 1 වැනි දා ජූනි 1 වැනි දා දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල 3.3කින් අවප්‍රමාණය වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

එම කාලයේදී ස්ටලිං පවුමකට සාපේක්ෂව රුපියල 2.1කින් ද යුරෝවකට සාපේක්ෂව 1.3කින් ද අවප්‍රමාණය වී තිබේ.

රුපියල වැඩි වශයෙන් අවප්‍රමාණය වූයේ අප්‍රේල් මස අගදී සහ මැයි මස මුලදී යැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේ තෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය නිකුත් කරමින් ඉකුත් (11) සඳහන් කළේය.

පසුගිය වසරේදී රුපියල සියයට 2.5කින් සහ 2016 වසරේදී රුපියල සියයට 3.9කින් අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවල දැක්වේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

‘විජිත සමග බලය’ ගම්මන්පිලගේ අභියෝග හමුවේ විජිත පසුබසී….ගම්මන්පිල ‘20 විවාදය’ දිග්විජය කර එයි…(Video)

පසුගිය බ්‍රහස්පතින්දා දින හිරු නාලිකාවේ පැවති බලය දේශපාලන සංවාදය කාගෙත් වැඩි අවධානයට ලක් විය. ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කරන...


Read More

තුන්වන රණවිරු දඩයම් පනත පාර්ලිමේන්තුවට… ආණ්ඩුවේ සැළසුමක් ගැන මහින්දගෙන් නිවේදනයක්

වත්මන් ආණ්ඩුව විසින් 2002 අංක 25 දරණ සාපරාධී කාරණාවලදී අන්‍යොන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුව...


Read More

ඥාණසාර හිමි වෙනුවෙන් සංඝ සභාව රැස්වෙයි… මහා නාහිමිවරු ඒකාබද්ධ නිවේදනයකට සැරසෙයි

සිරගත කර ඇති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සම්බන්ධයෙන් ඉදිරියේදී සිය කාරක සංඝ සභාව රැස්වී තීරණයක් ගන්නා බව අස්ගිරි මහා විහාර පාර්ශවය ක...


Read More